Thursday, September 13, 2012



මා ලියූ කිසිදු පරිකල්පන කතාවක මා මෙය එවැනි කතාවක් යැයි සදහන් කලේ නැත.මා කල විහිලු කතාවක මා මේ ලීවේ විහිලු කතාවක් යැයි සදහන් කලේ නැත.මාගේ ලිපියකට කමෙන්‍ටුවක් වැ‍ටුනේ නම් ඒ කලා තුරකිනි බ්ලොගයට ඒ හැටි පිරිසක් ගොඩ වුයේ ද නැත.මේ කියන්නට යන්නේ මා ගැන විස්තරක් නොවේ නමුත් එය කීම කතාව ගොඩනැන්වීමට හොද පදනමක් යැයි මා හිත පවසන නිසාම  එය කියාගෙනම ඉදිරියට ලියමි නමුදු ලිවිමේ අවසානය කුමක් දැයි මා හිත දන්නේ නැත.නමුදු දැනටමත් මා ලිපියට මාතෘකාවක් ද යොදා අවසන් ය.

දැන් ලියන්නේ මා ගැනයි.
2010 අවුරුද්දේ මුල් මාසයේ මා බ්ලොග් ගැන කිසි දෙයක් දන්නේ නැත.බ්ලොග් කියනා වචනය ද මා කන වැකී ඇත්නම් ඒ කණ කැස්බෑවකු විය සුදුරකින් අහස බලන්නා වැනි විරල සිද්ධියකිනි.එය එසේ ඇසුනේද යන්න මතකයක් පවා එකල මා සතු නොවීය.එකල මා සතුව දැඩි ආශාවක් විය එනම් මටම කියා වෙබ් අඩවියක් නිර්මාණය කොට ගැනීම පිලිබදවයි.මේ පිලිබදව සොයා යන විට ඩොමේන් කියා ජාතියක් ඇති බවත් ඒ සදහා මුදලක් වැයවෙන බවත් තවක් එකී නොකී බොහෝ දෑ මා ගේ දැණුම ගබඩාවට මා ‍රැ කොට ගත්තේය.නමුත් මගේ කීයා වෙබ් අඩවියක් නිර්මානය කොට එහි මොනවා පල කරන්නේ දැයි අදහසක් වත් මා සතු නොවීය.එකල බුකීයේ සැරිසරන විට එක් අයියා (ඔහු කවුදැයි මතකයේ නැත.) කෙනකුගේ ෆොරොෆ්යිල් ලින්ක්ස් වල ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එකක් අඩංගු කොට තිබුනි.ඒසැනින් පෞදගලික වෙබ් අඩවි නැරඹිම ආසාව නිසාම  හමුවෙන සැම කෙනාගේම  ෆොරොෆ්යිල්  පිරික්සා වෙබ් අඩවි සොයන්නට විය.එක් තැනකදි.http://(නම මතක නැත).blogpost.com අඩවිය හමුවිය එය පුදුමාකාර අඩවියකි එය ඔහුගේ දින පොත මෙන් විය.එහි ඔහුගේ යාලුවන්ගේ බ්ලොග් අඩවි වල ලික්ද සටහන් කොට තිබුනි.එය අමුතුම පාරාදීසයක් බැව් වටහා ගන්නට මට පැය කිහිපයක් ගත නොවීය.එක බ්ලොගයක තිබූ ලින්කුවක් ඔස්සේ මා ඉබේම  www.blgger.com  වෙත පිවිස තිබුනි.
           දන්න කඩ්ඩක් ගැට ගසා කියව ගත් විට එය නොමිලේ වෙබ් අඩවි සදා ගන්නට දෙන අඩවියක් බැව් පෙනුනි.මෙය මා සොය සොයා සිටි නිධනයක් පහල වුවා වැනි විය.2010 ජනවාරි මුල් මාසය අවසන් වන්නට පෙර මා වෙබ් අඩවියක හිමිකරුවකු විය.දැන් චේතනාව පරිසමප්ත්‍ර අර්තයෙන්ම සාර්තක වී අවසන් විය.මා සොයා ගත් වෙබ් අඩවිය මහ අමුතු තාලයේ එකකි එකි එක එක් විකාර ඇත මට අවශ ආකාරයට සකස් කරගන්නට මා සෝයා උපයා ගත් දැනුම මදි පහඩුය.එකල බොක්කෙන්ම කල කාරයක් නිසාම මාර්තු මාසය අවසන් වෙන්නට පෙර බ්ලොග් අඩවි සෑහෙන තොගයක් කියවා හදාරා ඒකලාව පිලිබදව යම් දැනුමක් මා සතු විය.දැන් මට මාගේ කතා ලියාගෙන යන්නට තවත් අඩවියක් තනන්නට අවශය විය.ඒඅනුව 2010 අප්‍රේල් මාසයේ පිස්සු කොල්ලකුගේ කතා නමින් "මහෙෂ්ගේ ලෝකය" මා අතින් නිම විය.
    එක දෙක කතා ලිවීය නමුත් අනික් අයගේ මෙන් කවුරුත් මාහට කමෙන්ට් කලේ නැත එකල මට එහි අවශතාවයක් ද නොවීය,මා ගේ බ්ලොගයේ ලස්සන වැඩිවන විට මගේ සතුට එය විය.එසේ අවුරුද්දක් ගෙවී යද්ද්දී 2011 සැප්තම්බර් මස පෝස්ට් කල පෝලිම් දෙක තුනකට එනම් "අර..පුංචි එකෙක්" ලිපියට කමෙන්ට් හතරක් වැටී තුබුනි.ඒවා පහත පරිදීය


කතන්දර Kathandara said...
අපි කොහොමද ඔයාගේ බ්ලොග් එක ගැන දැන ගන්නේ?
මේක සින්ඩිකේටර්වල තියෙනවද?
ඔයා වෙනත් බ්ලොග්වල මීට කලින් කමෙන්ට් කරලා තියෙනවද?

අධෛර්යමත් නොවී ලිවීම ගැන මගේ ප්‍රසාදය පළ කරමි!


සොඳුරු සිත said...
අහල තියද නන්දා මාලනී මහත්මියගේ ගීතය

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne

නැවතත් ඒ ගීතය මතක් කරන්නට , අමතක වූවන් ගැන සිතන්නට මොහොතක් ලබා දීම ගැන ස්තූතියි. මෙහෙට එන්න පාර කීයේ කතන්දර.

මම
සොඳුරු සිත

indi said...
ටිකක් ඔයාගෙ සයිට් එක බර වැඩිය් ලෝඩ් වෙන්න වෙලා යනව....ඔයා සින්ඩිකේටර වල නැ වගේ පේන්නෙ..අපේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට එන්න...අපිත් මහ තරු නෙමෙ බන්...ඒවයින් තමයි මිනිස්සු බලන්නෙ...
තව ෆේස්බුක් ගෲප් එකකුත් තියෙනව..
http://syndi.lankeeya.lk/
ආ තව දෙයක් මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්න නැත්තං මාර අවුලක් එනව කමෙන්ට් කරනකොට

මහේෂ් නිශාන්ත said...
පොඩි එකෙක්ගේ ඇඬිල්ලේ ලොකු , පොඩි භේදයක් නැහැනේ , නමුත් වැඩිහිටි අපේ නම් වෙනසක් තියෙනව නේද ? ලස්සන නිර්මාණයක් .

මල්ලී , මේකෙ word verification අයින් කළොත් හොඳයි නේද ? , comment කරන්න ගියාම ටිකක් කරදරයි වගේ ..


මටවත් සිතා ගන්නට බැරිය මේ අද වන විට බ්ලොග් අවකාෂයේ බෑබලෙන තාරකා කිහිපයෙන් කිහිපයකි.ඒකල ඒ වාට රිප්ලේ කරන්නට වත්.සින්ඩි කියන්නේ මොනවාද්ජ අහන්නට වත් මට උවමනාවක් නොවීය.එහෙත් ඊට මාස 7කට පමන පසු බ්ලොග් ගැන එකී නොකී බොහෝ දේ ඉගන ගතිමු.සිංඩිවලට මාගෙ බ්ලොගය ඇතුල් කලා එත් ඒ වෙනකොට ලංකා අව්කාෂයේ බ්ලොග් පොරයක් වී අවසන් .ඉටත් මාස 2ක තන්කට පසු මටත් ඉර පායන කාලයක් උදා උනා මාගේ ලිපි වලට කමෙන්ට් එක දෙක වැ‍ටුනා.කට්ටිය ආවාගියා කියලා පෙන්න තිබුනා.මන් ලියන් ඒවත් කට්ටිය කියෙව්වා.මා ගොඩාක් ලීවේ හීන කතන්දර  කොටින්ම කීවොත් ඒවා පරි කල්පන.ඒත් මාගේ වයස කීව බ්ලොග් පෝස්ට් එකට පස්සේ අහපු කමෙන්ට් අඩුවෙන්න පටන් ගත්තා ඒ ඇයි එ? මේ හැම දෙයකින්ම මන් හදුන ගත්ත ලොකු කතාවක් තියනවා.

01.ඔබ කාලයක් හොද ලිපි හත අටක නම ගිය හිමිකරුවෙක් නම් ඔබ ලියන ඕනෑම කුණු කන්දලකට :) හිනා මූනක කමෙන්‍ටුවක් හෝ වැටේ

02.කවුරු මොනවා කීවත් අපිට පුලුවන් නම් විචාරාත්මක අදසක් සාරතකත්වකින් ලිය ගන්න.කමෙන්‍ටුවක් නොලබුනත් හිතට සැකයක් නැති සතුටක් තියනවා.

03.ඇනෝ කියන්නේ වටිනා දෙයක්

04.කවදාවත් වයස කියන්න හොද නෑ :)
 
             වටිනාම දේ තමා වටිනා දෙයක් අකුර කිරීම

16 comments:

  1. අධෛර්යමත් වෙන්නැතුව දිගටම ලීපු එක ලොකු දෙයක් නේන්නං...
    ජය වේවා ඉදිරියටත්!!!!!!!!

    ReplyDelete
  2. :) ජය වේවා උඹත් දැන් දිදුලන තරුවක්නේ

    ReplyDelete
  3. බ්ලොග් ලෝකෙට වයස කියන එක අදාලයි කියන එක නම් මට පිළිගන්න බෑ. ඔබා මාමට හැමෝම ආදරේ කලේ තාමත් එයා ගැන කතා කරන්නේ වයස නිසා නෙවෙයිනේ. අනිත් කතා නම් ඇත්ත. ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
  4. කාලයත් එක්ක මිනිස්සු ගොඩක් දේවල් තේරුම් ගන්නවා බං! මගේ කතාව කියලත් ලොකු වෙනසක් නෑ!

    ReplyDelete
  5. සතුටුයි ඔබේ මෙවන් සටහනකට අදහසක් දක්වන්නට ලැබිම ගැන ..දිගටම ලියන්න ...මේ බ්ලොග් පිටුවක අකුරු කරන අපට ලැබෙන එකම දේ තවෙකෙක් මෙය කියැවූබව දැනුනාම ලැබෙන අහිංසක නිරාමිස සතුට විතරයි ,
    ඒ අහිංසක සතුට වෙනුවෙන් ලියන්න ..මොකද සතුටයි අපි ජීවත් කරවන්නේ .....

    ReplyDelete
  6. හය්යො එහෙමත් එකක් තියනවද.. ඔය වයසෙ ප්‍රශ්නෙනන් තියනව තමයි .. මෙ ප්ඔඩි එකා දන්නෙ මොනවද කියලනෙ කියන්නෙ :/

    ReplyDelete
  7. වටිනාම දේ තමා වටිනා දෙයක් අකුර කිරීම

    හ්ම්ම්..ජයෙන් ජය!

    ReplyDelete
  8. සුබ පැතුම්...
    මේ ඔයාමනේ... මම හිතුවෙ පින්තූර ගන්න කෙනා එක්කෙනක්.බ්ලොග් ලියන කෙනා වෙන එක්කෙනෙක් කියලා ....

    ජයෙන් ජය වේවා....................

    ReplyDelete
  9. එල එල

    දිගටම ලියන්න

    ReplyDelete
  10. මෙලෝ රහක් නැති පෝස්ට් එකකට "බ්ලොග් කියවන ලියන ඔබ කියවිය යුතුම ලිපිය BLOGS READER AND WRITER" කතන්දරකාරයා ගුරු කොට සලකන නිසාද මන්දා.

    ReplyDelete
  11. හිහිහි.. වයස කිව්වට පස්සේ කියවන එක අඩු වුනේ ඇයි දන්නේ.. අනේ මන්ද.. මම නම් මෙහේ ආවේ ඒ පොස්ට් එකෙන් නේ... ජය වේවා..

    ReplyDelete
  12. මට මේ පොස්ට් එක අහම්බෙන් සෙට් උනේ. ලිපියේ තියන කරුණු හුග හරියක් මටත් සාධාරණයි. ජයවේවා!!!
    චන්දන

    ReplyDelete
  13. "වටිනාම දේ තමා වටිනා දෙයක් අකුර කිරීම" මෙකට නම් ලොවෙත් එකගයි.. අද තමයි මාත් මේ පැත්තට අවේ..

    ජය වේවා...!!

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya