Sunday, June 17, 2012

බඩී see u later...

දැන් මාස අටකට විතර විතර කලින් මං ගෙදර එනකොට අම්මයි,නංගියි,මල්ලි හැමෝම කුස්සිය පැත්තේ ලොකු සද්දයක් මොනවා හරි තුන්දෙනා එකතු වෙලා කතා කරනවා.අප්පචී නම් වැඩ ඇරිලා ගෙදර ඇවිත් නෑ වගේ.කාමරයට ගිය මං බෑග් එක තියලා ඇදුම් මාරු නොකරම කුස්සිය පැත්තට ගියා.
කුස්සියට යනකොට පුංචි බලු පැටියෙක් මාව දැකලා මගේ පැත්තට හිමීට ඇවිදගෙන එනවා.විස්තර අහලා බලපුවාම අම්මා කීවා.
මං අද ලේවැල්ලේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.මුගේ අම්මා මැරිලා මේ වගේම පැටව් දෙන්නෙක් හිටියා.මං මූව අරගෙන ආවා.තාම සති දෙකක් වත් නෑ.
පොර ගෙදරට ගෙනාවාම වැඩ වැඩි වුනේ අම්මාට තමයි අපේ වැඩ වලට අමත්‍ර මූට කිරි ටිකක් වත් බීගන්න බෑ හරියට සීතලට ගැහෙනවා.අමාකොහොම හරි මූව හොදට බලා ගත්තා.
එදා හවස තමා නම් තැබීමේ උලෙල.හැමෝම එක එක නම් යෝජනා කලා එත් මූ දිහා බලන් හිටපු මට එක පාරටම බඩී කියවුනා.මුගේ රූපෙත් එක්ක නම් යස අපූර්වට ගැලපුනා.හැමෝම ඒකට කැමති වුනා.එදා ඉදන් මේ බලු පැටියා බඩී වුනා.

ම්ං ටිකක් තදට හිටියාට මේ පොරට අම්මයි නංගී නිසා හුරතලෙටමයි හැදුනේ.හැම වෙලේම සෙල්ලම.හැමෝටම හොරෙන් නංගිගේ කාමරයට ගිහින් නංගි පාඩම් කරනකොට පු‍ටුව ඇතුලට වෙලා ඉන්නවා.උදේම අපි හැමෝම ගෙදරින් ගියාම වැඩිපුරම ඉන්නේ අම්මත් එක්ක ඒක් නිසා පොර අම්මාගේ බුදු ‍ෆිට් එක වුනා.
      අම්මා එක්කම ගිහින් කොහොම හරි පවුලේ නෑදෑ ගෙවල් ටිකත් දන්නවා මාසයක් දෙකක් යනකොට.දවස් දෙකකට සැරයක් වත් මේ හැමෝම ගිහි බලලා ආවේ නැත්නම් පොරට නින්ද යන් නැතිව ඇති.
බඩීගේ ලෝකය රස කතා මල්ලත් අපි ගෙදර එනකම් බලන් ඉන්නේ ඉස්සරහාට ඇවිත් බලන් ඉන්න.මොනවා හරි දුන්නාම චුට්ටක් කාලා ඉතිරි ටික හන්ගලා තියා ගන්න පොරක්.දෙන ඕනි කෑමක් කනවා පැනි රස වලට වගෙම මස් වලටත් හොද රුසියා.
   පෙරේදා අම්මා එක්කම අත්තම්මාව බලන්න ගිහින් එහෙන් දුන්න බිස්කට් එක කාලත් නෑ.ගෙදරදී දුන්න මොකුත්ම කෑ වේ නෑ,මල්ලි හැමදාම ගේන 5හේ අයිස් එක.නංගිගේ හකුරු කැල්ල අඩුම එදා වතුරවත් බීවෙ නෑ.
    එදා හවස පොර නිදිමත් ගතියෙන් ගිටියේ.අප්පචී කීවා හෙට ගිහින් පශු වෛද්‍ය ලගට හිහින් බෙහෙත් ගෙන්න කියාලා.අම්මා ඊයේ ගිහින් බෙහෙත් ගෙනල්ලා.උනක් කියලා බෙහෙත් 3ක් විද්දාලූ..
  ඊයේ ‍රැට්ත් මන් හැමදම වගේ එලියට ගියා.හැමදාම ටික වෙලාවක අහස දිහා බලන් ඉන්න එක මගේ පු‍රැද්දක් වෙලා තිබුනා ඒ වෙලාවට මං ලගට බඩිත් ඇවිත් ඉදගෙන ඉන්නවා.කවුරුත් නොදන්න ලොකු බැදීමක් අපි අතර තිබුනේ එහෙම.එත් ඊයේ අවෙ නැති නිසා මන් කුස්සිය පැත්ත්ට ගිහින් බැලුවා පොර ඔලුව උස්සලා බැලුවා.පෝට අමරුයි වගේ.මන් ඔලුවත් අත්ගාලා මොකුත්ම නොකිය අවා.
          අම්මටත් පාන්දර එකට  විතර ඇහැරිලා අම්මට නිකමට ගිහින් බලන්න හිතිලා.අම්මා දොර ඇරගෙන යනකොට පොර නැගිටින්න හදලා එත්  වැටියා.අම්මා අල්ලල බලනකොට සීතලයි ලු.අම්මා රෙදි කැල්ලකුත් පොරවලා ගිහින්..

අද උදෙන්ම කවදාවත් නැතිවන් නංගි ඇවිත් කැ ගහනවා අඩ අඩ අයියා නැගිටින්න නැගිටින්න..
මං නැගිටල ඇයි ඇහුව..
බඩී..කියලා කීවා


මං ටක් ගාලා දුවන් ගිහින් බලනකොට බඩිව රෙදි කෑල්ලකින් වහලා.මන් රෙදි කැල්ල ඈත් කරලා බඩියේ  මූන බැලුවා...

අල්ලපු ගෙදර මල්ලි මායි  අපෙ මල්ලි නංගියි.පවුලේ සොහොනේම වල්ක් කපලා බඩීව වැලලුවා.
අපි කාටත් දැන් උබ නැතිව පාලු හිතයි බඩී..උබට නිවන් සුව.

ඔන්න පහලින් මන් පින්තූර ටිකකුත් දැම්මා



කොල එක්ක සෙල්ලම් කරන එක තමා කරන්නේ
කොල එක්ක සෙල්ලම් කරලා ඇති වුනාද

දෙයියනේ උබ බල්ලෙක් යකෝ ඕවා හා වැඩ

මගේ  4ටෝ එකක් ගහ ගන්න

ආ තව 4ටෝ එකක්

දැන් ඇති

12 comments:

  1. හපොයි ඔහොම තමයි බල්ලෙක් උනත් ළඟින් ඉඳලා දාලා යද්දි

    ReplyDelete
  2. සමහර සත්තු මිනිසුන්ටත් වැඩියෙන් අපි එක්ක බැදෙනවා
    ඒ බැඳීම් ඉවරකරලා අපෙන් වෙන්වෙලා යද්දී හිතට ලොකු දුකක් තමා
    අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
  3. hm....... dukae ...katawa nam hodae.....

    ReplyDelete
  4. පව්..එයා හරිම ලස්සනයිනේ..

    එයාට නිවන් සුව ..

    ReplyDelete
  5. Samahara minissunta wada buddy uba laga thibba gathi guna walata garu karanawa...!!!

    ReplyDelete
  6. Samahara minissunta wada buddy uba laga thibba gathi guna walata garu karanawa...!!!

    ReplyDelete
  7. බඩී... සුභ ගමන්....

    ReplyDelete
  8. සතෙක් උනත් හරිම කනගාටුයි ...

    ReplyDelete
  9. බඩීගේ 4ටෝ දැකපු ගමන් ආසාවෙන් පෝස්ට් එක කියවන්න ගත්තේ..අ‍නේ දැන්නම් හිතට හුගක් දුකයි..මොකද ඔය දුක මටත් හොදටම දැනිලා තියන දෙයක්..සතෙක් වුනත් අපි ආදරෙන් බලා ගන්න නිසා නැතිවුනාම ඇත්තටම හිතට දැනෙන වේදනාව වැඩි....

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya