Friday, June 15, 2012

මං ආසම ඉස්කෝලේ තමා මන් පොඩිකාලේ ඒ කියන්නේ පහ වසරට යනකම් ගිය ප්‍රයිමරිය.ඒක මිශ්‍ර එකක් එක නම් කථා ලෝකයක් කියලා වැඩක් නෑ පුදුම විනෝදෙන් තමා අපි හිටියේ.මේ සිද්ධිය වුනේ මං හතර වසරේ ඉන්නකොට දන්නවානේ.ඉතින් ඒ කාලෙට වැඩේම සෙල්ලම් කරන එක.
අපේ පංතියේ කොල්ලෝ ටිකට වගේම කෙල්ලෝ ටිකටත් අපේ පංතිභාර ටීචර් හරිම ආදරේ.මට ටීචර්ව ලගදී හම්බ වුනා දැන් ඉන්ටනැෂනල් ස්කූල් එකක උගන්වනවා කීවේ..
ඒ කාලේ හිටපු යාලුවෝ ඔක්කෝම ටික හම්බ වෙන්නේ නම් නෑ ඉදලා හිටලා..එකෙක් දෙකෙක් සෙට් වෙනවා..
මට හරියටම හිටියේ හතර A ද නැත්නම් හරියටම ඒකනම් මතක නෑ ඒ වුනාට අපේ පංතියේ ටිචර් අපිව සෙල්ලමට වගේම අපේ පංතිය ඉස්සරහා තිබුන පොකුන සුද්ද කරන්නයි...ඒක ලස්සනට බලාගන්නයි..පංතිය පිටිපස්සා ලස්සන පුංචි එලවළු පාත්තියක් වවන්නයි අපිව පුරුදු කරලා තිබ්බා..
මට අද වගේ මතක්යි අපි අතින් ඒ ලග යන ලොකු මොලක් කැපිලා ඒ මුලෙන් වතුර ගලද්දි ඒක් උල්පතක් කියලා හිතලා ඕක්කෝම එකතු වෙලා එකෙන් ටැංකියක් හදලා ස්කොලේ ලමයින්ට වතුර දෙන්න කතා වුනා..ඒත් ඉලග දවසේ..උදේ යනකොට අපේ උල්පත හිදිලා.. දැන් තමා තේරෙන්නේ ඒ දුක් වුනේ කැපුනු මුලකින් ගලපු වතුර ටිකකට නේද කියලා...

බුවෙකුයි.මේ කතාවේ ප්‍රධාන චරිත තුනෙන් දෙකක් තමා ඒ..
ඔන්න දවසක් අපි සෙල්ලම් කරනකෝට ගයාන් කන්ණාඩි කැල්ලක් ඒ කියන්නේ තල දර්පණයක් අර අපි මූණ බලන්නේ.අන්න ඔය මගුලේ කෑල්ලක් කොහෙන්දෝ අරගෙන ඇවිත් ඒ පොර තනියම අපි සෙල්ලම් කරනකොට..ඒක ඉර එලියට අල්ලලා අපි ඉන්න දිහාවට ඒකේ එළිය අල්ලනවා.ඔයාලා දන්නවාද ඉස්සර ඒ කියන්නේ අපි පොඩි කාලේ වැඩිය ඔය ටෙනිස් රබර් බෝල තිබුනේ නෑ..ප්ලාස්ටික් බෝලක් සෙට් වුනේ නැත් නම් ගොඩක් වෙලාවට පොල් පිත්තයි හොදට තලපු පොල්ලෙයි බොලෙයි තමා.
හරි දැන අර පොර අරක අල්ලනවා අපිට මැජික් වගේ..ක්‍රිකට් හගන එක නවත්තපු සුරේෂ් එක පාරට කීවා ඔය ගයාන්ට මන්තර බලයක් ලැබිලා අපි විනාශ කරන්න යන්නේ කියලා.
               හත් දෙයියනේ අපි මොනවා කරන්නද ..අපි ඇහුවා අපි කොහොමද බේරෙන්නේ කියාලා සුරේෂ් කීවා මටත් බලයක් තියනවා උබලා වරෙල්ලා මන් එක්ක මට උදව් කරන්න කියලා.
   ම්.ම්..... ඉට පස්සේ නම් මට මතක නෑ කොහොම හරි සුරේෂ් කීවා අපිට ගයාන් පන්නන්න කියලා.අපි ඔක්කෝම ගයාන් කන්ණාඩිය අල්ලන තැනට කෑ ගහගෙන දුවනවා.පොර කණ්ණාඩිය අතෑරලා දිව්වා..
   අපි එතනට යනකොට කණ්නාඩිය කැඩිලා කුඩුවෙලා..සුරේෂ් කීවා අල්ලන එපා කියලා පොර එතන බලලා කීවා ගයාන් අපිට ෂාපයක් කරලා කියලා..
  ඒක හොද කරන්න අපේ පාත්තියේ එලවලු,පොකුණේ වතුර කැඩුනු කණ්ණාඩි ලොකුම කෑල්ල ඕනි කියලා..කණ්නාඩි කැල්ලක් අහුලගෙන අපේ පත්තිය ගාවට ගියා..

සුරේෂ් ඒකේ තිබ්බ හැම එලවලු වර්ගයකම කොලයක් කඩලා කෑල්ලක් කටේ දාලා හැපුවා..අපිට මැජික් වගේ....ඊට පස්සේ කොල ටිකක් තලලා ප්න්තියේ කොල්ලෙක්ගේ බොත්ලයකට දාලා පොකුනෙන් වතුර පිරෙව්වා..
ඒ කරලා කීවා දැන් ගයාන අල්ලගන්න ඕනි කණ්ණාඩිය මූණට අල්ලලා..මේ හදපු ගෙහෙත ගයානට පොවපුවාම ෂාපේ නැත් වෙනවාලු...
  අපි ගයාන අල්ලන දුවනවා පොර අල්ල ගන්න බෑ ඊට පස්සේ සුරේෂ් කීවා මන්තර සටන කියලා..අපි හැමෝටම..අහුවෙන ගල් කෑලි පොලු බෙදලා දුන්නා..ලී වගේ..අපි උස්සගෙන පංතියට ගියා ඒත් ගයාන් නෑ අපි කෑ ගහගෙන හොයනකොට කෙල්ලෝ කීවා..එපා..එපා කියලා..ඒත් අපි පන්නන පටන් ගත්තා..
                        අපි ඔක්කොම කොල්ලෝ ටික දුවනවා ගයාන් ටොයිලට් එක අස්සට ගිහින් දොර වහ ගත්තා..කෙල්ලෝ ටික ටික අඩු වෙලා අන්තිමට ජයමිනී කියලා කෙල්ලක් විතරයි ඉතුරු උනේ...එකි අපිට කීවා අපි අහන් නෑ දොරත් එක්ක ගහනවා..ඊට පස්සේ මගේ හොදම යාළුවා ලහිරු ඇදගෙන ජයමිනී..ගියා...
 ටික වෙලා වකින්..ප්‍රින්සිපල් සහ එහා පංතියේ ටීචර් අපිව වටලන ලදී ඔකෝ ම එනවා පංතියට.හැමෝම හිගින් පංතියේ ඉදගත්තා.අද අපේ ටිචත් නෑ..ජයමිනී ලහිරු ද බලෙන් ඇදගෙන ගොස් අපිව පාවා දෙන ලදී..
ලමයා කියන්න කවුද කියලා..
ලහිරු හියේ නෑ ලොකු සර් අනික් හැමෝම ...

ලහිරු නැගිටිනවා.ඔ‍ෆිස් එකට ගිහින් ලොකු මැඩම් ගෙන් වේවැල ඉල්ලගෙන එනවා..

කට්ටිට්ය පොලිමට හිටගස්වන ලදී..
කවුද නායකයා එනවා ඉස්සරහට
හුටා පරා ජානේ කීවලු..ඒ වෙලාවේ දන්නේ මන් නේ නායකයා..
පිනා මට හොදවයි අමතන ලදී..එහා පංතියේ ටිචර් ටත් මේ ඇතිය ඇය ගයානව තුරුලු කරන්..අනේ මේ ලමයාට මොනවා හරි වුනා නම්.... තවත් පිනාට මල පන්නවයි..
ම්ං නායකයා නිසා මට තුනක් ශෝට දෙනවායැයි කී බුවා..
ගුරු මේසයට අත් දෙක තබා ඔලුව පාත් කරගන්න කීවාය..
‍තෝ නායකයා නේද?.....
කලිසමද හොදට ඇද්දාට..
පටාස් පටාස් පටාට්...

ජයමිනීට 124!@$!@#%#$^%#^$%
වයසේ හැටිය දඩුවම ලොකු වැඩිය හොදටම ඇඩිනි..අනික් වුන්ට එක ගානේ වැදුනි.පංතියම අඩයි..

ගෙදර ගොස් අම්මාට කියන්නද බැරිය..හවස ගෙදර ගිය පසු කණ්ණාඩිය ලගට ගොස් කලිසම ගැලවා බැලුවාය අවුලක් නැත,නැමී බැලුවාය ..රතු පාටට ඉරි තුනකි..
--------------------------
ප.ලි..
අදටත් මේ කල දේ අදහන්නට බැරිය.එදා අරූගේ කීමට අපි කල දේ..සිරාවටම අපි අරූට ගැහුවානම්..පිනාට තරහා ගිය එක සාදාරණය.
ඒත් සුරේෂ්ට වයසේ හැටියට එහෙම අදහස් අවේ කොහොමද තාම ප්‍රශ්ණයකි!!!!

16 comments:

  1. ජයමිණි කේලම් මල්ලක්නේ බලන් ගියහම ....

    ReplyDelete
  2. @රොබින්ඒ උනාට හොද කෙල්ල.පවු පහ වසරේදී වැන් එක්කට හැප්පුනා එකත් කොලු කතාවක් ලගදීම ලියන් නම්

    ReplyDelete
  3. හී..හී... සුරේශ් ෆිල්ම් බලලද කොයිද.. පව් අනේ ඔයා..

    ReplyDelete
  4. පොඩි කාලේ අපිත් ඔය වගේ කරපු ඒවා නම් අනන්තයි ඒත් ආයේ ඒ වගේ කාලයක් එන්නේ නැහැනේ.

    ReplyDelete
  5. පොඩි කාලෙ ඔය මන්ස්ගාත් කොහෙන් එනවද මන්දා?

    ReplyDelete
  6. අපිත් ඔහොම සැරයක් ගුටි කෑවනේ.. :)

    ReplyDelete
  7. හික් හික්,,, මන්තර මතුරපු ඩයල් එකට බැරි උනාද පින්සිපල්ට මතුරන්න..

    ReplyDelete
  8. @දූපත් වැසියාදුපත් වැසියෝ කාලයකින් මගේ බ්ලොගය පැත්තේ.උබ තමා කමෙන් නැති මගේ බ්ලොගයට එක දෙක හරි කමන්ට් දැම්මේ දැන්.නම් කමෙන්ට් එක දෙක හරි වැටෙනවා.කාලෙකින් ඇවිත් අදහසක් දාලා ගියාට තෑක්ස්

    ReplyDelete
  9. @හරීමේ කතාව මතක් වුනාමත් මන් කල්පනා කලේ ඒකාලේ මේක කොහොම හිතුනාද කියලා.

    ReplyDelete
  10. @නිම්ශාඅනේ මන්දා වූ නිසා මට තමා සුපිරියට වැදුනේ

    ReplyDelete
  11. හික්ස්. මටත් මතකයි ඔය වගේ සිද්දියක් පොඩි කාලෙ උනා. නමුත් ඔහොම බරපතල එකක් නම් නෙමෙයි. :D

    ReplyDelete
  12. Matath mathakai mea scene eka! Ado xira ne A kale :/

    ReplyDelete
  13. ළමා කාලය...ඉතාම සුන්දර..එකකි....හැමෝටම යමක් මතකයේ ඇත....

    ReplyDelete
  14. ළමා කාලය...ඉතාම සුන්දර..එකකි....හැමෝටම යමක් මතකයේ ඇත....

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya