Tuesday, June 12, 2012

එයා මට දුන්න උම්ම්ම්මා එක (+අදරය)

මං ගත්තා අලුත් කී බෝඩ් එකක්..USB එකක්..මගේ අලුත් යතුරු පුවරුවෙන් එකටම කෙ‍ටුවේ නම් මගේ PC ලොක්කාගේ මුරපදේ..ඒක තමා මේක ***** ඕන් ඕචරයි ..හරි ඊලගට මන් කොටන්නේ මෙන්න මේ කථාව හරි හරි නිකන් වටේ යන්න ඕනි නෑනේ කතාව කියන්නම්...
  ඔන්න මේ ලගදී දවසක මන් බස් එකකට නැග්ගා නුවර යන්න.තුනේ දෙකේ සීට් තියන බස් එකක් ඔන්න දැන් කවුරුත් මගෙන් අහන්න එපා මොනවද තුනේ දෙකේ සීස් කියන්නේ කියලා..හරි හරි බස් එකට නැග්ගා..දෙයියනේ කියලා සීට් එකකුත් හම්බ වුනා පිටිපස්සා දොරට ඉස්සරහ එක..සිට් එකේ අනෙක් පැත්ත කොනේ හිටියේ කවුද කියලා නම් මට හරියට ගානක් නෑ..
                ඔන්න දැන් බස් එක යනවා එක හෝල්ට් එකක නැවැත්තුවාම..නිකමට වගේ දෝරෙන් එලිය බැලුනා එතකොටයි එයාව දැක්කේ..කියන්න බැරි ලස්සනක් ඒ වගේම කොහෝදෝ ඉදන් දැක්කා වගේ මතකයක්...
    අනේ මෙයා බස් එකට නගිනවා නම් කියලා හිතුනා..එත් එයාට බස් එකට නගින්න ගානක් නෑ වගේ..වෙලාව මෙන්න මෙයා බස් එකට නගින සෙනග පිටිපස්සෙන්ම බස් එකට නගිනවා..
            ආ......හරේ..යාන්..කොන්දා කෑ ගැහුවා දැන් බස් එක එයයි මායි එක්ක යන්න පටන් ගත්තා..

ඔන්න බස් එකට නැග්ග සෙනග අතරින් එක කෙල්ලක් මාව පාස් කරගෙන ගියා..තව කෙනෙක් ආවා මන් ලග හිට ගත්තා..තව කෙනෙක් ආවා මගේ සීට් එක පිටිපස්සා හිට ගත්තා..
     පොඩ්ඩි දෙන්න බැග් එක මන් ලග  හිට ගත්ත සල්වාර් එකක් ඇදගත්ත කෙල්ල කියනවා..නෑ ඕනි නෑ අක්කි මං තියා ගන්නම්..කියාගන්න බෑ ඒ කට හඩේ ලස්සන මන් හැරිලා බැලුවා ඒ එයා....
    ඔව් ඒ එයා රෝස පාටට හුරු සල්වාර් එකක් ඇදගෙන ..කොහෙන්දෝ ඉදන් ඇවිත් මගේ ඇස් ඉස්සරහට පාතු වුනු ඒ එයා..
ෂික් මූනවත් බලාගෙන යන්න තිබුනානම්...

ටික වෙලාවකින් අහපු ඒ කට හඩ......
 අම්මි හොස්පිටල් බලන්න යනවා.....මං හොරෙන්ම වගේ හැරියා බැලුවා..හුටා පරේ ජානේ කීවාලූ ..කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතාව..
මොනවා කරන්නද අවාසනාව තමා කියලා හිතපු මං ඒ කතාව අහගේන් හිටියා..එකෙන් එයා ගැන ගොඩාක් දේවල් දෙන ගත්තා..වෙලාව කියන්නේ ඒ කොල්ලා එක්ක කතාවෙන් තෙරුනේ පොර පරන යාලුවෙක් වගේ ..මගේ හිතට අහපු සැටිස්..
   ටික වෙලාවකින් ඉස්සරහින් කීප දෙනෙක් බැහැපු නිසා කට්ටිය ඉස්සරහට ගියා ..මෙන්න වෙලාව දැන් කෙල්ල මගේ ඉස්සරහ සිට් එකේ බටෙ අල්ලගෙන මන් ඉස්සරහාම.. හුරේ අරූ හිටපු තෙනට ඇන්ටි එකෙක් ඇවිත් දැන් මට සතු‍ටුයි...එයත් පෙන්න ඉන්නව..අර පොරත් නෑ..
   

එයාගේ සුදු අතින් බෑග් එක අමාරුවෙන් එල්ලගෙන ඉන්නවා..මට එක ඉල්ලගන්න හිතුනත්....මොකක් හින්දාද මන්දා ම්න් ඒක ඉල්ලුවේ නෑ....මන් එයාගේ අත් දෙක දිහා බලාගෙන හිටියා.......

මෙන්න ටික වෙලාවකින් ඒ කටහඩින් මගෙන් අහනවා මොනවාද ඔචර බලන්නේ..කියලා..මන් කීවා නෑ මොකුත් නෑ කියාලා..එතකොට එයා ඇස් දෙක වහලා අහපු ඇරලා ලස්සනට හිනා වුනා..
දයියනේ මෙන්න මන් ලග ඉදගෙන හිටපු ආච්චි බැස්සා ඒ වෙලේම..
එයා මගෙන් ඇහුවා ඒතන ඉදගන්නද කියලා මාත් හා කිවා..එයාට සීට් එක අයිනට යන්න ඕනිලු මං ඒකටත් හා..කීවා..

මං ඇහුවා බැග් එක අල්ලගෙන ඉදලා අත රිදෙනවද කියලා..එයා කීවා ඔව් ඔයා බලන් හිටියා විතරයි ඉලුවෙත් නෑ නේ කියාලා..
ඒ විදියට ගෝඩාක් දෙවක් අපි දෙන්නා කතා කලා..දන්නේම නැතිව වෙලාව ගෙවිල ගිහින්..දෙන් අපි අපිව ගොඩාක් කල් ඉදලා දන්නවා වගේ..එයා මගේ අතින් අල්ලගෙන කතා කර කර යනවා...එක පාරටම එයා කිවා මට ඔයාට උම්මා එකක් දෙන්න ඕනි කියලා..මන් කිවා බ්ස් එකේ කට්ටිය ඉන්න්වානේ කියලා..එයා අනේ ..කමක් නෑ කියලා එයගේ රෝස පාට තොල් ලං කරනකොටම....
මට කොහෝදෝ ඉදන් එයාගේ කටහඩ ඇහුනා...


දෙයියනේ..එක හීනයක්..එයා හිටිය තැනම හිටගෙන ඇන්ටි බැහැලා එයා අර කොල්ලා එක්ක කතාව..හ්ම්..එක පාරටම එහෙනම් ඩයල් කරගන්න කියලා එයා කීවා..කොල්ලා කීවා 071කියලා..
මාත් ටග් ගාලා ෆෝන් එක අරගෙන එයාගේ ‍තෝල් දිහා බලන් හිටියා.
නෑ අනේ..077

බරාආආස්...මාලිගාව ගාව බහින කට්ටිය බහින්න..
නංගා බහිමු..දොර ගාවට ලං වෙලා එයා අර කොල්ලා දිහා බලලා ඇ අර විදියටම ඇස් පියාගෙන  ඇරලා..
ඔයත් එන්න  කීවා..
ඒත්..ඒ මට නෙවේ..
 අර කොල්ලත් එයාලත් එක්කම බැස්සා..හ්ම්ම්..

9 comments:

  1. ලොවෙත් නෑ එල කිරි..බස් එකේ උබ හැමදාම හීන මව මවාද යන්නේ..මොනව වුනත් එල කතාව

    ReplyDelete
  2. අයියූ....මම හිතුවා ඇත්තම යි මේ කියලා..එත් මෙච්චර පාස්ට් මොකද ත් බැලුවා..හීනයක්නේ අයියු..

    ReplyDelete
  3. අයියෝ අපරාදෙනේ :)
    යු එස් බි කී බෝඩ් එක කීයද?

    ReplyDelete
  4. හයියෝ... හීනයක් නේ මේක....

    ReplyDelete
  5. @මඩිස්සලේ නිශාන් ---මේ ටෙම්පලෙට් එකේ Comment වලට reply නැති එක මහ වදයක් නේ..බඩු දැන් හෙන හන් නේ..මේක් නම් රු.500 බාගත්තේ

    ReplyDelete
  6. මචෝ රිප්ලයි බට්න් එක මේකෙන් හදාගන්න
    http://www.anshuldudeja.com/2010/07/how-add-reply-button-to-blogger.html

    රුපියල් 500 ද කී බෝඩ් එක?

    ReplyDelete
  7. @මඩිස්සලේ නිශාන්reply එකක් නම් හරි ගියා එත් ඒකට වෙනම වින්ඩෝ එකක් ඕපන් වෙනවා ඒක තව විකාරයක් :(

    ReplyDelete
  8. දවල් හීනයක්ද? අපරාදේ...

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya