Tuesday, April 24, 2012

අප්පච්චී කොහොමද….??



දුගඳක් වී මං යනවා … කැළණියෙ කුඩු.. වපුරන්නට…
අප්පච්චි කොහොමද….. මට කෙළවෙන්නේ… ??

විනයක් නැති පර්යේෂණ… බොරුවට මං කරවනවා…
එහෙමයි මේ ගැත්තා… මං රැක ගන්නේ…
පණ වාගේ දැන් මූ මං රැක ගන්නේ….

තඩි මී හරකෙක් වාගේ මං මහ පාරෙත් රඟනව…
ජන මාධ්‍ය කැමරා හෙම.. උදුරා කුඩු කර දමනවා…
අප්පච්චී කොහොමද… මං බේරන්නේ…?

උඹ කරන ඇමතිකම හෙම – ටික දිනකට නැති කරනවා…
සුළු දවසක් කල් මරනවා…
නැවතත් උඹටම පුදනවා….
එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ … මං රැක ගන්නේ…

මං බොරු තරහක් ගන්නව .. නිලධාරියො ගස් බඳිනව…
එලවන්නට මුං හැදුවත් … මං යන්නැතුවම ඉන්නවා…
අප්පච්චී කොහොමද මුං… මං එලවන්නේ…?

උඹටත් වැඩියෙන් හයියෙන් .. මුං මගෙ අම්මට බනිනව…
බොරුවට මං උඹ කපනවා… රට නැලවෙන කල් රඟනවා…

එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ… මං රැක ගන්නේ…

දුඟදක් වී…. //

( අවවාදයයි : පෑලියගොඩින් එහා ප්‍රසිද්ධ තැන් වල ගායනා කොට ආයුෂ අඩු කර නොගන්න.. )

නොදන්නා මගුලෙන් උපුටාගෙන පල කරන ලදී.

4 comments:

  1. ෆට්ට! කියන්න දෙයක් නෑ, ලෙසටම කියල තියනව.

    ReplyDelete
  2. මොනා උනත් මරුවට ලියලා තියෙනවා...

    ReplyDelete
  3. නිමයමයි..ආ... ජය වේවා..

    ReplyDelete
  4. කොල්ලො පරිස්සමින් ඔවා ලියන්නෙ, රාජ උදහසට ලක්වෙයි එහෙම වුනොත් ආයුෂ අඩුවෙයි, සුදු වැන් ගෙවල් පැත්තෙ යයි...... ඔය කුඩ්ඩන්ට වඩා අපිට ඔයාව ගොඩක් වටිනව..... එකයි මෙහෙම කිව්වේ....

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya