Tuesday, December 25, 2012

රෙදි අදින්නේ නැති ඇමතිවරු සිටිනා රට




දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්නට සැම දෙනා කැමතිය.බොහෝ දෙනාට දැන් රටේ අනාගතය කොහේවත් යන දෙයකි එයට හොට දමා කිච වෙන්නට අකමැතිය.අපි අපේ පාඩුවේ සංකල්පයට හෙන හැසිය යුතුය.
       අද වන් විට ලංකාවේ විභාග දෙපාර්මේන්තුවත් , එය මෙහෙය වන විභග කොමසාරි අධ්‍යාපන ඇමතිත් උසස් අධ්‍යාපන ඇමතිත් සියළු දෙනා දූර වල වැඩ බාර ගෙන තිබෙන්නේ නොනගතේය ඔහුන් අත ගසන ගසන හැම වැඩක් ම කනපිට ය.කැරට් අලයක් සුප් එකකට දමන්නාක් මෙන්  අධ්‍යාපනය පෙති ගැසීය දැන් එවා සුප් එකේය  දැන් සුප් එකේ කැරට් කෑලි නැත.එවා ද දියව යන තරමට  හැදිගා අවසන්ය.වසරේ එක් එක් කාලවලට නටන්නට  හොද නාඩගම් ගොඩක් මොවුන් සතු විය.මේ වසරේ නටා අවසන් වු පසු දැන් ඇගේ නූල් පටක් වත් නැත ඒ ත්‍රමටම ලාංකීය අධ්‍යාපනය අද නිරුවතිනි.
             විෂ්ව විද්‍යාල ශිෂයෝ සුපුරුදු ලෙසම වසරේ සැමදාම හොයනා විදිහට විසදු ම් සෙවීය නමුත් මධ්‍ය හමු දෙක තුනකින් ඒවා අහවරය.ආචාර්යය මාහාචාර්යයවරුන්ටද  ඒ බයිලාව එසේ ම ගැසීය. උසස් පෙළ අහවර කර ගත්තාට ප්‍රථිපල තවමත් ප්‍රොසෙසින්ය.පේපර් ඇති වූ අඩුපාඩු වලට ලේබලයක් ආලවා මාරු වුනාට මෙවර ප්‍රථිපල වලට කෙලවන්නට ආමාරුය  ගියවර කෙලවා ගත් හරිය  හොද පදමට ඇතිය අන්තිමට ප්‍රථිපල එලියට ආවාට යමෙකුට සිදුවූ අසාධාරණය කියා ගන්නට  කෙනෙක් නැති ඒවා කීවට පලක් ද නැත.මාධ්‍ය ඒවා කියන්නට වලි කන්නේද නැත එවා ලියා කියා නිකන් නෝන්ඩි වනවාට වඩා චන්ද ‍රැස්වීමක් පෙන්වා ලියා සම්මානයක් ගන්නට ඔවුනුත් කැමතිය.
 
      2011 උසස් පෙළ ලියා සමත් වූවෝ තවමත් විශ්ව විද්‍යාල සිහිනයට හූල්ලයි.වෛද්‍යවරු ඉන්ජිනේරු සිහින හැබෑ කරගත වුන් කරගන්නට දෙයක් නැතිව බලා සිටී 2012 උසස් පෙල අහවර වී ප්‍රථිපල නිකුතු වන්නට තියනා කාලය අහවරය එයින් විශ්‍ය විද්‍යාල වරම් ලබන්නෝ විශ්ව විද්‍යාල යන්නේ අවුරුදු දෙකක් නිවසට  වී බලා සිට ද.රාජපක්ෂ පරම්පරාවේ තුන් වෙනියාට වයස 23 ඔහු දැන් අජටාකාශ උපාධිය ලබා එහි මාධ්‍ය ප්‍රචාර ලබමින් ‍රැකියාවක් නිරත් වෙයි.මධ්‍යම පන්තික දරුවන් අවුරුදු 23 මේ විශ්ව විද්‍යාල යැයි කියති.ඔවුන්ට කැකිරි පොඩි වුන්ට මොකුත් නෑ සංකල්පයකි.මෙවා කතාකර වැඩක් නැත් මංද සිදුවන්නට වුවමනා සියල්ල ඔහේ සිදුවේ.
   අධ්‍යාපන ඇමති තම විලි වහගන්නට රෙදි කැබැල්ල කරගෙන සිටින්නේ අයහපත් කාලගුණයයි.ශ්‍රි ලාංකීය විභාගයක පිලිගැනීම බල්ලට යන වැඩ සිදුවෙද්දී මේ වන විට ඔහුනට කතා කරන්නට වැස්ස නියමය.ළයින්ට සිදු අසාධාරණය ගැන කතා කරන්නට අමතකය පෙනෙන්නේ අයහපත් කාලගුණේ අනේ පවූ අහිංසකයෝ කියන්නටය.අධ්‍යාපන ඇමතිට දෙන්න තිබ්බේ කාලගුණ ඇමති කමය.ගෙඩි පිටින් ප්‍රශ්ණ පත්‍ර පිටවී යනවා ඔහුට පෙන්නේ නැත.අපරාධ පරීකෂණ දෙපාර්මේන්තුවේ වැඩ කියා අත පිස දා ගන්නට මේ ‍රැල හරි හපනුන්ය.
     පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිට විය. ඒ පසුගිය අගෝස්තුවේදීය. විභාග කොමසාරිස්වරයා ඒ ගැන සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙළේය. කොටින්ම එසේ කිරීමෙන් අනතුරුව කොමසාරිස්වරයා අත පිසදා ගත්තේය. මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන බලා ගනු ඇති බවකි.
      මේ දෙසැම්බරයේද සිදුවී ඇත්තේ එයමය. පුරුදු පරිදි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පිට වීමේ සිද්ධිය ගැන සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවැරිණි. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කිව්වේ 'මට විභාග දෙපාර්තමේන්තුව විශ්වාසයි' යනුවෙනි.
                සා. පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහනවයක්ම ටියුෂන් ගුරුවරයකු වූ සම්පත් අත්තටගේ නැමැත්තකු විසින් ලබාදී තිබිණි. ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබුණේ තමන් වසර ‍ෙදාළහක් තිස්සේ මෙම විෂය උගන්වන නිසා අනුමාන නිවැරැදි වූ බවයි. ඔහුගේ මැජික් බලයෙන් ඔහු විභාගයට එන ප්‍රශ්න ඉදිරියෙන් සිනා මුහුණක සලකුණක්ද දමා තිබිණි. එයද අත්දැකීමෙන් කළා විය හැකිය.ලැජ්ජාවක් නැතිව ඔහු කියන්නේ අවුරුදු විස්සක් තමා පොල් ගෑවේ නැති බවය එත් ගෑ පොල් වල තරම මේ දවස් කිහිපය තුල රටම දැක්කාය.


මෙවර ඇමතිවරයා දෙවාලයක ගොස් බාරයක් විය නමුත් දෙවියන් වත් ඇමති දෙස බැලුවේ නැත සුපුරුදු පරිදී සියල්ල සිදු විය .මේසේ පිටවිය හැක්කේ  මෙම ප්‍රශ්ණ පත්‍රය පමනක් නම් එය තවත් අවුලකි.මෙය බෙදා හැරියේ හෝල් කලාස් වලය මේවා ඉන්ජිවිජුවල් කලාස් විස්සක පමණ වුනා නම් කිසි කෙනෙක් අද දන්නේ නැත  අනෙක් ටිකට ඒ සෙතේ වුනාද අප දන්නේ නැත.
     මේ තරම් කරුණු තිබියදීත් විභාග කොමසාරිස්වරයා අදාළ ටියුෂන් ගුරුවරයා පිට වරදක් පටවන්නට සූදානම් නැත.
 'මව්බිම' ගවේෂණ මඟින් හෙළිදරව් වූ ආකාරයට මේ පිටුපස රජයේ මුද්‍රණාලයේ නිලධාරීන් සිටී. විශ්වවිද්‍යාලයක නිලධාරීන් දෙදෙනකු සිටී. ඉන් එක් අයකු විද්‍යාගාර සහායකයෙකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, බුද්ධාගම සහ ඉතිහාසය යන ප්‍රශ්නපත්‍රද පිට වී ඇත.මේවා නිසකවම අප සැමගේ ප්‍රශ්ණ්Aයි.

කොතෙකුත් ලීවද එක දිගට ලියාගෙන යා හැක මෝඩයන්ගේ වැඩ කියන්නට තවත් කාලය කැප කල යුතු නොවේ.ප්‍රශ්ණ 20 ම නිවරදිව පිළිතුරු ලිවූ ශිෂයා අද නිසකවම දුකේය.කනා ගැසු වැරදුනු නොලිවූ සිසුන්ට ද මේ ගොන් පොර හරි ෂෝක්ය.ලමායාගේ ඉදිරී ජීවිතය සදහා කරනා ‍තෝරා ගැනීමට මෙය නිසක බලපෑමක් වෙනවා නොවනු මානය.සතය සැම දෙනාම දනී නමුත් සියලු දෙනා අද තමාගේ පාඩුවේය.
අන්තිමට මෙහේම කියන්නම් "යුගයක දරුණුම ඛේදවාචකය කෝලහාල කරනා මිනිසුන්ගේ හැසිරීම නොව බුද්ධිමත් මිනිසුන්ගේ නිහඩ බවයි "


18 comments:

  1. yako ubawa sudu van issuwam apita kiyan na epa hode

    ReplyDelete
    Replies
    1. කමක් නෑ එහෙම දෙයක් උනොත් උබලා සෙට් එක හරි නැගී හිටපන් :)

      Delete
  2. niyamai...
    Onna okane ithin ape rate thathwe..
    Kochchara kata kalath ochchara tamai..

    Yamak karanna hadana unwath pagala dana ekane mewage inna un karanne.

    ReplyDelete
  3. බොහොම නිවැරදියි. ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි නායකත්වයක් නොමැති වීමෙන් අයාලේ යනවා!

    ReplyDelete
    Replies
    1. නායකත්වයක් තියනවාද කියන එකත් ගැටළුවක්

      Delete
  4. අධ්‍යාපනයනම් දවසින් දවස කාබාසිනියා වෙනවා බලන් ඉන්නත් දුකයි. රටක මිනිස්සුනගේ ඔළු ගෙඩි හදන්නේ නැතුව පාරවල් වරායවල් වලින් විතරක් රටක් ගොඩනගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්. අපි වගේ රටක් වැටුනු වලෙන් ගොඩ එන්න නම් අධ්‍යාපනය තව තවත් දියුණු කරන්න ඕනේ. කොරියාවේ ගුරුවරුන්ව සළකන්නේ ජාතිය ගොඩනගන්නන් විදිහටයි. මම ඒක දැන ගත්තේ ඔබාමාගේ කතාවකින්. මට නම් පේන්නේ රජයේ අධ්‍යාපන ක්‍රමයේ තියන විශ්වාසනීයත්වය නැති කරන්න සියුම් කුමන්ත්‍රණයක් තියනවා කියලයි. අනිත් එක තමයි නූගත් පාලකයෝ කවදාවත් උගත් සමාජයක් බිහිකරන්න හිතන්නේ වත් නෑ

    ReplyDelete
  5. Damith kiyapu deyama thamai mata kiyabta thiyenne..uba anthimata kiyala thiyena debasa elama thamai. Mama eka ctrl+c ctrl+v karala mage fb ekata danawa..kamak nehene..ela..

    ReplyDelete
  6. කවුද මේ රට පාලනය කරන්නේ කියලා හොයාගන්න අමාරුයි දැන්.චන්දේ දුන්න අය කොතනද වැරදුනේ හොයනවා

    ReplyDelete
  7. සහතික ඇත්ත කතාවනම්..

    ReplyDelete
  8. "යුගයක දරුණුම ඛේදවාචකය කෝලහාල කරනා මිනිසුන්ගේ හැසිරීම නොව බුද්ධිමත් මිනිසුන්ගේ නිහඩ බවයි"
    නෑ සහෝදරයා... බුද්ධිමතුන් නිහඬ වෙලා ඉන්නෙ ඇත්තෙන්ම ඌරන් පිනුම් ගසන තැන්වල සිංහයෝ ගැවසෙන්නෙ නැති නිසා... ඒ තරමට පිලිකුල්...
    කොච්චර කිවුවත් අහන්නෙ නැති එකා වගේම අහන්නෙ නැතිකොට කියන එකාත් මෝඩයා..

    ලොකු තැන්වලට පත් වෙලා ඉන්නෙ ඔක්කොම දේශපාලන හෙංචයියො... ඉතින් එහෙව් මිනිස්සු පාලනය කරන රටක මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා බලාගෙන ඉන්න එක හොද ක්‍රියාවක් කියලා අනුමත කරන්න බෑ නේ ද?

      Delete
  9. වටිනා ලිපියක් මහේෂ් , ටෙම්ප්ලේට් එක ඩිංගක් වෙනස් කරන්න
    පුළුවන් නම් වටිනවා.

    ReplyDelete
  10. නියම ලිපිය මචෝ

    ReplyDelete
    Replies
    1. ආ මඩිස්සයා කාලෙකින් ඔන්න මාත් සුදු පාටට මාරු උනා පාට පාට ඒවා අයින් කරලා.ටෙම්ලෙට් එක හොදද බන්

      Delete
  11. Keep it up man, u gonna be a politician :P

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya