Friday, February 22, 2013

හලාල් එපා මේ දවස් වල සමාජවාදි ප්‍රශ්ණය මෙයයි ගිනිගොඩක් ලෙස නොපෙනුන්ද යටින් දැවෙනා ගිනි ගොඩකි.

"බුදු හාමුදුරුවෝ වඩිය කූරගල මුස්ලිම් පල්ලි හදලා සෙල්ලිපි වලට සාන්ද්‍ර ඇසිඩ් හලලා"
"හලාල් කන්න එපා'"නෝලිමිට් යන්න එපා""ළමයි හදන්න"


මේ දවස් වල මේ වචන උදේට පායනා ඉර මෙනි එකදු යමක් හෝ කන වැකේ.
සිංහලා හරි හපනාය ඔවුනට වතුර හැලිය නටන බැව් දැනී තිබෙන්නේ දැන්ය.මේ කකුළු නීතියයි වතුර නටනා තුරාවට රජ සැපය.



මගේ අරමුණ කතාවක් කීමටයි මන් ඔබට යමක් කියන්නම්  මදක් සිටින්න ඒ දමිල මිනිසා මට පැවසූ දෙය ඔබට  කියන්නට මා සිත ඉඩ නොදේ එය එතරම් භයානකයි.නවතින්න මේ තවත් සිංහල බෞද්ධයෙක් ඔහුගේ කතාව මන් කිව යුතුයි.මේ ඒ කතාව

ඔහුගේ කාරයේ එක් ආසනයක මිනිසෙක් ඔහුත් සමග ගමන් කරයි.ඇත්තෙන්ම ඔහු අන්‍යාගම් කාරයෙකි කොටින්ම කියතොත් ඔහු මුස්ලිම් මිනිසෙකි.අනුන්ගේ කතාවල් ඇසීම හොද පුරුද්දක් නොවේ නමුත් මන් දැන් ඒ කතාවට කන යොමු කරමි.

මුස්ලිම් මිනිසා මන් මොහොමඩ් ලෙස හදුන්වන් නම් මොහොමඩ් මෙලස් පවසයි.

"අර අපේ ගෙවල් ලග තියනවා නේද පන්සල චෑ වැඩක් නෑ අප්පා හාමුදුරුවෝ මට කියලා නේ බයිට් එකයි බොතලෙයි ගෙන්න ගන්නේ ඔන්න ඔයාලගේ පන්සල් බලන්ඩ බෞද්ධයෝ"


මොහොතක් සිතන්න ඔබට මෙලස අන්‍යාගම් කාරයෙකු (වෙනත් ආගම කෙනෙකු) පැවසුවොත් ඔබ කුමක් කියනවා ද?.......ඔබ මෙන් මේ සිංහලයා නිරුත්තර වුයේ නැත.ඔහුගේ මුව සිනහවකින් සැරසිනි.

මොහොමඩ් ඔක නෙවේ ගෞතම බුදුරදුන්ගේ දේශන අමනාපයක් නැත්නම් මන් පැහැදිලි කරන්නම්,

අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.,,,

කෙනෙක් දිහා බලනවානම් බුදු කෙනෙකු දිහා බලන්න ගෞතම බුදු කෙනෙකුගේ කල්ප ගනනක් ගෙන බැලුවාත් නිරවුල් හා නිවරදි
දෙයක් දිහා බලනවානම් ගෞතම වහන්සේ නම්ක් දේශනා කල ධර්මය සරණ කොට ගෙන බලන්න ධර්මයෙන් බලන්න
සංඝයා වහසේ නමක් දිහා නොබලන්න පිරිසක් දිහා බලන්න


ඔයාට මන් කියන දේ තේරෙනවාද මන් තවත් තේරුම් කරන්න ද?..... සංඝයා වහන්සේ නම්ක් වෙන්නේ සාමානය ගිහිගේ වාසය කරන කෙනක් ඒ කියන්න අපි වගේම කෙනක්.

කාරය තුල නිහඩතාවයකි .....

ඒ නිහඩ තාවය අතර තුර පාඨකය මා ඔබ අමතන්නම් කල යුත්තේ නිවරදිව ධර්මය අවබෝධ කර ගැනීමයි එයම සරන කොට ගන්න.මන් හිතන්නේ මොහොමඩ් කතා කරන්න යන්නේ අපි අහපු ඒ කතාව දැසට සවන් යොමු කරමු.

ඔයාලා වදින්නේ නිකම්ම නිකන් මැටි ගෝඩකටනේ ඒක කට හරි ඕනි විදිහට හදලා තියෙන්නේ...!

ඔහුගේ මුව තුල නැවත් සිනහ ‍රැල්ලක්.
මොහොමඩ් ඒ පිලිම මැටි විතරක් නෙවේ ඔහ හිත් පිත් නැති ගල් වලිනුත් කරලා තියෙන්නේ..ඒ පිලිමයට දත් නෑ හොඩ නෑ ඔ‍ටුනු නෑ වැඩිපුර අත්පා නෑ ඒ නිසා ඒක දැක්කාම බය හිතෙන්නේ නෑ.සාමාන්‍ය මිනිසෙක්මයි නමුත් කාම ආශාවක් හෝ වෙනත් කිසිම ආලයක් උපදින්නේ නෑ එකම දෙයයි හිත් පිත් නැති ගලින් කල පිලිමයක් ලග වුවත් ඔබට ශන්ත නිදහස් බවක් දැනෙයි හිතට සනයක් දැනෙයි.ඔබ සරණ යන්නේ දර්මය මිසක් ඒ පිලිමය නෙවේ.වන්දනා කරන්නේ නොපෙනෙන් දෙයක් නෙවේ කිසිම ඉල්ලිම නෑ.

නැවතත් කාරය තුල නිහඩියාවක්..දයාබර පාඨකය මා ඔබ අමතන් නම්..නැත අවශ්‍ය නැත් මා දැන් ලිපිය නිමා කරමි.

27 comments:

  1. උබට මොක්ද වෙලා තියෙන්නේ ඇත්තටම හිතා ගන්න බැ ලියන්න ගත්තාම ලියනවා ඇත්තෙන්ම හිතන්න වටින කතාව

    ජය වේවා!!!

    ReplyDelete
  2. මන් නම් හිතන්නේ මේ ලිපිය ගැන වැඩි අවදානයක් යොමු කල යුත්තේ බෞද්ධයෝ . ඔවුනොවුන්ගේ වගකීම හරිහැටි තේරු ගන්නත් ආගම ගැන දැන සිටීමේ අවශ්‍යතාව යහමින් කියවෙනවා.

    බුදු සරණයි!!

    ReplyDelete
  3. නියමයි..මේක තමා ඇත්ත.
    අන්‍යාගමිකයෝ විතරක් නෙවේ අවාසනාවට අපේ බෞද්ධයෝ බහුතරේකුත් වටහා නොගන්නා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. බෞද්ධ බහුතරයක් නෝදන්නා ඇත්ත ඒක තම ගැටලුව

      Delete
  4. මාත් එදා කථා කරපු දවසේ කීවෙත් මේ ටික තමා, මහේෂ් ගේ කථාවට 100% නෙමෙයි ඊටත් වඩා එකඟයි.

    ReplyDelete
  5. කෙනෙක් දිහා බලනවානම් බුදු කෙනෙකු දිහා බලන්න ගෞතම බුදු කෙනෙකුගේ කල්ප ගනනක් ගෙන බැලුවාත් නිරවුල් හා නිවරදි
    දෙයක් දිහා බලනවානම් ගෞතම වහන්සේ නම්ක් දේශනා කල ධර්මය සරණ කොට ගෙන බලන්න ධර්මයෙන් බලන්න
    සංඝයා වහසේ නමක් දිහා නොබලන්න පිරිසක් දිහා බලන්න

    ජය වේවා!!!

    ReplyDelete
  6. බුකි වීරයෝ මේවා කියෝන්න එන්නේ නැහැ බන් , උන්ට මේවා වහ කදුරු වගේ

    ReplyDelete
  7. අදයි සැට් වුනේ. ජය පතමි !

    ReplyDelete
    Replies
    1. නෑ............ අදද අවේ ඒ උනාට සෑමෝ මම නම් ඒ පැත්තේ නිතර යන එන මනුස්සයෙක් :)

      Delete
  8. අන්‍යාගමිකයෝ කියන වචනයම ඇතුලේ ලොකු discriminate එකක් තියනවා නේද? මෙහෙම ඔයා ලියන කොට සිංහල බෞද්ධ හැර වෙනත් ආගමක කෙනෙක් මේක කියෙව්වම එයා අන්‍යාගමිකයෝ කියන අර්ථය ගන්න ඕනා මේ කියන්නේ තමන් ගැන කියල. එතකොට ඔයා හිතල බලන්න භාෂාව එක පිරිසක් වෙනුවෙන් විතරක් භාවිතා කරන එක වරදක් කියන එක පවා අපිට නොතේරෙන තරමට අපි අන්ධ වෙලා.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා වචනය නිවරදි අන්‍යාගම් අදහස වෙනත්-ආගම් කියන එකයි එතකොට තමා නියෝජනය කරන ආගම හැර අනෙක් ආගම්.
      ඔබ හිතනවාද එම වචනය භාවිතය වැරදී කියලා නෑ එය නිවරදි වෙනත් ආගමිකයකු අපට අන්‍යගම් කාරයන් වේ ඔහු නිවරදී ඔහුගේ ආගමින් පිට නේ.

      Delete
    2. Mahesh Buddika Dahanayaka
      හොඳයි මම ලියනවා වාක්‍යයක්
      "අන්‍යාගම් භක්තිකයින් ඉන්නේ මිත්යා විශ්වාශ වල පැටලිලා"කියල. එතකොට මොකද්ද අර්ථය? භාෂාවක් කියන්නේ කියවන අයට සමාන අර්ථ දෙන්න තියන එකක් මිස එක එක ආගම් වල අයට එක එක අර්ථ දෙන්න තියන එකක් නොවෙයි, ඔයා මීක නිවරිදියි කියල කියන කොටම අපි ජාතියක් ලෙස මොන තරම් මෝහයෙන් වෙලිලද ඉන්නේ කියන එකයි කියවෙන්නේ.
      ඇමරිකාවේදී කවුරුහරි කිව්වොත් අන්‍යවර්ණ මිනිස්සු කියල මේ වගේ කාලෙක මොකද්ද හිතන්නේ කළු ජාතිකයින්ද සුදු ජාතිකයින්ද?
      කරුණාකර ඔබ නිවරිදියි කියල ආයිත් හිතනවා නම් මේ වගේ වචන සිංහල බෞද්ධ අධිපතිවාදී වචන නොවෙයි කියල කරුණාකරලා තර්ක කරන්න එපා ඔයා ඔහොමම යන්න. මගේ මතය මං තියගන්නන් අවුලක් නෑ.සමාවෙන්න

      Delete
    3. අදහස හොඳයි, පැහැදිලි මදි.....!

      Delete
    4. උදිත පුලුවන් නම් තව දුරත සාවධානව ටික්කක් පැහැදිලි කරන්න ඔබේ මතය.

      Delete
  9. අත්‍යන්තයෙන්ම විශිෂ්ටයි සහෝදරයා! අපේ ආචාරය ඔබට!

    ReplyDelete
  10. මම දැකපු කියවපු වැදගත් හරවත් ලිපි කිහිපය අතරට ඔබේ ලිපියත් පත් විය.ස්තුතියි ඔබට.

    ReplyDelete
  11. හැබැයි ඉතින් බෞද්ධ දර්ශනයේ මූලික කරුනුවත් නොදන්නා අය තමයි 'අපි බෞද්ධ' කියලා බෝඩ් ගහගෙන දඟලන්නේ. ධර්මය කියලා මේ ලෝක වැටහීමක් ඒ බොහෝ දෙනෙකුට නැහැ.

    බොහොම හොඳ ලිපියක්. ඇගයීමට ලක්කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මා ඔබේ blog එකට් නිතර පැමිණියත් අද දාපු ලිපියේ අරමුණ නම් හරියට පැහැදිලි නැහැ.සිල් නොරකින භිෂුන් ගැන හෝ සතර පාරාජිකාවන්ගෙන් එකකට හෝ පැමිණ තම භික්ෂු තත්වය කෙළසා ගත් අය ගැන ලියන්න ඕන නම් එකට ඕන තරම් උදාරණ ත්‍රිපිටකයේ විනය පිටකයේ තියෙනවා. අන්තර්ජාලයෙන් ඒක බලන්න විතරයි ඕනෑ. මට හිතෙන්නේ අවුරුදු 2600 කට පෙර බුදුන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ මෙතරම් වැරදි කල භික්ෂුන් වහන්සේලා සිටියා නම් අද ඔබ පෙන්වන තත්වය ඉතා සුළු දෙයක් බවය. ඔබ අවධානය කිරීමට තැත් කරන භික්ෂු සමාජයේ ඇතැයි කියන වැරදි ගැන ඔබේ අවසාන නිගමනය ඉදිරිපත් නොකර එතැන හිස්ව තබන්නේ comments මගින් තව දුරත් භික්ෂුන් වහන්සේලා විවේචනය කරවීමටද?
    මුස්ලිම් මිනිහාට දීපන්කො උත්තර යන ඔබේ හෙඩිමට මට කියන්න තියෙන්නේ "අන්වර් මනතුංගට පිළිතුරු" කියන blog එක බලන්න කියල විතරයි.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. නෑ සහෝදරයා මගේ මේ ලිපියේ අරමුණ වෙනත් ආගමක අදහන කෙනකු අපගේ දර්මය දකින්නේ භික්ෂුන් වහන්සේලාගෙන් කියන එක එක පැත්තක් අනෙක් ප්‍රධාන කරුණ නිසි අවබෝධයයි බෞද්ධයකු වශයෙන් වැදගත් කියන දේ පැහැදී කරීම.

      "වහන්සේ නමක් දිහා බලනවනම් නම් පිරිසක් දිහා බලන්න"
      මන් හිහන්නේ ඔබ නැවත ලිපිය කියවා බලන්න උත්සහ කලොත් හොදයි.

      Delete
  14. තවමත් බෞද්ධ භික්ෂුවට ලජ්ජාවක් කියා දෙයක් තිබීම අගය කල යුතුයි.
    බෝතල් හා බයිට් සැපයීම රහසේ කල හැකි බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව පැන නැගී ඇත. බෝ (බෝතල්) බ (බයිට් ) බෝ බ රහසේනා වැනි නමක් යෝජනා කරමි. .

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya