Friday, June 8, 2012

මේ සිද්ධිය වෙන්නේ මං 9 වසරේ ඉන්නකොට,මං ගියේ ජාතික පාසලකට නේ.ඒක මිශ්‍ර පාසලක්,දන්නවානේ අපිට ඕෆ් ෆීරියඩ් කියලා ජාතියක් තියනවා,ගුරුවරයෙක් හදිසියේ අවේ නැත්නම් අපිට ඉතින් ජය හෝ!!!
                  ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොල්ලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)
         ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)
         ඔන්න බොලේ අපිට ඕෆ් පීරියඩ් එකක්.මයිලා නන්ද එහා පැත්තේ එ කියන්නේ ගෑණු පංතිය 9-B එකට උගන්වනවා.උඩම තට්‍ටුව නිසා සිවිලිම් ගහලා නෑ..ඒ වුනාට බිති බැදලා කාලාස් රුම් හොදට වෙන් කරලා තිබුනේ..ඒත් එතින් ඒවට අපේ කටවල් වල සද්ද දරාගන්න් බෑ..එදා ඇන කොණ්ඩා නැද්ද කොහේදෝ.. නැත්නම් එක පාරටම එනව.."‍තෝ නැගිටපන් ‍තෝ නැගිටපන්..‍තෝ හදන්න බෑ.. මෙහේ වරෙන් දන ගහපන්..කෝ නායකයා නැගිටිනවා කෑ ගහන අයගේ නම් ලියලා ඔ‍ෆිස් එකට ගෙනවා" පොර ඉස්කෝලේ එන දවසට මා ඇතුලු මාගේ පංතියේ සගයන් ටික අනිවා දන් ගහනවා දවසට හතර පස් පාරක්..උඩ තට්‍ටුවේ ඉදලා පඩි පෙල දිගේ පොරගේ ඔ‍ෆිස් එක ලගට.. හරි දැන් කථා ව කියන්නම්කෝ....
   ම්ං කිවා වගේ දැන් ඕෆ් පීරියඩ් එකක් දෙපැතේ පංති දේකේ ගුරුවරුන්ට උගන්වන්න බැරි තරමට සද්දේ..9-D එකේ හිටියේ ටිචර් කෙනෙක් එයා දපාරක් විතර ඇවිත් කියලා ගියා එත් සදේ වැඩිවෙනවා විතරයි..පුදුමයි මයිලා නන්ද තාම නෑ..
            අපේ වුන් කෑ ගහන අතරේ අපේ පබාට නියම වැඩක් සෙට් වෙලා..කවුදෝ එකෙක් චිත්‍ර වලට මූර්ති අබන්න ගෙනාපු මැටි එකෙක් සෙට් වෙලා බුවා ඒකෙන් බෝල හද හදා පංතියේ වුන්ට ගහනවා.අපිත් වැඩේට සෙට් වුනා අම්මට සිරි වස්සා අතින් එකක් වෑරදිලා එකක් කළු ලැල්ලට වැදුනා..
      ම‍රැ වැඩේ නේ අපිත් බෝඩ් එකට මැටි වලින් කෙලින්න ගත්තා වාව් ටික වෙලාවක් යනකොට බෝට් එකට බෝම්බයක් ගහලා වගේ හැම තැනම ඩොට් ඩොට්.
    මුන් එක්ක බෑ නේ මු කැ ගහපු නිසා.මයිලා නන්ද ඉවසන්න බැරිම තැන පංතියට ආවා ඇවිත් කතා කරන්න යනකොටම.....බෝඩ් එක දැක්කා..මොකාද යකෝ මෙ අළුගෙත්තේරු වැඩේ කරපු එකා..හුටා හොදටම මල පැනලා..
          එකෙක් වත් මීක් නෑ..වවුලට හාමුදුරුවෝ කියපි..පලයන් ගිහින් කෝට්ටක් අරන් වරෙන් ..වවුලා මරු පොර ..පොර දිරපු ලියක් අරන් ඇවිත්..හාමුදුරුවන්ට තව මල පැන්නා නොවැ.. ගිය එලියට හොද හයේ හතරේ පොල්ලක් කඩාගෙන ආවා..ඔක්කෝටම එලියේ පොලිමක් ගැහෙන්න කිවා එක එකාගෙන් අහනවා කවුද ගැහුවේ කියලා එකෙක් වත් කියන්නේ නෑ..වවුලට එකටම හතරක් විතර තඩි බෑවා..ඉලගට කොල්ලෝ ඔකෝටම ඇති වෙන්න නෙලුවා.දෙන් කෙල්ලෝ අඩ අඩ ගුටි කනවා..අප්පෝ ගහන්නේ අතට එකක් හිමීට එකටත් අඩනවා..ඒ වුනාට නියමයි ඈ අපිට තියන ආදරේට නේ නොකියා ඉන්නේ..
     කෙල්ලගේ අන්තිමේට කුයින් එලිසබත් යකෝ මේකි එක පරටම අපේ නම් කියාගෙන ගියා නේ..ඉවරාරාරායි..නැවතත් මා ඇතුලු සගයන් සැහෙන පිරිසකට ගුටි පූජාව ලැබිනි..
දඩුවම් වශයෙන්..කළු ලැල්ල නැවත පින්තාරු කිරීම. හා එදින දවස පුරා බුදු මැදුර අසල භාවනා කිරීමට වසනාව උදාවිය

11 comments:

  1. සුපර් කතාව යාලුවා

    ReplyDelete
  2. මචං උබට සිරාවට කතා ලියන්න් පුලුවන්.....fatta..apitath oya wageema rasa mathaka thiyenawa....ela

    ReplyDelete
  3. හාවනා කරන්න අවස්තාවක් ලැබෙනවා කියන්නේ සෙල්ලන්ද ?

    ReplyDelete
  4. @රොබින්-- ඔව් බුදු මැදුරක් ඉස්සරහා මිදුල්ලේ වැල්ලේ අවූවේ කට්ට කකා.ටිචස්ලා ලමයි පල් එකට බලන් යද්දි භාවනා කරනවා කියන එක සෙල්ලමක් නේවෙ.. :) :D

    ReplyDelete
  5. කළු ලෑල්ල උඹලා පින්තාර් කලේ මොනවැයින්ද... ඒ දවස් වල අපි කාපු කට්ටක් පහන් දැලි හොයන්න...

    ReplyDelete
  6. kalu lalla pintaru karana eke hodama hariya eradu kiri hoyana eka.e dawas wala api eradu kiri poddakata watura dala aran yanawa.eka kawalam karapu gaman mulu wadema chatar.

    ReplyDelete
  7. ස්කෝලේ යන කාලේ මමත් කොරපු තරමක් කො‍රැව්වේ මගෝඩි වැඩමයි. හැම උදේ ‍රැස්වීමකම වේවැල් කෂාය ෂුවර් මට.පංතියෙන්ම නසරානියා මම නිසා අනිත් එවුන්ගේ ගනුදෙනුත් මගේ එකවුන්ට් එකට වැ‍ටුනු වෙලාවල් තිබුනා. ජය..!

    ReplyDelete
  8. අන්තිමේ කොහෙන් හරි පාවා දෙන්නක් හිටියා.. ඔහොම තමා කොහෙත්...

    ReplyDelete
  9. හාහා උබලටත් වෙන්නේ මරු වැඩ

    ReplyDelete
  10. අප්පා, අර කෙල්ලට උම්ම එකක් දෙන්න හිතෙන්න ඇති සෙට් එකට හෙහෙ

    ReplyDelete
  11. මරු කතාව ඈ

    මගේ ඇස වැල අව්ලක්ද නැත්තම් උබලටත් කමෙන්ට් කරපු උන්ව පෙන්නේ නැද්ද? මම සිරාවට අහන්නේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya