Thursday, December 20, 2012

" ලෝක විනාශය " විද්‍යාත්මක ගවේෂණ ලිපිය 2


දැන් ඉතින් ලෝක විනාශය ගැන නෑ නෑ කිය කියා හිටියාට පොඩ්ඩක් පොඩ්ඩක් මොකද වගේද? මොකෝ ඊයේ (16) ඉදන් දැන් පැය කීයක් ද තවම වහිනවා නේ.බයවෙන්න එපා ලොක විනාශයක් නැ.මේකයි  ලොකු තර්ක ගොඩාක් බලාපොරොත්තුවෙන් ලීව "ලෝක විනාශය විද්‍යාත්මක ලිපිය"ට කට්ටියේ තිබ්බ අඩු සැලකිල්ල නිසා මේක ලියන්න මට ලොකු උවමනාවක් ඇත්තෙන්න්ම කීවොත් "‍ෆිට්" එකක් තිබුනේ නෑ.

           මොනවා උනාම මොකෝ ඉස්සර පණ්ඩිත කමට කීවේ මගේ සතුටට ලිපි ලියනවා කියලා නේ.මොකද මේ බ්ලොග් ලෝකයේ ඉන්න අපේ ලිපි ලියන කිසිම කෙනකුට අඩුම ඉන්ටර් නෙට් බිල් එකවත් බ්ලොග් එකෙන් හම්බ වෙන්නේ නෑ නේ එකම දේ කීවොත් ආත්ම තෘප්තිය.කලින් ලිපියෙදී ඒක් මට හොදටම තේරුනා.අනික මන් හිතන්නේ බ්ලොග් කරුවෙක් තවත් බ්ලොග් කාරයකුට සලකන්න පුලුවන් හොදම විදිය කමෙන්ට් එකක් (මන් මේකෙන් අදහස් කලේ මගේ ලිපිවලට හැමෝම හොදම විදියට සලකන්න කියලා නම් නෙවේ.)ඔයාගේ කැමැත්ත මොනවා උනත් කියවන් කෙනකුට වඩා ලියන කෙනකුගේ හිත මේ කියන් දේ ගැන දන්නවා.ඉස්සර මගේ බ්ලොග් කියවන්න ආපු දැන් එන් නැති.සමහර වෙලාවට එන සමහර වෙලාවට නොයෙන,හැමදාම එන කමෙන්ට් කරන නොකරන අහම්බෙන් එන මේ එකී නොකී හැම දෙනාටම ආ අමතක උනා පොඩ්ඩක් හොද කියන ගොඩාක් බනින ඇනොලාට මගේ කෘතඥ පූර්වක ස්තූතිය.

              කට්ටිය බලනවාද මොකෝ මේ එක පාරටම බලනවාද මන් මොකද එක පාරටම මෙහෙම කීවේ ඇයි කියලා කතාව කැලේ ගියා තමා ඒ උනාට ලෝක විනාශය උනොත් අය කවදා මේ වචන ටික කියන්න ද.බය වෙන්න එපා ආයෙත් කියනවා එහෙම  දෙයක් වෙන්නේ නෑ එහෙනම් අපි කතාව පටන් ගමු.

    ලොක විනශයක කතාව ලොකු කරපු මේ මායාවරු කවුද?




ඇත්තටම මායාවරුන්ගේ ගල ඉවර උනාද අපි බලමු ඉස්සරහටත් කියවලා.


ඇත්තටම මායාවරු ඒ කියන්නේ මායා ශිෂ්ටාචාර ලෝකයේ පැවතුනු විශිෂ්ඨ ශිශ්ටාචාර වලින් එකක් ඒත් ඒ විශිෂ්ට ශිෂ්ටාචාරය ලෝක විනාශයට දායක වෙන්නේ කෙසේද?ඒ දේ සිද්ද වෙන්නේ සරල නොහොත් අහඹු සිද්ධියකින්,
මේ ලිපියෙන් ඒ ගැනත් සැකවින් විස්තරයක් කිරිමක් අවශ්‍ය වෙයි කියලා මන් හිතනවා ඇත්තටම මේ මායාවරුන් ලෝක විනාශයට සම්බන්ද වෙන්නේ කැනීමක් කල පුරාවිද්‍යාඥයන් පිරිසිකට පින් සිදුවන්න.ඔබ හට ඒ විස්තරය ගෙනහැර පෑමට හොද සිංහල ලිපියක් මල් කැකුළු  සතුව තිබී මට හමුවිය එහි කෙටියෙන් මෙසේයි.

පුරාවිද්‍යාඥයන්ට හමුවුණා, ගෝතමාලාවේ ලා කොරෝනා කැණීම් බිමෙන් ගල් පඩි පෙළක කොටස් වගයක්. මායා කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදා ‘අවසාන දිනය’ යැයි කියවෙන බව එහි කොටා ඇති රූපාක්ෂරවලින් (hieroglyphics) හෙළිවෙනවා කියල ඔවුන් කියනවා. ‘අවසාන දිනය’ ගැන සඳහන් වූ දෙ වන ශිලා ලේඛනය එයයි.

වසර 1,300ක් පැරණි ඒ සෙල්ලිපි දසක ගණනාවකින් හමු වූ වඩාත් ම වැදගත් රූපාක්ෂර ලෙස සැලකෙනවා.  මේ බිමෙහි පුරාවස්තු කොල්ලයට ආ අය විසින් අතහැර දමා ගිය මේ සෙල්ලිපි පුවරුවලින් ඓතිහාසික තොරතුරු පවා හෙළි වෙනවා. අවසාන දිනය ගැන සඳහන් කොටසේ රජුගේ නැවත පැමිණීමක් ගැනත් සඳහන් වෙනවා.

 ”ඒ කාලයේ මායා කලාපයේ විශාල දේශපාලන කැලඹිල්ලක් පැවතුණා. රජතුමාට සිදුවුණා, ඉඟි කරන්නට විශාල කාල චක‍්‍රයක් අවසානයේ 2012 දී ලෝකය අවසන් වීම සිදු වන ආකාරයෙහිලා දක්වන්නට.” යයි ඔස්ටින් නගරයේ පිහිටි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ඬේවිඞ් ස්ටුවර්ට් කියනවා.
 ඔහු තමා මේ ස්ථානයේ කැණීම් මෙහෙයෙව්වේ.

තුලේන්හී මිඞ්ල් ඇමරිකන් රිසර්ච් ඉන්ස්ටිටිටුට් අධ්‍යක්ෂ මාසෙල්ලෝ ඒ. කැනුටෝ ගෝතමාලාවේ ලා කොරෝනා කැණීම් බිමෙහි මතුකර ගෙන ඇති ශිලාලේඛන පරීක්ෂා කරන අයුරු.



 මායා ගෝති‍්‍රකයන් බොහෝ දෙනෙකු නම් කියන්නෙ මේ ලෝක විනාශය පිළිබඳ අනාවැකිය බටහිර අයගේ අර්ථ දැක්වීමක් විතරයි කියලයි. ඒක කාලයේ අවසානයක් නොව නව යුගයක ආරම්භයක් කියලයි ඔවුන් විශ්වාස කරන්නෙ.

 මේ ආකාරයට ලෝකාවසානයක් යොමු කර ඇත්තේ අවුරුදු 5,125ක චක‍්‍රයකට පසුවයි. මායාවරුන්ගේ දීර්ඝ ගණන් කිරීමක් ඇතුළත් ඒ කැලැන්ඩරයේ ආරම්භ වුණේ කි‍්‍රස්තු පූර්ව 3113දීයි.

 ”කතාව පටන් ගන්නේ සුමේරියන්වරුන් සොයා ගත් නිබිරු (Nibiru) නම් ග‍්‍රහයා පෘථිවිය දෙසට හඹා ඒමෙනුයි. ඒ ප‍්‍රවාදය පුරාණ මායා කැලැන්ඩරයේ එක් කාල චක‍්‍රයක අගට, එනම් 2012 ශිශිර සූර්ය නිවෘත්තිය හා සම්බන්ධ කරල තියෙනවා.”

 ”මේ ලේඛනයෙ තියෙන්නෙ අනාවැකියකට වැඩිය පුරාණ දේශපාලන ඉතිහාසයයි” එහෙම කියන්නේ ලා කොරෝනාවල කැණීම් බාර සහකාර අධ්‍යක්ෂ මාසෙල්ලෝ ඒ. කැනුටෝයි. 2008 සිට කැනුටෝ හා ගෝතමාලා විශ්ව විද්‍යාලයේ තෝමස් බැරියන්ටොස් යන දෙදෙනා කලින් කොල්ලකරුවන් විසින් හාරා දමා ගිය ලා කොරෝනා නම් ස්ථානයේ කැණීම් මෙහෙයෙව්වා. ”

ගිය අවුරුද්දේ අපට හමු වුණා, කැටයම් කළ ගල් පුවරු වගයක්, මෙහි පුරාවස්තු කොල්ලකරුවන් ගේ අවධානයට ලක් නොවුණු. ඔවුන් කැඞී බිඳී ගිය මේවා කෞතුක වස්තු ලෙස සොරා ගෙන ගොස් විකිණීමට තරම් වටිනාකමක් නැතැයි සිතා දමා ගිය ඒවායි.” කියන බැරියන්ටෝස්, ”ඔවුනට මෙහි තිබී වටිනා දේ හමුවන්නට ඇති. ඒත් මේවායේ වැදගත්කම වැටහී නැහැ.” කියනවා.




 
අලූත සොයා ගන්නා ලද මායා කැලැන්ඩරයේ අවසාන දිනය සඳහන් වුණු ශිලා පුවරුව.

 
අවසන් දිනය සඳහන් මේ දෙවන පුවරුව හමු වූයේ ගෝතමාලාවේ මේ කැණීම් බිමෙහිදියි.

 
කොල්ලකරුවන් විසින් අතහැර දමා ගිය ගල් පුවරුවක ඇති රූපාක්ෂර.

 
මෙය දසක ගණනාවකින් ලද වඩාත් වැදගත් ම රූපාක්ෂර ගල් පුවරුව කියලයි කියන්නෙ.

 
තුලාන්හි ඇමරිකානු පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මාසෙල්ලෝ ඒ. කැනුටෝ ගෝතමාලාවේ ලා කොරෝනා කැණීම්වලදී හමුවූ රූපාක්ෂර පුවරු පිරික්සමින්.

 
ගෝතමාලාවේ මායා දෙවොලක්. මායා කැලැන්ඩරයට අයත් ගණනය කිරීම් රැසක් මෙහි බිත්තිවල තියෙනවා. එසේ කළු නිල ඇඳුමින් සැරසුණු මිනිසුන්ගේ රූපවලින් ද ඒවා සරසා තියෙනවා.

 
ගෞතමාලාවේ ලා කොරෝනාවෙන් හමු වී ඇති වසර 1300ක් පැරණි ශිලා රූපාක්ෂර පුවරුවක්.

ගෝතමාලාවේ ටෝටුගුවේරෝ දෙවොල මෙන් දෙවොලවල මේ ‘අවසන් දිනය’ දැක්වෙන කැටයම් කළ පුවරු තියෙනවා. මේ මායා රූපාක්ෂරවලින් කියවෙන ලෝකාවසානය පිළිබඳව හැත්තෑ ගණන්වල සිට මේ දක්වා පොත් සිය ගණනක් ලියැවී තියෙනවා. ඒවායින් බොහොමයකින් කියැවුණේ නිබිරු නම් ගුප්ත ග‍්‍රහ ලෝකය ඇවිත් පෘථිවියේ හැපීමෙන් හෝ කළු කුහරයක් විසින් ගිල ගැනීමෙන් හෝ පෘථිවිය විනාශ වන බවයි.

 කැනුටෝ හා බැරියන්ටෝස් යන දෙදෙනා විසින් මෙහිදී සොයා ගෙන ඇත්තේ ගෝතමාලවේ දී මෙතෙක් හමුවූ දිගම ශිලාලේඛනයයි. ඒවා කොටා ඇත්තේ ගල් පඩිපෙළකයි. එහි ලා කොරොනා ඉතිහාසයේ වසර 200ක් තිස්සේ වූ සිදුවීම් කොටා තියෙනවා. මෙහෙම කියන්නේ 1997 සිට එහි ගවේෂණ කටයුතුවලට සම්බන්ධව සිටින ඬේවිඞ් ස්ටුවර්ට්. ඔහු ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මීසෝ ඇමරිකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයායි.

 මේ ගලේ කොටා ඇති රූපාක්ෂර කියවීම ඔහු පසුගිය මැයි මාසයේ දී ආරම්භ කළා. මේ පඩිපෙළෙහි ඉතා ඉවසීමෙන් විචිත‍්‍ර ලෙස නෙලා ඇති රූපාක්ෂර පුවරු 56ක් තියෙනවා.

 කි‍්‍ර.ව. 696 දී එකල ජීවත් වූ බලවත්ම මායා අධිරාජයා ලා කොරෝනාවට සැපත් වීම ගැන සිහිපත් කරනු සඳහායි, එහි සටහන් තබා ඇත්තේ. එහි සඳහන් වන්නේ ඒ රජුගේ නම ‘කලක්මුල් හී යුක්නූම් යිච්ආක් කහාක්’ කියායි. කි‍්‍ර.ව. 695 දී ඔහුගේ දිගුකල් සතුරකු වූ ටිකල් විසින් ඔහුව පරාජය කරනු ලැබූ පසු මාස කීපයකට පසුවයි, ඔහු මෙසේ පැමිණෙන්නේ.

 මේ ගැන අධ්‍යයනය කළ විශේෂඥයන් කියන්නේ ඒ සටනෙන් පසු ඔහු මියගිය බවයි. ඔහුගේ පරාජයෙන් පසු ඔහු මිතුරන් තුළ ඇති වූ බිය පහ කරනු සඳහා යළි ආ බවයි එහි දැක්වෙන්නේ.

හිසරදයක්ව තිබූ මායා කතාවෙත් ඇත්ත තිත්ත  දැක්කානේ...
හැමෝම කොහොමද මෙහෙම කියන්නේ?එහෙනම් කොහොමද මේක මේ තරම් ප්‍රචලිත වුනේ?

මේ ගැන ලොකු විස්ථරක් මං පහුගිය ලිපියෙන් පැහැදිලි කලා ඒහි සදහන් නොකල කරුණ නම් ලොක විනාශය අලලා නිර්මානය වු විශිෂ්ඨ ගණයේ චිත්‍රපට විශිෂ්ඨ  මිනිසාගේ චින්තරන කාබාසිනියා කරලන්නට උල් පන්දම් දීමය.එහි බලපෑම වැඩිකරන්නට බෝතල් පත්තර මාධ්‍යයේ විශිෂ්ඨ සහය නොමදව ලැබුනා ඔබත් මමත් පිංසිදු වන්නට ලොක විනාශයක් දැන ගන්නේ එසේයි.


2003 දී ලෝක විනාශයක් සිදු වන්නට ගියා එදා මේ ත්තවය උදා නොවුනේ විශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරක් නිසාමය .

කෙසේ වෙතත් මේ ලිපියට මූලය වු ගැහැණු ලමායාට නිසි පිළිතුරක් ලබා දීම උවමනාය.නසා එක මෙසේ පවස ඇත.

ප‍්‍රශ්නය: දෙසැම්බර් 23 වැනිදා සිට 25 තෙක් ලෝකය අඳුරු වෙනවා යැයි පැවැසෙනවා. මෙහි ඇත්ත නැත්ත කුමක්ද ? නාසා ආයතනය ඒ බව තහවුරු කරනවාද ?

පිළිතුර: කොහෙත්ම නැහැ. නාසා ආයතනය හෝ වෙනත් විද්‍යා ආයතන හෝ එවැනි අනාවැකි පළ කර නැහැ. ඒක මහ බොරු අදහසක්. ඒ අදහසට පාදක වී තිබෙන්නේ ග‍්‍රහලෝක එක එල්ලයට පිහිටීමක් මුල් කර ගනිමින්. ග‍්‍රහලෝක එක එල්ලයට පිහිටද්දී, සූර්යයා වැසී යන බවත් එවිට පෘථිවිය අඳුරු වන බවත් පැවැසෙනවා. ඒත් එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

එහෙනම් ඉතින් කට්ටියටම බය වෙන්න දෙයක් නෑ ඔන්න ලෝක විනාශයක් ලග පාතක නෑ.මේ අපේ ජනාධිපතිතුමත් කියන්නේ... :)

Photo: ඔයාලත් මේකට එකඟයිද? එහෙනම් like  කරන්න. කියන්න කියලා මොනවම හරි දෙයක් තියෙනවනම් comment එකක් දාන්න. සෙට් එකේ කට්ටියත් එක්ක බෙදාගන්න ඕන කියලා හිතුණොත් share කරන්න. මොකද කියන්නේ like කරනවද? comment කරනවද? එහෙමත් නැත්තන් share කරනවද?



5 comments:

  1. meke kalu pata ayin karando.......
    lipiya hodatama hodai..eth balanna baha as walata amarui....

    ReplyDelete
  2. Normally I do not learn post on blogs, however I would like
    to say that this write-up very pressured me to take a look at and do
    it! Your writing style has been amazed me. Thanks, quite
    great post.
    Visit my web page ... letting Agents london olympics

    ReplyDelete
  3. මට හිතෙන්‌ෙත් ඔය කියන කැටයම කැලැන්ඩරයක් නම්, අපේ කට්ටිය ඕක කියවලා තියෙනවා වැරදියි කියලා තමයි... ඇත්තටම මායන් ශිෂ්ටාචාරය බො‌ෙහාම දියුණූ එකක් කියලා පේන්න තියෙනවනේ.. එහෙම එකේ ඕකේ මොකක්හරි තේරුමක් ඇති ගලේ ඉඩ ඉවර උනාට වැඩිය.. හැබැයි ඒක ලෝකය විනාශ වෙනවා කියලා පරිවර්තනය කරගත්ත එකයි වැරදි මං හිතන්නේ...

    ReplyDelete
  4. Normally I do not learn post on blogs, however I would like
    to say that this write-up very pressured me to take a look at and do
    it! Your writing style has been amazed me. Thanks, quite
    great post.
    Visit my web page ... letting Agents london olympics

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya