Monday, December 10, 2012

මං ගහපුවා (සැ.යු. +18 නොවේ)

බ්ලොග් එකේ ලියලාම ඇති වුනා.අද හිතුනා මන් ගහපු මට හොද මගේ ෆොටෝ ටිකක් දාන්න.කියන්න ඕනි ඉතින් මේවා ලොකු ලොකු කැමරා වලින් ගහපුවා නෙවේ.පොඩි පොඩි ඩිජිටල් කැමරා වලින් ගහපුවා.සමහර ඒවාගේ කලස් හැදුවා ඒත් සමහරක් ෆොටෝස් වල මොකුත්ම වෙනසක් කරලා නෑ.මේ බ්ලොග් එක බලන ප්‍රවීන චායාරූප ශිල්පියෝ වගේ අයත් ඇති කැමති හොද නොහොද දකිනවා නම්.



ජීවිතය දිගු ගමනකි අනන්තයේ කොනක ආලෝකයක් ඇත එහෙත් සංසාර සාගර්ය පහන් දැල්ලක් මෙනි කොයි මොහොතේ කොහොමැයි කියන්නට අප දන්නේ නැත.තෙල් ඉතිරිව තිබියදීද නිවී යා හැක.

තේමාවක් නැත නමුත් මගේ ඇහට ප්‍රියයි.

හොදන්නට පරක්කු වු කෝපි කොප්පයට මෙතරම් සුන්දර දසුනක් මවන්නට හැකි කියා තෙරුම් කල යුත්තේ.මාගේ මවටය.කෝපි කොප්පය සේදුවේ නැත්තේ කම්මැලි කමට නොවේ.මේ නිසාමය.

අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනව බුදු හාඹුදුරුවනේ..මට හිතා ගන්නට නොහැකි කුමක්දෝ මෙහි සැගවී ඇති සෙයකි.

පහන් වැටිය.මග බලා සිටින්නේ තෙල් හා තිර ලැබෙන තුරාය.

මෙක ගත්තේ,ෆොටෝ ටෝක් දෙවෙනි හමුව ඉවර වෙලා ගෙදර යන ගමන් 
උදේ ඉර පායන වෙලාවක ශ්‍රි දළදා මාළිගාව වටේ කැමරාවක් උස්සගෙන ඇවිද්දොත් ඔබේ දෙ ඇස් පුදුම වෙනු ඇත.

එචරම ලස්සනකට ආවේ නැ.මේ කැමරා වල සෙටින්ස් අපිට ඕනි විදියට ක්න්ට්‍රෝල් කරන්න බෑනේ..


රැජින හෝටලය ලගින් උදෙන්ම ගිහින් තියනවා ද.මේ තමා ‍රැජින හෝටලය

මේ ගැන නම් කියලා වැඩක් නැ ඉතින් කලුවාගේ වැඩ සුද්දා ගනන් ගන්නේ වත් නැ.දුප්පත් පෝසත්.උගත් නූගත්,සුද්දා සිංහලයා  මේක ගැඹුරේ උපරිම පින්තූරයක් මට නම්
මේ මගේ පලවෙනි මැක්‍රෝ කූඹියා





මේ තියෙන්නේ ‍රැජින හෝටලෙම කෑල්ලක් තමා



එයයි මමයි

සංසාර සගරයේ අපි හැමෝම.
මං චාම්

මට කියලා දෙනවද ඇයි අපිට වැස්සත් ඈතට වහින්නේ නැත්තේ කියලා

බෝ කොලය ලස්සනයි සුන්දරි ඒ පැහැය ඇත්තටම ලස්සනයි

බත් ඇටයක් වෙනුවෙන් බත් ඇට දහස් ගණනක් වෙහෙස වගුරුවනා උදැල්ලක් ඔසවා පොළව සමග පොර බදින සියලු මිනිසුන්ට මෙම පිතූරය උපහාරයක් වේවා! 

මේක ලස්සනයි එත්.... මේක මඩ වලක්

අපි හැමෝගේම කුණු ශරීරය කවදා හරි දිරනවා මයි.

_____________________
අන්තිම පිතූරේ ඔබට කැමති දෙයක් එකේ අදහසට ඔබට ඉඩක්.

ප.ලි.ඔන්න ඕවයි මගේ පින්තූර එහෙනම් 2012 ලෝක විනාෂය ලිපියකින් හමුවෙමු.



22 comments:

  1. loweth na ne mu ela ela

    ReplyDelete
  2. ඔබේ දැක්මත්, නිර්මාණත් අගෙයි...!!

    ReplyDelete
  3. මං ගහපුවා (සැ.යු. +18 නොවේ)......මාතෘකාව දැක්කම හිනා යනවා :D ... ආධුනිකයි කියලා නම් පෙන්නේ නැහැ..හරිම ලස්සනයි....!

    ReplyDelete
  4. ලස්සන ෆොටෝ ටික වගේ අදහස් ටිකත්

    ReplyDelete
  5. හරිම ලස්සන පින්තූර ටික මහේෂ්.. මඩ වලේ පින්තූරය වගේම උදැල්ලෙ පින්තූරයත් හරිම තාත්විකය..ඒ පින්තූරවල තියෙන ආකර්ෂණික සියුම් සියුම් තැන උලුප්පලා පෙන්වන පින්තූර දෙකක්...

    ReplyDelete
  6. එල ඈ!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. කලබල සිත තරමක් එක්තැන් උනා. ස්තුතියි ඔබට.....

    ReplyDelete
  8. හරි ලස්සන ෆෝටෝස් ටිකක්..

    ReplyDelete
  9. ඔබට හොඳ ඇසක් තිබේ. තේමාවක් නැති පින්තුරය තමයි මම කැමති

    ReplyDelete
  10. ඔය ඇහෙන් ගහන ඒවා තියනවා නේද ... ඒවා හැමෝටම ගහන්න බෑ
    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  11. ඉතාම වටිනා කැමරා කෝන හා යටි අරුත් උද්දීපනය කරන සේයා රු පෙළක්. මේ කලාවට ඔබ දක්ෂයෙක්. පළමු සේයා රුව සඳහා ලයිට් රෙඩ් ෆිල්ටරයක් භාවිත කළා නම් පහනේ දැල්ල මෙයට වඩා හොදින් ග්‍රහණය කර ගන්න තිබුනා.අගනා උත්සාහයට මගේ සුබ පැතුම්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  12. මචන් මාර කලාත්මකයි. විශෙෂයෙන් ම නුවර දර්ශන. සුබ ගමනක් වෙවා.

    ReplyDelete
  13. මුල් ටිකේ තියනව වෙනම කලාවක්. මම ආසයි ඒ දැක්මට. ඔක්කොම පෝලිමට නොදා වෙන් කරලා පෝස්ට් කිහිපයකට දාන්න තිබ්බ

    ReplyDelete
  14. මාර ලස්සන ෆොටො දෙක තුනක්ම තියනව..
    අනික්වත් ලස්සණයි..

    FB එකේ දකින්න කැමතියි.

    ReplyDelete
  15. ලස්සන ෆොටො ටික එල

    ReplyDelete
  16. ජය වෙවා ලස්සනය්

    ReplyDelete
  17. මහේෂ් නුවර කොලුවෙක් වගේ...
    ගහපුව ලස්සනයි. කොහොමත් නුවර ඒවා හැඩයිලුනෙ.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya