Friday, January 11, 2013



මේ සිනහ පිරුණු මුව කවුදැයි කියා අප දන්නේ මෑතකය නමුත් ඈ කවුදැයි දන්නෝ දනිති.කෙසේ වෙතත් අද වන් විට ඈගේ සැනකිලි මාසයක් බවට වසරාආරම්භයක් බවට මෙම වසර පත්ව අහවර.අද ශ්‍රි ලංකා ජනරය මහමග වසන්නා වූ දුගී මගින්ද (ප්‍රසිද්ධියේ සිගා කෑම ශ්‍රි ලංකාවේ තහනම්ය.එය හරිය වැල සයිට්  තහනම් සහ අන්තර්ජාලයේ ඒම අඩවි බ්ලොක් කර ඇතැයි කියූ රාජයක් ගිනිපෙත්තටම ගූගල් වාර්ථා ගැසූ කථාව සේ විහිලු කතාවක් පමණි. ) ඈ කවුදැයි දනි.මේ දවස් වල කෑ ගහන මෙතුමිය කවුදැයි මා සොයා බැලීමක් කලාය.මේ මට සමුවූ තොරතුරුය.
 ________________________________________________________________________________
උපත - 1958 කුරුණෑගල දී.
මව - ෆ්ලෝරා බණ්ඩාරනායක.
පියා - විල්සන් බණ්ඩාරනායක
පාසල් අධ්‍යාපනය - ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලය,, කෑගලු බාලිකා ම. වි., තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය.
උසස් අධ්‍යාපනය - කොළඹ විශ්වවිද්‍යාලය, නීති පීඨය, නීතිය පිළිබඳ දර්ශන උපාධිය, නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය.
තනතුරු - කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨය,
 සහකාර කථිකාචාර්ය,
 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
 නීතිපීඨ අංශාධිපති,වැඩබලන උපකුලපති
 නීතිය පිළිබඳ මහාචාර්ය.
________________________________________________________________________________

                      මේ තොරතුරු සොයා බැලූ විට දැන ගන්නට ලැබූ තවත් දෙයක් නම් ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණියමෙන් ලක්දරණ කල "ගැහැණිය" උඅසස් කිරීමට දායක වූ කටයුත්තක් මෙතුමියද කර ඇති බවය එනම් 2011 වසරේ මැයි මස 18 වන දා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ලෙසින් දිවුරුම් දුන්නා ය. ඒ හතළිස් තුන් වන අගවිනිසුරුවරිය ලෙසින් පමණක් නොව ලක්දිව ප්‍රථම අගවිනිසුරුවරිය වශයෙනි. යුක්තිය පසිඳලන අධිකරණයේ තනතුරක් ලැබීම පෙර පිනක් සේ නොසිතුවත් එය කෙනෙකුගේ අනාගතය විසඳන වගකීම් සහිත තනතුරකි. අපේ රටේ අධිකරණ ඉතිහාසය ඉතා විමසිල්ලෙන් බලන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවිය දැරූ විවිධ පුද්ගලයන් ගැන විවිධ කතාබහ ඇත. ඒ කතාබහ වැඩිපුර පවතින්නේ තනතුරේ සිටියදී දෙන තීන්දු මත නොව තනතුරෙන් විශ්‍රාම ගිය පසු හැසිරෙන ආකාරය අනුවය.කෙසේ වෙත දැන් හරි අපූර්වත සිදිවීම් පෙලක් සිදුවේ.

 මේ සියල්ලේම මුලුක විස්වාසය පලුදු වීමකි.මා ලද දෙනුවත් වීම් අනුව ඇයට කන කොකා හඩන්නට පටන් ගත්තේ උත්තරීතර තනතුරේ සිදු අවිස්වාසය නිසාවෙනි.එක්තරා මෘද්‍රිත මාධයක පලවූ අන්දමට එහි මූල බීජය මෙසේ වන්නට විය















ඕනෑම රටක ඉහළතම ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරියා වන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා ය. එවැනි පුද්ගලයෙකුගෙන් මුළු රට ම ඉතා ඉහළ මට්ටමේ හැසිරීමක්, විනයක් සහ යහපත් ක්‍රියාපටිපාටියක් බලාපොරොත්තු වනු ඇත. එහෙයින්, එම ධූරය දරන පුද්ගලයෙකු ඉහළතම අවංකභාවයක් අනුගමනය කළ යුතු ය. 

එපමණක් නොව, එම තනතුර දරන පුද්ගලයෙකු විසින් සමහරවිට මනුෂ්‍යයෙක් හැටියට ඉඳහිට වරදක් සිදු වූවත්, ඕනෑකමින් විනය කඩකිරීමක් හෝ දූෂිත ක්‍රියාවලියක යෙදීමක් කිසි විටෙක සිදු නොකළ යුතුය. එමෙන්ම, ඒ පුද්ගලයා තමාගේ ක්‍රියාපටිපාටිය ගැන කිසිදු ප්‍රශ්නාර්ථයක් මතු නොවන්නට ද, සැලකිලිමත් විය යුතු ය. 

ඊට අමතරව, තම මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කිසිදු විෂමතාවයක් නොමැතිව කටයුතු කිරීමට ද අගවිනිසුරුවරු වග බලා ගත යුතුය. තත්ත්වය මෙසේ තිබියදී, වර්තමාන අගවිනිසුරු තුමිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එවැනි තලයේ ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකරන බව ඉතා පැහැදිලිය. 


ඈ රටේ උත්තරීතර නීතිය සුරකින්නිය වන විට ඈගෙන් මෙසේ "මල්ලෙන් එලියට පනින්නා වූ බළලා" කවරකුදැයි විමසිලිමත්ව බලා සිටින්නට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හැකි විය.
 ඔය කියන්නා වූ පර්ලිමේන්තුවද  ඈද ශ්‍රේෂ්ඨාධිකරණ ය මේ ආකාරයෙන් ගැටෙන්නට වුයේ රටේ මහජනතාවට වෙනත් කිසිම දෙයක් නැත යන හැගීම් මුදුන් පත් කොටගෙනය.එක් එක්කනා ගන්න තින්දු ප්‍රකාශයට පත් කරයි.

මධ්‍ය තම වගකීම් නොවඩුව ඉ‍ටු කරමින් තප්පරයෙන් තප්පරය එවා වාර්ථා කරයි.ඈට පක්ෂ විපක්ෂව හුදෙක් සාමානය ජනයා යැයි කියමින් උත්ගෝසන කරති.සමහරකු සම්හරකුට  ප්‍රසිදිධියේ පොලු ‍රැගෙන විත් පහර දෙති එහෙත් ටෙලිවිෂනයෙන් කට නොගෙන  මහජනයා මේ විකාර ‍රැගිලි බලා සිටි.තවකෙකු අමේ මහින්ද මාමාට ජය වේවා! යැයි කෑ ගසති.පාර්ලිමෙන්තුව  සති ගනන් ‍රැස් වී විවාද කරති.

එහෙත් එකකුට හෝ ගායක් නැති ලංකාවට හදිසි තත්ව ප්‍රකාශ කිරීමට අවසි නොවේ ඒ ලොක්කන් වෙනම වැඩ වල නිසාවෙනි එවා වැදගත් අපේ  ගම්වලට මදි නොකියන්ට වර්ෂාවෙන් හානි ය.ඒවා ගානක් නෙත් ඒවා ඉවසා මහ ජනයා මරග ‍රැගුම් බලා සතු‍ටු වේ!

හොද ලිපියක් -http://www.dinamina.lk/2011/05/23/_art.asp?fn=f1105234&p=1

3 comments:

  1. u have seen/heard only one side of the story mate!!!!

    ReplyDelete
  2. මේ වෙලාවේ රටක් හැටියට නම් කල යුත්තේ මේ මගුල පසක දමා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැප වීමයි

    ReplyDelete
  3. හොඳ විවරණයකට අත්තිවාරමක් මේ පෝස්ටුව

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya