Saturday, October 27, 2012

අල්ලපු ගෙදර නංගිට කියු රහස සහ ඔබ මා ඉන්න තැන

      චට පට ගා තැලුවාට වැඩක් නැත.නිදිමතේම ඇද ලග රාක්කයට අත දමා සෙවුදේ හමුවිට.ලයිටරය අතට ගතපසුව කොයිල් එකක් නැත මේ මගුලේ උන් නිසා කොයිල් එකක් සොයා ගන්නට නැවත නැගිටින්නට සිදුවේ.මදුරුවන්ගේ අම්මලාව මතක් කරමින් කාමරයේ බල්බ් එක දමා පහලම තට්‍ටුවේ තිබු මදුරු දගරයක් සොයා ගත්තාය නොදකින් මටමනේ වෙන්නේඑක ගහන්නට ස්ටැන්ඩ් එකක් නැත.පහලම තට්‍ටුවේ තිබූ පත්තර කෑල්ලකුයි පරන පවර් සප්ලයි එක්කුයි අරන් පත්තරේ උඩ පවර් සප්ලයි එක තබා ඒ මත මදුරු දගරය තබා දැල්වීය.
                හෆ්ෆා මුන් කාපු තැන් තවමත් කසයි නින්ද මා සොයා එන්නේම නැත.නැවත නැගිට කාමරයේ බල්බය දැල්වීය.හ්ම්ම්ම්ම්ම්........කරන්නට දෙයක් නැත.පොත් රාක්කය දෙස බලන්නට දැන් ඊට වඩා කම්මැලිය වෙලාව හෑ පන්දර එක ඔරලෝසුවේ සටහන් වී තිබුනි.ඔනි මගුලක් වෙන්නටයි පතා පරිගණකය ක්‍රියාත්මක කරවීය.එත් කරන්නට දෙයක් නැත හිමීට සිංදුවක් දැමීය එන්න එන්නම සද්දය මදීවී ටික ටික වැඩි කරන්නට සිත් වේ.මේක හරියන්නේ නැත තව ටික වේලාවකින් අප්පචීට මල පැන ඇහැටීමට බැරි නැත.දැන් කාමරය පුරා මදුරු කොයිල් දුම පැතිර ගොස් හමාරය ඇස් දෙක දන්නට පටන් ගෙනය.‍ෆිල්ම් එකක් බලන්නටද සිත්ය නමුත්  ඒක පසක දමා මූණු පොතේ රවුමක් ගැසීය.බ්ලොග් අඩවියට කාලයකින් ලිපියක් ලීයන්නටද බැරිවිය.කතා බොහෝමයක් ඇත සිද්ධි බොහොමයක් ඇත ඒත් ඉස්සර මෙන් හැම දේම වමාරන්නට සිත් නොවේ.දැන් තරුණ කොල්ලෙක් නොවැ වල් පල් ලීවීමටද සිතක් නොදේ ඔනි දෙයක් වෙන්නට කියා පි‍ටුවක් පෙරලාගෙන මෙසේ ලියාගෙන යමි.අල්ලපු ගෙදර නංගීට පමණක් කීයූ රහසක් සටහන් තබන්නට සිත් වේ කමක් නැත එය මෙසේ සටහන් තබමි.


කතාව පටන් ගන්නේ තවත් එක කූබියකුගෙනි.ශ්‍රි ලංකාවේ මධ්‍යම පලාතේ අපේ ගෙදර මිදුලේ සිටිනා කුහුඹුවකු සලකන්න.එම කුහුඹුවා සිටින්නේ මිදුලේ මල් පදුරක් ලග නම් ඔහුට ඔහුගේ මිත්‍ර කුහුඹුවකු සිටිනවා ඇත.ඔහුට එම පදුරේම දහස් ගනන් කුහුඹුවන් සිටිනා ජනපදයක් තිබෙනවා විය හැක.එම පදුර තුල කුහුඹුවන්  ගේ ජනපද දෙක තුනක් තිබෙනවා විය හැක.
අපේ මිදුලේ ඉන්නා කුහුඹුවා

ඔහුට ප්‍රශ්ණයක් නැත එම කුහුඹුවා මිදුල පුරා ඇවිද යයි එය ඔහුට ඔහුගේ ලෝකයයි.අල්ලෞ ගෙදර වත්තට ගියහොත් ඒ තවත් ලෝකයක්.ගේ ඇතුලට ආවාම මන්දාකිනියක් වගේ.ගම විශ්වය වගේ ඔහු එතනින් නිගමනයකට එලබෙගෙන ඇත මෙතනින් එහාට යන්නට බැරිය සියලුම දේ උපකල්පනයි.ඔහු ලංකාව ගැන නොදනී එහෙත් අපි කුහුඹුවන් දෙස බලාගෙන  සිටී ඔහුන් ජීවත් වේ ඔහුන් නොදන්නවා උනාට අපි දනී කියා ගන්නට බැරි තරම් කුහුඹුවන් ලෝකය පුරා විසිරී සිටින වග.කුහුබුවන්ට අප පෙනෙනේ නැත ඔහුන්ට ගම සලකා බැලූ කල එය විශ්වයක්.
      දැන් ඔබ සිතන්න අප ශ්‍රී ලාංකිකයන් වෙමු .අපි ලෝකයේ එක් රටක් අපි සියල්ලම ගත් කල ලොකය සෞරග්‍රහ මණ්ඩලයේ ද එය සෞරග්‍රහ මණ්ඩල විශාල ගණනක එකතුවක් ලෙසින් .මණ්දාකිනියකද මණ්දාකිනි විශාල ගනක්  විශ්වයේද ඇතැයි අප උපකල්පන යක සිටින්නෙමු.ඔය කියනා අන්දමට විශ්වය පරක් තෙරක් නැති විශාල බෝලයක් කියලා හිතන්න මොනවා යුනත් ඒක කොහෙන් හරි ඉවර වෙන්න ඕනි නේද ඔය කියනා අනන්ත දුර තිය විෂ්වය ඉවර වෙන තැනකදී මේ අප සිටිනා පෘථිවිය ඇතුලුව එම බෝල විෂ්වය හෝ පෙට්ටියක් හෝ අසම්මත හැඩයක් තුල හෝ පිහිටාවි එසේ ඉවර වෙන විෂ්වය තියෙන්නේ කොහේද?

බිග්බෑන් තියරිය

දැනට අප කියනා විදියට විශ්වයේ සියලුම දේ බිග්බෑන් තියරියට සෑදී තිබේ.එසේ කියනා බිග් බෑන් තියරිය සිදුවූයේ කෙසේ ද.
මදක් සිතන්න ඔබගේ මේසය මත තිබෙනා  කුඩා පෙට්ටියක් සලකන්න ඒ තුල යම් යම් දේවල් පුරාව ඇත්නම් එය විශ්වයට උපකල්පනය කරන්න.අපගේ විශ්වය මෙසේ මේසයක් මත තිබූ විට එම මේසය කොහේ හෝ පිහිටන්නට උවමනාය.ඒමේසය පිහිටනා යම් බිමක් වේනම් එයද කොහේ හෝ පිහිටන්නට ඕනාය.
 අපිත් අසරණ කුහුභුවන් මෙනි අප නොදන්නවා උනාට අප සිටින්නේ කොහේ දැයි තව අයවලුන් දන්න්වා විය හැක.අප දකින්නේ අපේ ඉඩම් කැබැල්ලේ දුර පමනි එමගින් ගොඩනගා ගත් උපකල්පනයකි අප දෙස කවුරු හරි බලා සිටිනවා නම් ඔහුන් කොහේ සිටිනේ ද?
මෙය ඉවර නොවන කතන්දරයකි.මෙය නංගීට පැවසූ කතාව වේ.ඇය පැවසු පරිදී  මෙය නොකියව යුතු කතාවකි මා හට 8වසරේ ඉගන ගන්නා විට වැටහුන කරුනක් වේ නමුත් දැන් එහි බැරෑරුම් කම තේරේ,සුහද විවාදයකට ඇරයුම් තබමින් සමුගනිමි.
Read More

Saturday, October 20, 2012

දෙයියනේ මේ පොඩි කෙල්ලක්



ඇගේ කතාව අන්තර්ජාලය තුලින් සිංහලින් ඇසුනි,මේ එම පරිවර්ථනයයි...

අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක්  අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞව්වනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...



ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.




මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.

ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.ම ට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනිදින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා. "I can never get that photo back" ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් ! අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න. facebook තුළ සිටින ඔබේ මිතුරියන් දැනුවත් කරන්න මෙය බෙදාගන්න. මොහොතකට නවතිමි. මනසින් වගේම මසැසින් ඒ වීඩියෝව ඔබට නිරාවරණය කරමින්...


උපුටා ගැනීම - ලොවෙත් නෑ පිටුව
ස්තූතිය : මහේෂ් නිෂාන්ත සොයුරාට
Read More

Monday, October 1, 2012


ඒලෙවෙල් කරන්න පටන් ගත්ත දවස් වලම පොඩි වැඩකට අත තිබ්බා ඒ තමා ඒ ලෙවෙල් උදව් ෆෙස්බුක් සමූහය.හරිනම් ඒකට නම වැටෙන්න තිබුනේ අධ්‍යාපන උදව් කියලා ඒ දව්ස් වල ඔලුවේ තිබුනේ ඒලෙවෙල් නිසා කොයින් කොහොම හරි ඒකට ඒලෙවෙල් උදව් කියලා නම් වැ‍ටුනා.

ඇයි මේක මෙහෙම කරන්න හිතුවේ.

ෆෙස්බුක් වගේ සමජ ශාලා වෙබ් අඩවියක් ලංකාව තුල දරුණු ලෙස ව්‍යාප්ත වී යන කල ෆෙස්බුකියට ගොඩ උනද අධ්‍යාපනය ලබන ශිෂ්‍යකුට  එම කලයෙන් සුවල්ප මොහොතක් හෝ ප්‍රයෝජනවත් වන් නිසා මෙවන් වැඩක් අරම්භ කරන්නට සිතුනා.අනෙක් කාරණය තමා ශිෂයකුට ඇතිවන්නා වූ ගැටලුවකට යම් පිලිතුරක් සෙවීමේ පහසුව ප්‍රවීනයන් ‍රැසක් හා විවිද දැනුම මට්ටම් වල පුද්ගලයන් ගෙන් ෆෙස්බුකිය සන්නද වන නිසාවෙන්  පිලිතුරකා සාරථකත්වය හා විස්වාසවන්තකම.

වර්තමාන තත්වය හා අතීතය.

ඒ කාලයට පෙර මන් පටන් ගෙන තිබුනා විද්‍යා විජ්ජා කියලා බ්ලොග් එකක් ඒකේ අරමුණ උනේ අන්තර්ජාලය පුරා විසිරී තිබෙනා විවිද විද්‍යා ලිපි එක තැනකට ගොනු කිරීම.ඒ සදහා ලැබූ හිට්ස් ප්‍රමාණය මත මට යම් මට්ටම අවබෝධයක් තිබුනා තවමත් අධ්‍යාපනය සම්බන්ද දේවල් සදහා අන්තර්ජාලය තුල ශ්‍රි ලංකිකයන්ගේ  අඩු යොමුවීමක් තිබෙන බව.
  ඒ උනත් ෆෙස්බ්ක් ගෲප් එක තවත් කිහිප දෙනකු සම්බනද කොටගෙන ආරම්භ කලා.කෙතරම උත්සහ කලත් අඩු ක්‍රියාකාරිතවකින් තිබුනු ගෲප් එකෙන් ප්‍රයෝජන ලබා ගත් ශිෂයන් ‍රැසක් සිටියා.අද වන විට ඒ තත්වය අඩුවී තිබෙනවා.නමුත් දැනට තවත් ඇඩ්මින් කෙනකු සම්බන්ද කොටගෙන ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යනවා.

මොකක්ද මේ අලුත් වැඩේ

දැනට අප ගෲපය තුලින් මෙවර සාමාන්‍ය පෙල විභාගය සදහා සම්බන්ද වන ශිෂ්‍යන්ට සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීම ගැන සාගජ්ජා කරමින් පවතිනවා අපිට එක් ක්‍රියාකාරි විශ්වවිද්‍යාල ශිෂයෙක් මේ සදහා සහයෝගය දක්වන්වා.

මොකක්ද මේ බ්ලොග් එකක කතාව

අපි දැනට අධ්‍යාපනික උදව් බ්ලොගයක් ආරම්භ කොට තිබෙනවා අපි ලිපි ලිවිය හැකි සියලු දෙනාට දැනට ඇරයුම් කරලා තියනවා අපිට පුලුවන් තරම් දන්න දැනුම බෙදා ගන්න උදව් වෙන ලෙස.

දැනට මේ සියලු වැඩ සදහා අවශ්‍යතා මොනවාද

අපි දන්නවා මේ වගේ වැඩ ව්ලට ක්‍රියාකාරී  හිස්ට් බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන් අපේ අධ්‍යාපනික බ්ලොගයටත් ඒක එහෙමයි මොකද ඒක මගේ අත්දැකීම් වලට අනුව ඒක ශ්‍රි ලංකාව තුල අන්තර්ජාලයේ අධ්‍යාපනයට තියන තෑන.අපේ අධ්‍යපන බ්ලොගයට හිට්ස් අඩුවෙයි ඒත් අපිට ඕනි ප්‍රයෝජනයක් ගන්නා කෙනෙක් සදහා මේ දේ කරන්න.
අපිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යන ළමයි සදහා සංවිධානය කරන්න යන සම්මන්ත්‍රණ මලාවට සක්‍රීය දයකත්වය ලබා දෙන්න පුලුවන් අය හිටියානම් ඒක තමා කරන්න පුලුවන් ලොකුම දේ .


බ්ලොග් ලින්කුව-http://alhelp.blogspot.com/
බුකියේ ලින්කුව-http://www.facebook.com/groups/udhuAL/


මේ ලිපිය කියවු ඔබ සැමට මගේ ස්තූතිය
-මහෙෂ්
ලස්සන ලෝක ළමා දිනයක් වේවා!!


A/L help facebook group
A/L help blog


ඒ ලෙවෙල් එක කරන්න ලෙවල් ලෑලි ඕනේද?>>>>>
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya