Sunday, November 27, 2011

අඟහරු ජීවය සොයා

මෙම ලිපිය උපුටා ගැනීම-තරු විදු තොරතුරු ලිපියකිනි.

අඟහරු ජීවය සොයා Mars Trek – Curiosity රෝවරය අභ්‍යවකාශගත වේ.

රෝවරය අභ්‍යවකාශගත වීමට පැය කිහිපයකට පෙර ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදි...

පෘතුවියෙන් එපිට ජීවයක් සොයා යන  Mars Trek – Curiosity යානය මීට සුළු මොහොතකට පෙර අභ්‍යවකාශගත විය.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 08:32ට පමණ Atlas V රොකොට්ටුව ආධාරයෙන් ෆ්ලොරිඩා හි කේප් කැනවරල් තුඩුවේ සිට අඟහරු ග්‍රහයා බලා පිටත් විය.

Mars Trek – Curiosity යනු නාසා හි මීළඟ අඟහරු රෝවරයයි.එය මාස 8.5 ක සහ කිලෝමීටර මිලියන 570ක ගමනකින් අනතුරුව අඟහරුගේ වායුගෝලයට පයට කිලෝමීටර 13ක වේගයෙන් අතුළු වීමට නියමිතයි.ඉන් පසුව රෝවරය කිලෝමීටර 154 ක විශ්කම්භයකින් යුත්  Gale  ආවාටය වෙත පතිත වීමට නියමිතයි.මෙම ආවාටය අවට ඇති ඛනිජ වලින් අඟහරුගේ පෙර පැවතීයැයි සැක කරන ජීවය පිළිබඳ සාක්ෂි සොයාගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වේ.

ඇට්ලස් රොකොට්ටුව V අභ්‍යවකාශගත වීමට මොහොතකට පෙර..

ටොන් එකක බරින් යුත් රෝවරය අඟහරු මත ගතකරන දෙවැනි දිනයේදීම අඟහරුගේ ඡායාරූප පෘතුවියට එවීමට නියමිතයි.ඉන් පසුව තම විද්‍යාත්මක පරීක්ෂන රෝවරය විසින් පෘතුවි විද්‍යාඥයන්ගේ මඟ පෙන්වීම යටතේ අරඹන අතර අඟහරුගේ ප්‍රථම පස් සාම්පලය ලබාගැනීම ගොඩබැසීමෙන් මාස 2-3 කට පසුව සිදු කරනු ඇති.

න්‍යශ්ඨික බැටරියකින් ජවගැන්වෙන රෝවරය අඟහරු වසරක් එසේත් නැතිනම් පෘතුවි දින 687ක් අඟහරු මත රැඳි සිටීමට නියමිතයි.

රෝවරය රැගත් Atlas V

පහතින් දැක්වෙන්නේ යානය අභ්‍යවකාශගත වීමේ විශේෂ අවස්ථායි. ඡායාරූප අනුග්‍රහය: NASA TV

පාලක මැදිරිය සූදානමින්...
අභ්‍යවකාශගත වීමට විනාඩි 4 යි.
තව විනාඩි 3යි තත්පර 37යි
පිටත්වීම ආරම්භ කිරීම
පිටසක්වල ජීවය සොයා යන ගමනක ඇරඹුම...
අභ්‍යවකාශගත වීම
ඈත අහසට යන ජීවයේ බලාපොරොත්තු
ඈත අහසට යන ජීවයේ බලාපොරොත්තු

3 comments:

  1. උණු උණු නියම නිවුස්‌ එකක්. ස්තුතියි,,

    ReplyDelete
  2. තවත් බ්ලොගයක නැවත පලවෙන්න තරම් "හොඳ" (ඇත්තටම හොඳද මන්දා) ලිපියක් ලියන්න ලැබීම සතුටක්! :)

    http://astronewsastroananda.wordpress.com/

    ReplyDelete
  3. යාලුවා මේක අලුත් කරුණක් මමත් තාරකා විද්‍යාවට ගොඩාක් කැමති කෙනෙක් ඉතින් මම හිතුවා මේක ද්කින්න කෙමති අය තවත් ඇති කියලා.මම කියවාගෙන යද්දි ඔබේ ලිපිය සරලව සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගැනීමට හැකිවන් පරිදී ලියවී තිබුනා ඇත්තටම ලිපිඅ හොදයි,,සරලව කරුණු ඇතුලත් වන නිසා.මන්ද මෙය දැනගෙනීමට විද්‍යාවක් අවශ්‍ය නැත අවශ්‍ය වන්නේ කියවීම පමණි. :D

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya