Monday, June 18, 2012

ආතල් ගන්න කතා ලිව්වේ නෑ (+18 නිසා)

මගේ කලින් ලිපිය "+18 තමා ඒ වුනාට මේ කථාව ජරා කියන්න එපා " කියන ලිපිය කිවලා නැති කෙනෙක් ඉන්නවානම් ඒක කියවලා ඉන්න.

ගොඩාක් වෙලාවට මට තියන ලොකුම ප්‍රශ්නේ තමා ම්න් කියන් දේවල් ගොඩාක් අයට තේරෙන් නැති එක.මං මොනවා  හරි  දෙයකින් දෙන්න උත්සහ කරන අදහස මගේ වටේ ඉන්න පිරිසට තෙරෙනවාද කියන් ප්‍රශ්නය.මං හිතන්නේ මගේ ලිපි කියවන ඔයාලට මේ ප්‍රශ්නය නැතිව ඇති මොකද බ්ලොක් ලියන්නෙක් වුනත් කියවන්නෙක් වුනත් යම් කෙනකුගේ අදහසක් තෙරුම් ගන්න ඒක විචක්ෂණ ශීලීව විමර්ශනාත්මක බලන්න පුලුවන් පිරිසක්.

වර්ථමානයේ ලංකාව තුල කුහක මානසික ‍රැල්ලක් බිහි වී ඇතයි කීවොත් මට කිසිවකු බැන නොවදීවි කියා මං සිතනවා.ලංකාව තුල දැන් ඉන්නේ පොෂ් ඇමරිකන් කාරයෝය.ඒත් ලංකීය ඕනීම පවුලක පරම්පරා පහක් පසු පසට ගොස් බැලුවහොත් පොෂ් කාරයෝ නැත අපේ මිතුන් මිත්තලා හරි අපූර්ව ගැමි වැදගත් මිනිසුන්ය.වර්ථමානයේ කරන්නට හොද නමුත් කියන්නට නරකය.කියන දේ විශ්ලෙෂණයක් කලහොත් උට පිස්සුට..ඒ නිසාම අද මිනිසුන්ව නටවන්න බොතල් පත්තර කාරයන්ට ලේසිය.බෝතල් පත්තර කාරයා යනු බෝතලයට පත්ත්‍රය ලියන්නාය.ඔවුන්  ලියනා ලිපි බල්ලාගෙන් පටන් ගෙන මැක්කාගෙන් ඉවර වෙන ගනයේ ඒවාය.මිනිසුන්ට ද ඒවා රසවත්ය.හදවතට එකගව ලිපියක් ලිවුහොත් ඒ පොර දේශත් දෝහියාය.ඒවා කියන කතා නොව ඒවා හැම තැනම වෙන කතා නිසා ඒවා කතා නොකල යුතුය.


මට පලවෙනි කෙස් එක වැටෙන්නේ බුකියෙහි මා අප්ලෝඩ් කල විඩියෝවක් වෙනත් අයට ටැග් කල විටය.ඒ  අපේ AL බයෝ පාඩමෙහි එන දරුවකු බිහිවීමට අදාල කොටස පාසලහි ඉගැන්වු විට.මා මිතුරකු සතුව ඒ හා සම්බන්ද වීඩියෝ පට කිහිපයක් ඇති බවත් එවා මට දිය හැකි බවත් පැවසීය.මට ඒය ලැබුනු පසු එහි ඇති සංවේදි බව නිසාම,මා එය අප්ලෝඩ් කර බුකියේ බයෝ කරනා දන්නා සියලු දෙනාට ටැග් කලේය.එක් ටැග් කිරීමක් හැරෙන්නට අනෙක් සියල්ල ඊලග දවසේ ඉවත් කර දමාය.මාගේ මිතුරියකුගේ අයියා කෙනකුට ටැග් කලේ ඔහුද බයෝ කරනා බුවෙක් නිසාය.
පසු දින ආ ආරංචි මාර්ග වලින් දැනගන්න්ට ලැබුනේ.ඔහුගේ මිතුරියක් අනේ මොනවාද ඔයාගේ වෝල් එකේ දාලා තියන්..
ඔහුගේ හිතට මොනවා උනාද මන් දන්නේ නෑ.ජරා විඩියෝ එකක් ටැග් කට වරදට ඔහු මට ගහන්නට ගැන් එකක් සෙට් ක්ර්ගෙනලු.තනියම ගහන්න බැරි බුවා සෙට් එක එක්කද ගහන්නට නම් අවේ නැත් ආවානම් කන පිරෙන්න වචන සාදයක් මං දෙනවා.


ඒ උදාහරණය මං ගත්තේ ඒක තමා ලිංගික කුහකත්වය කියන් එක තෙරුම් කරන්න.අපේ රටේ මේක ලොකුවටම තියනවා.මෙහෙම මනෝ භාවයක් තියන ඒවා කතා කරන ඒක මීට සම්බන්ද දේවල් කතා කර එක ජරා වැඩක් නමුත් තමුන් ඒව..ඒක කුණුහ‍රැප..බයිලා ගහන ලංකාවේ සමහර අය කියන්නේ මේවා කතා කරන් එක ජරා වැඩක් කියලා.මං හිතනවා බ්ලොග් අවකාශයේ ඉන්නේ ගොඩාක් බුද්ධිමත් විචාරශිලි සෙට් එකක් බොහොම වැද ගත් විදියට මේ මතෘකා  ගැන සාගච්ච කලා.
          තවමත් මංගල උත්සවයකට  පසුව තම යේලිගේ කන්‍යාභාවය පිලිබදව පැහැදිලි විමසීමක් නැද්දමා විසින් සිදු කරගෙන යන් සමාජයකයි අපි ජීවත් වෙන්නේ.ලංකීය සමාජය තාමත් කුමරි බබසර ඉහලින් අගේ කරන රටක්.මං ඉස්සරලා ලිපියෙන් සදහන් කලේ ආතල ගැනීමක් නෙවේ එහි ඇති ගැබුරු තෙරුම වටහා ගැනීමට ට .මෙචර ගැඹුරට සදාචාරය කතා කරන රටේ.පොඩි වුන් ඩබලකගේ මානසිකත්වය ඕකද කියන්නයි මන් උත්සහ කලේ.නැතිව ඒ ලිපියෙන් ආතල් එකක් ගැනීම නෙවේ.
        මන් හිතන්නේ ගොඩාක් අය ඒක තෙරුම් ගත්තා .ඒත් අද මට හමු වු වැඩිමහල් සහොදරයෙක් මොනවද මල්ලි අර දාලා තියෙන්නේ මොනවද බන් ලැජ්ජාවේ බෑ.ඒ පොර කියන්නේ බුකියේ ෂෙයා කර තිබූ ලිපියේ ලින්ක් එක ගැනයි.ඒපොරගේයෙහෙලියන් කීප දෙනකුත් විමසුවාලු මොනවාද ඒ දාලා තියෙන්නේ ඔයාගේ යාලුවෙක්ද කියලා.පොර කියනවා ඒක අයි කරපන් ලු නැතිනම්.මාව ෆ්‍රෙඩ් කෙනෙක් විදියට තියන් නැතිව අයින් කරනවාලු.මන් කීවා හා කියලා.මා කියන්නට යන දේ තේරුම් ගන්න බැරිනම් මගේ දේවල් නොබැලුවාට කමක් නෑ.


මගේ බයෝ පංතියේ ප්‍රජනනය කියන පාඩම උගන්වනකොට කෙනෙක් සර්ට ප්‍රශ්ණයක් යොමු කරලා තිබුනා.
ඕක ඔචර සීරියස් කෙස් එකක් නම් ඇයි මිනිස්සු මෙචර ආස මේ දෙට?
මගේ විදියට පිලිතුර-මිනිසුන් ප්‍රජනනයේ යෙදෙන්නේ තමාගේ වර්ගයාගේ පැවැත්මට.ඒදේ හරියට අපිට කවුරුහරි ගහනවා වගේ රිදුනානම්.අපිව ඇල් පනිත්තකින් ඇනිනවා වගේ රිදුම් දෙන වැඩක් වුනා නම්.වර්ගයාගේ පැවැත්ම ස්ථිර නොවන්නට තිබුනා.වර්ගයාගේ පැවැත්ම උදෙසාම එය රසවත්.

ඒසේ රසවත් වු පමනින් බල්ලන් බලල්ලුන් සේ මිනිසු වන් අප හැසිම සුදුසු නොවේ.මිනිස් සිත.පාලන්ය කල හැකියි.බොහෝ මිනිස් කණ්ඩායම් තම පැවැත්ම සදා ආචාර දර්ම පද්දතියක් ගොඩනගාගෙන තිබේ.
ආසියාතිකයන් වන් අපි සතුව ඒ දේ ගැබුරටම තදින්ම කාවද්දවා තිබේ.
මේවා කතා කලොත් වැරදී නමුත් ඒව හිතේ තියාගේන වැරදි කර කර  එලියට හොද මූන පෙන්නාගෙන හිටියාම නියමයි.මන් මේ ගැන කතා කලාම මොනවාද ලියන්නේ අහනවා.එත් ඒ පොඩි වුන් දෙන්නා වැරදි පාරෙම දිගටම ගියානම්.ඒ වගේ දෙයක් තව තැන් වල වෙන්නට පුලුවනි.මේ ලිපියෙන් කතා කරලා කීවේ ඒහෙම උනොත් ඒ වගේ වැ‍රැද්දක් ට්ඝව කෙනෙක් අතින් නොවෙවි.නමුත් ලිංගික කුහකත්වය නිසා මේ ගැන කතා නොකර සිටියානම්.....මේ වැ‍රැද්ද තව කා අතින් හෝ සිදු වීමට ඉඩ තිබේ..

මට මේක ලියන්න හිතුනේ මොනවද උබ ලියලා තියෙන්නේ අහපු නිසයි.


ප්‍රජනනය යනු-"ජීව්යකු තම විශේෂ්යට අයත් නව ජීවින් / ජීවී පරම්පරාවක් ඇති කිරීමයි"එමගින් ජීවි විශේෂයේ පැවෙත්ම තහවුරු වේ.
මෙය මෙපමනකි අප සියල්ල එය තෙරුම් ගත්තානම්.සියල්ලන් ජීවිතය විදීවී.බ්ලොග් කාරයන් යනු බොතල් පත්තර කාරයන් නොවේ.එමනිසා ලියන්නේ හිතට එකගවය.මන් ලිංගිකත්වය ගැන ලීවේ ආතල් ගන්නට නොව මෙයයි නියම ලිංගිකත්වය.
කුහක කමකට හිත්ට ඉඩ දෙන්න එපා අවංක වෙන්න..

11 comments:

  1. සහෝදරයා, මමත් කලින් කතාව කියෙව්වා. ඒත් කමෙන්ට් එකක් නොදැම්මෙ කමෙන්ට් එකක් දාන්න පුළුවන් තැනක නොසිටි නිසා. ඒ කියන්නෙ සිංහල ෆොන්ට්ස් තියෙන තැනක නොහිටි නිසා.
    කොහොම වුනත් ලිංගික අධ්‍යාපනය කියන්නෙ අත්‍යවශ්‍යම දෙයක්. මේ නූතන සදාචාරවාදීන්ගේ ප්‍රධාන තර්කය තමයි "ඉස්සර ඔහොම මුකුත් තිබුණෙ නෑ. ඒත් අදට වඩා සමාජය ශිෂ්ට සම්පන්නයි" කියන එක. ඒගොල්ලො දන්න ඉටිගෙඩිය.
    ඒ කාලෙ ඉස්කෝල වල නොවුණට හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්න ක්‍රම සහ විධි සකස් වෙලා තිබුණා. හොඳම උදාහරණය මල්වර මඟුල. දැන් ඒ උත්සවේ මළ විකාරයක් කරගෙන තිබුණට මම දන්න තරමින් ඔය ගෙට කරගෙන ඉන්න කාලය තුළ දියණියකට අවශ්‍ය මූලික දැනමුතුකම් එහෙම නියම විදියට ලැබෙනවා.
    ඇරත් ව්‍යාත්ස්‍යායන ඍෂිවරයාව ගල් ගහලා මරපු බවක්වත් පොත තහනම් කරපු බවක් වත් මම නම් අහලා නෑ.
    මුළු ලෝකේ හතර දික් බාගෙන්ම කුණු කන්දල් හා අසහනය ගලාගෙන එන මේ කාලෙ තමයි නිවැරදි ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය. ඒ වගේම ඉස්සර වගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට දරුවො එක්ක නිදහසේ කතා කරන්න නොලැබෙන නිසා ඉතින් ඔය හැමදේම පාසැල් අධ්‍යාපනයට දානවා ඇර වෙන මොනවා කරන්නද?
    මම නම් දුටුව විදිහට ඔබගේ ලිපිය අනුවේදනීය වගේම හිතන්න යමක් ඉතුරු කළ දෙයක්. හොඳ දැනුවත් කිරීමක්. ඒ ලිපිය තුළ කුණුහරුපයක් හෝ අසහනයෙන් පෙළෙන ලේඛකයෙකුගේ ලේඛන ශෛලියක් තිබුණෙත් නෑ.
    ඉතින් මොකටද කාගෙවත් කියමන් වලට සැලෙන්නේ? ජයෙන් ජය.
    (කමෙන්ට් එක පෝස්ට් එකටත් වඩා දිගද මන්දා? :) )

    ReplyDelete
  2. @ලකී වික්‍රමසිංහකමෙන්‍ටුවට බොහෝම ස්තූතියි.මන් ලිපියට ඇතුල්ත් කරන්න ගිහින් දිග වැඩි නිසා ඇතුල්ත් නොකර කරුනු කිහිපයක්ම සදහන් කරලා තියනවා.ස්තූතියි මේ වගේ කමෙන්ට් වැටෙනකොට හැමදාම ලියන්න හිතෙනවානේ.. :)

    ReplyDelete
  3. @Omeshiඔව් ඒ ඒක ඇත්ත.මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි

    ReplyDelete
  4. ඔබේ ලිපිලිවීම ඒ ආකාරයෙන්ම සිදුකරන්න එහි කිසිදු ගැටළුවක් නැත ,පුහු විවේචනයන් ඉදිරිපත් කරන්නේ හිස්මිනිසුන්ය ....

    (බල්ලෙක් බිරුවාට කන්දක් පත්වෙන්නේ නැනේ සහෝදරයා )

    ReplyDelete
  5. @රොබින්ඔබේ වචන ලොකු හයියක් ගොඩක් ස්තූතියි රොබින්

    ReplyDelete
  6. ඔබ නිවැරදියි කියලා ඔබට හැඟෙනවා නම් ඔබට විශ්වාස නම් ලෝකයා කියන දේවල්වලට සැලෙන්න එපා

    ReplyDelete
  7. මෙහෙමයි මචෝ අපි කැමති දේට අනිත් අය කැමති නැති වෙන්න පුළුවන් මොකද එක එක්කෙනාගේ අදහස් වෙනස් නිසා ඒත් එහෙමයි කියලා ඔයාගේ අදහස් වෙනස් ඔයාගේ කැමැත්ත වෙනස් කරගන්නත් එපා .

    ReplyDelete
  8. මම ලඟදි ඇහුව ඉස්කෝලෙක ගුරුවරියක් ප්‍රජනනය පාඩම උගැන්වීම ප්‍රථික්ෂේප කලා කියල. ඒ වගේම තවත් බ්ලොග් ලියන කෙනෙක් කියල තිබුන එයාලගෙ ප්‍රජනනය පාඩමට විද්‍යාව උගන්වපු මිස් නැතුව එයාගෙ ස්වාමියා වෙච්ච ගුරුවරයෙක් ආව කතාවක්. ලමයින්ට දෙයියන්ගෙ පිහිටයි.

    එක එක්කෙනා කියන කතා ගනං ගන්න එපා. එයාලව තමන්ගෙ ලිස්ට් එකෙන් අයින් කරල දාන්න.

    ReplyDelete
  9. අයියෝ සහෝ......ඔය එක එකා කියන කතා ගනන් ගන්න එපා....ලිංගිකත්වය කියන දේ සියල්ලන්ටම පොදු දෙයක්නේ.....ඒක තේරුම් ගන්න බැරි එවුන් කරන වැඩ වලට ඔයා අප්සට් ගහන්නෙ ඇයි....?

    ReplyDelete
  10. ඔය කෙල්ලෝ බොරු සෝබනයට තමා ඔය ඔලුව හංග ගැනිලි වාගේ ගොං පාට් දාන්නේ! එ උනාට ඔහොම උං තමා කොරන තරමක් බලු වැඩ හොරාට කොරන්නේ!

    ReplyDelete
  11. හ්ම් හ්ම්
    බොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට
    බ්ලොග් එකේ අපේ බ්ලොග් සතියේ දැන්වීම දැම්මා නම් තවත් හොඳයි

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya