Sunday, January 22, 2012

ඉක්මනින් රෝගය හදුනා ගන්න මන්ද ගෙවුනු කාලය නැවත ගෙන්වා ගත නොහැකි බැව්නි.

සැ.යු.-මෙම ලිපියේ අයිතිය මා සතු නොවේ.අයිතිකරු නොදන්නවා වූවාට කාරණා සැමට වැදගත් වේවි.

කාලයෙන් කාලයට ලෝකය පුරා විවිධ උන්මාදයන් පැතිර යයි. වර්තමාන ලෝකයේද ඉතා වේගයෙන් එක්තරා උන්මාදයක් ව්‍යාප්තවෙමින් පවතින බවට සමාජ විශ්‍ලේෂකයන් අනතුරු අඟවා තිබේ. එය වෙන කිසිවක් නොව “Face Book වබේ අඩවියට පිවිසීමේ උන්දමාදයයි”

මේ තත්ත්වයට (fad) ලෙස සමාජ විශ්‍ලේෂකයින් විසින් නමක්ද ලබාදී තිබේ.

සමාජ ජාල වබේ අඩවියක් වන “Face Book” යකෙක් හෝ රකුසෙක් හෝ නොවේ. එනමුත්, “වැඩි සෙනේ දබරයටයි” කියන්නාක් මෙන්, අනවශ්‍ය ආකාරයට නිරතුරුවම Face Book වෙත යොමුවීම, ඔබේ ජීවිතය පසුගාමී කරලීමටත්, ජීවිතයේ නොයෙක් ආකාරයේ ගැටුම් ඇතිකරලීමටත් හේතුවනු ඇත. ඇමරිකානු මනෝ වෛද්‍ය විශ්‍ලේෂකයින් පවසන්නේ නිරතුරුවම Face Book සමග බැඳී සිටීම, එක්තරා ආකාරයකින් “සයිබර් මත්ද්‍රව්‍යක්” ලබා ගැනීමට සමාන බවයි. ඇබ්බැහියක් ඇතිවීමට ගතවන්නේ සුළු කාල සීමාවකි.ඇතැම් පුද්ගලයින් උදෑසන අවදි වූ සැනින් තම Face Book ගිණුම පරීක්ෂාකර එය යාවත්කාලීන කරති. ඉන්පසු දිනකට 5-6 වතාවක්වත් නැවත නැවතත් තම ගිණුම පරීක්ෂා කරති. දිනකට පැය 4-5 අතර කාලයක් Face Book වෙනුවෙන් “මරාදමති” මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම යනු අනිවාර්යයෙන්ම “Facebook Addication Disorder” තත්ත්වයයි. එනම් “Face Book උන්මාදය” යි.“ෆේස්බුක් උන්මාදය” හඳුනාගැනීමට මනෝවෛද්‍ය චිකිත්සකයින්ම අවශ්‍ය නොවේ. ඔබ මතෛක් “Face Book උන්මාදය” හෙවත් “Facebook Addication Disorder” පිළිබඳව දැනසිටියේ නැත. නමුත් දැන් ඔබ දනී. පහත සරල කරුණු කාරණා හොඳින් විමසා බැලීමෙන් ඔබත් අවදානම් තත්ත්වයේ පසුවන්නෙක් දැයි පහසුවෙන් වටහාගත හැකිවනු ඇත.

* ඔබේ එදිනෙදා වැඩකටයුතු, අධ්‍යාපනයට වෙන්ව ඇති කාලය, සමාජ ස්වේච්ඡා කටයුතු, ඔබේ විනෝදාංශය, ඔබේ ප්‍රියතම ටෙලි නාට්‍යය ආදිය අමතක කරදමා, Face Book වබේ අඩවිය පරීක්ෂා කිරීමටත්, ඔබේ සහ ඔබේ පවු‍ලේ ඡායාරූප එහි පළ කිරීමටත් (අප්ලෝඩ් කිරීමට) පෙළඹී සිටිනවාද ?

* ඔබේ ජංගම දුරකථනය හරහා දිනකට කිහිපවරක් Face Book වෙත පිවිසෙනවාද? එසේ නැතිනම් ඔබේ සහ ඔබේ ෆේස්බුක් මිතුරන්ගේ ගිණුම් පිළිබඳව නිරතුරුවම තොරතුරු දැනගැනීමේ “දොළදුකක්” ඔබට තිබෙනවාද?

* ඔබේ සහකරුගෙ, සහකාරියගේ හෝ ඔබේ දෙමාපියන්ගේ, පක්ෂ විපක්ෂ කරුණු දැක්වීම්, තර්ක විතර්ක හා එකඟ නොවීම් මධ්‍යයේත් ඔබ වෙනදා මෙන්ම Face Book පරිහරණය කරනවාද.?

* කිසිම ආකාරයකින් දන්නේ, හඳුනන්නේ නැති පුද්ගලයන් පවා ඔබේ මිතුරු මිතුරියන් ලෙස ඇතුළුකර ගනිමින් ඔබගේ Face Book ගිණුම විශාල කරගනීමේ “පිස්සුවකින්” පෙළෙනවාද?ප්‍රවේසම්වන්න, මෙය “fad” තත්ත්වයේ ප්‍රධානතම ලක්ෂණයක් ලෙස සැලකෙයි.

* Face Book තුළින් යම් පුද්ගලයෙකු සොයාගත නොහැකිවූ විට ඔබ ඒ පිළිබඳව ඉච්ඡාභංගත්වට පත්වෙනවාද..? අවම වශයෙන් දිනකට තුන්වතාවක්වත්, Face Book ගිණුම පරීක්ෂා කරනවාද? දිනයේ පළමු කාර්යය වශයෙන් Face Book පිරික්සීමත්, ඔබේ විවේක කාලයෙන් වැඩි ප්‍රමාණයක් Face Book වෙත වැයකිරීමත් ඔබේ පුරුද්දක් ද?

* ඔබේ සහ ඔබේ පවු‍ලේ ඕනෑම ඡායාරූපයක් Face Book වෙත ඇතුළු කිරීමට ඔබ පෙළඹෙනවාද..?

ඉහත කරුණුවලින් පහකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට ඔබේ පිළිතුර “ඔව්” යන්න නම් වහාම Face Book වෙතින් ඉවත්වන්න. එය ඔබේ ජීවිතයට පමණක් නොව ඔබ වටා සිටින අන්‍යයන්ගේ ජීවිතවලටද වඩා හොඳ වතාවරණයක් ලබාදෙනු ඇත.අනෙක් අතට “Face Book උන්මාදය” තීරණය වන්නේ ඔබ Face Book තුළ රැඳී සිටින කාලය මතම නොවේ. එදිනෙදා ජීවිතයේ ඔබගේ රාජකාරි, යුතුකම් , වගකීම් පැහැරහරිමින් Face Book තුළ කාලය ගත කරයිද යන්න මතයි. නමුත් යමෙකු Face Bookඋන්මාදයට යොමුකරවන ප්‍රධාන සාධකය ඔහු Face Book තුළ ගතකරන කාලය බව අමතක නොකළ යුතුය.පාසල්වියේ සොඳුරු මතක අවදි-කරගැනීමටත්, රට රටවල යහළුවන් හඳුනා ගැනීමටත්, දුරස්වෙමින් පවතින හිතවත්කම් අලුත් කරගැනීමටත් වර්තමාන සයිබර් අවකාශයේ ඇති හොඳම සේවාවක් ලෙස “Face Book” හැඳින්විය හැක “ඕනෑම දෙයක් ඕනෑවට වඩා එපා” යැයි කටවහරේ කියන්නාක් මෙන්ම, Face Book වුවද භාවිතා කළ යුත්තේ සීමාවක් තබා ගනිමිනි. එවිට ගැටලුවක් ඇත්තේ නැත. මේ වදන්පෙළ තිබුණේද Face Book තුළමය. ඒ තුළ සිතන්නට යමක් තිබේ.“මිනිසා Face Book අප්ලෝඩ් කරයි; Face Book මිනිසා ඩවුන්ලෝඩ් කරයි”

2 comments:

  1. මේක අද උදේ මූනුපොතේ තියෙනවා මම දැක්කා...
    මගේ එක...
    "මිනිසා තම ජීවිතය බ්ලොගේ ලියයි. බ්ලොගය මිනිසාගේ ජීවිතය ලියයි"

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya