Tuesday, November 29, 2011


" හතර වටේ " බ්ලොග් යේ සටහන් ව තිබූ මෙම ලිපිය ලින්ක් එකක් නොදමා සම්පූර්ණ ලිපියම සටහන එකතු කිරීමට සිතුවෙ මෙහි ඇති වැදගත් කම නිසාමය. කියවා බලන්න


*සැබෑ වූ සිහින
අද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.
බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා. පසු දින වහාම සිය උපදේශක බමුණන් කැඳවන රජතුමා ඒ සිහිනවල පලාඵල විමසනවා. බමුණන්ගේ මතය වන්නේ මෙය කොසොල් රාජ්‍යයට ඉතා අසුභ බවත් ඊට පිලියම් ලෙස බිලි පූජාවක් කර විශාල යාගයක් කලයුතු බවත්ය. මේ අතර රජතුමා බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් මේබව සැලකර සිටිනවා.


මෙහි දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් එම සිහිනවල අර්ථය පහදා දුන් ආකාරයයි.


















බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.


Read More

Sunday, November 27, 2011

මාගේ වතුර වීදුරුව



මාගේ මේසය මත මා ඉදිරියේ ඇති වත්‍ර වීදුරුව ,යම් විදියකින් මෙය වස බදුනක් නැතහොත් ඉතා දරුනු මකරකු වනවා නම් මා කැමතිය..මොන ගැලපීම් යොදා මා කීවත් මම මේ කියන්නට උත්සහ කරන්නේ මේ මොහොතේ මාගේ මිනිස් ආත්මය අහිමි වෙන්නේ නම් යන සංකල්පයයි.එසේ උවහොත් මා අපායට නැතහොත් වෙනත් මානයකට මාගේ ආත්මය ගමන් කරනු ඇත..සමහර විට එය දව්‍ය ලෝකය හෝ සුවර්ගය වනු ඇත.මාගේ ආත්මය මේ මොලය හා ආත්මීය තර්කකිරීම් කරනවාට වඩා එය යහපත් මෙන්ම සුභ දායකයයි මට හැගේ මන්ද ඒ මානයෙදි මා හට අත්මීය බුද්ධියක් නොලබෙනු මන්ද එය විදවීමක් හෝ බලාගෙන කිරීමක් වනු ඇත.නැතිනම් මා මේ ශිෂ්ඨ යෙයි කියනා සමාජයේ අෂිශ්ඨ සම්පන්නව ජීවත් විය යුතුය.එනම් මොලය මැරි ගිය සන්නිවෙදනයක් නොමැති ශරීර කෘතියන් හිතු මනපෙට කරන්නෙකු විය යුතුයි මන්ද එවිට බුද්ධිමය හා බුද්ධිමය නොවන ප්‍රශ්ණ මතුනොවනු ඇත .මට ථාර්කිකයක් අවශය නොවනු ඇත සිතන්නට අනාගතයක් වර්තමානයක්  කෙටියෙන්ම කියතහොත් මා හට කාලය ප්‍රශ්ණයක් නොවනු ඇත.මා මියගිය විට මා වෙනත් මානයකට ගමන් කරවි මාගෙ මල ශරීර කූඩුව නිදහසේ පරිසරයට කොහේ හෝ සිට පොහොරක් සපයනු ඇත බටහිර විද්‍යාවට අනුව ඒ ශක්තිය විනාශ නොව්නු ඇත.එහෙත් එ විට මා මානව සමාජය අමනුශයකු සේ හැදින්වීමක් දෙනු ඇත.එසේනම් මා ඔබ අපි කුමක් කරම් ද?
Read More
ප.ලි.-පහත කවිසටහන් ලියාගෙන යාමේදි සම්හරක් තැන් වල ආදශයට ගත යුතු කවිපෙලි තිබුනි ඉතා සරල බස් වහරකි කියවා බැලිම වටි යැයි කිව හැක.



හරි ඔන්න අද ඉරිදා අදත් ලස්සන ,,කතාවක් වුනා එකක් නෙවේ දෙකක් ඔය දෙකෙන් එකක් වත් නෙවේ මම බිම තිබිලා අහුල ගත්ත කොල කෑල්ලක තිබුනු  දෙයක් කියන්නද හ්ම් ඒක දාන එක හොදයි අර කතා කියනවාට වඩා..මේ ඔයා කියවලා තියනවාද "තේ මල් "කියලා කථා පොතක් නෑ නේද සමහර විට කියවලා ඇති එකේ තියෙන්නේ යටත්විජිත සමයේ සිද්ද වුනු සත්‍ය සිදුවීම් කිහිපයක් ඒ ක කියවන ඔයාලට ඔයගැනම අපි ගැන පොඩි අප්සෙට් එකක් හිතෙයි සමහර කථා වල අපේ කට්ටිය ගැන් කියද්දී හ්ම්ම් හරි මේ දැන් ලියන්න යන දේට ඒ කේ සම්බන්දයක් නෑ මම ඒක කීවේ මට උදේ උනයි කීව අනිත් සිද්දි දෙක මතක් උනාමයි..

හරි කතාවට බහිමු,,මම ගෙදර යනකොට  ගෙදරට යන්න ඉස්සරලා  මට ඉස්කෝලයක් පහුකරන් යන්න ඕනි ඔන්න මම ගෙදරට යනවා යනකොට අර ඉස්කෝලේ ගාව පොත් කොල 2ක් තුනක් වැටිලා තියනවා.ඒක සාමාන්‍ය දෙයක් එත අද එනකොට මගේ ඇස් දෙක වැටිලා තිබුනු එක කොලයක් ලග නැවතුනා අය එක ගන්න බෑ හිතිලා ටික දුරක් ගියාම ඒක බලන්න මට අහපු ආසාවක් ඇති වෙච්චි.මොනවා කරන්නද අපහු ගිහින් කොල කෑල්ල අරන් ආවා.නමෝ බුද්ධාය කියලා දිගෑරල බලපුවාම ලස්සන අකුරින් කවි වගයක් ලියලා පොඩ්ඩක් කියවලා බැලුවා ඇගට ‍ෆිට් නෑ වගේ අනෙක් පැත්ත බැලුවා එපැත්තත් ඒ වගේමයි හැබැ ඒ පැත්ත තමා මුල් පැත්ත බලපුවාම උඩින් මෙහෙම ලියලා තියනවා.. "අයියනායක පද්‍ය පන්තිය" මට හිතුනා මේ කවිටික ලියලා බොලොගියට දාන්න ඔන්න ඉතින් ඒ කවි ටික..(මට ඒ අත් අකුරු ටික දැමීමට නොහැකිවීම ගැන කණගා‍ටුවෙමි.)


සෙවණැලි අවදි නොමවන් වැව් ඉවුරු      කොනේ
කැලය විසින් හැරෙව නුග ගසක                බෙනේ
මලකා කුළුව ගිය ආයුධ කැබලි                  පෙනේ
දෙවියොත් නැතිද මෙහි බලයක් තිබෙනු     පෙනේ



බුදු ගුරු සනි හිරුට හිමි දවස්                      වල
මේ සන්හිදේ එලියක් ඇත සවස්              කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක්                      කල
සැමදෙන ඒ තැන ‍රැස්වෙති තම ගෙවල්           වල


වන්පෙත දැවෙන විට වැද මල හිරුගේ           රත
ගනදුර වසන විට ආලෝකයෙහි                 නෙත
සදරෙස් ගලන විට තෙරපී සෙවණ                 මත
ඒක දෙවියෙක් නොවේ දාහක් එතන            ඇත


දේවි දේවතාවුන් සැරිසරන මහ                  වනේ
පවතින බලය ඇග ලොම් තුඩකටද              දැනේ
මොළයෙන් තමා ලෝකයේ සුවය වැන       සුනේ
මගේ ගැරහුමට නැත ඒ පිරිස යොමු            වුනේ


සහෙද බාරයට කිරි                                  ඉතිරීම
කෙම්මුර දවස් වල පානින්                      සැරසීම
වන අතු කඩා ගස් දෙබලක                      දැවටීම
මා නොකෙරුවත් නොකෙලෙමි එය       ගැරහීම


සාගත වසංගත හා එන නියග                 වලින්
සහනය පතා වන දෙවියන් ලගට         කෙලින්
ඒන මේ පිරිස සැර සීමට ණුවන             මලින්
පොළබන අයට අනුකම්පා කරමි            මුලින්

ගංගොඩ වටා මෝරන වන ලැහැබ           මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු                වන
බලවත් අයිය නායක දෙත සොදුරු          ගෙන
මේ අය රකිනු මැන එන සියලු                  තැන

මපල් පිබුරු හාපොලොගුන් සිටින            තෑන
අලි කොටි වලස් මුලු කොල හල කරන     තැන
නිතරම ඔබ පුදන මේ අය හැදින              ගෙන
බලවත් දෙවිදු දිව රෑ රකිනු                       මැන


Read More

අඟහරු ජීවය සොයා

මෙම ලිපිය උපුටා ගැනීම-තරු විදු තොරතුරු ලිපියකිනි.

අඟහරු ජීවය සොයා Mars Trek – Curiosity රෝවරය අභ්‍යවකාශගත වේ.

රෝවරය අභ්‍යවකාශගත වීමට පැය කිහිපයකට පෙර ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදි...

පෘතුවියෙන් එපිට ජීවයක් සොයා යන  Mars Trek – Curiosity යානය මීට සුළු මොහොතකට පෙර අභ්‍යවකාශගත විය.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 08:32ට පමණ Atlas V රොකොට්ටුව ආධාරයෙන් ෆ්ලොරිඩා හි කේප් කැනවරල් තුඩුවේ සිට අඟහරු ග්‍රහයා බලා පිටත් විය.

Mars Trek – Curiosity යනු නාසා හි මීළඟ අඟහරු රෝවරයයි.එය මාස 8.5 ක සහ කිලෝමීටර මිලියන 570ක ගමනකින් අනතුරුව අඟහරුගේ වායුගෝලයට පයට කිලෝමීටර 13ක වේගයෙන් අතුළු වීමට නියමිතයි.ඉන් පසුව රෝවරය කිලෝමීටර 154 ක විශ්කම්භයකින් යුත්  Gale  ආවාටය වෙත පතිත වීමට නියමිතයි.මෙම ආවාටය අවට ඇති ඛනිජ වලින් අඟහරුගේ පෙර පැවතීයැයි සැක කරන ජීවය පිළිබඳ සාක්ෂි සොයාගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වේ.

ඇට්ලස් රොකොට්ටුව V අභ්‍යවකාශගත වීමට මොහොතකට පෙර..

ටොන් එකක බරින් යුත් රෝවරය අඟහරු මත ගතකරන දෙවැනි දිනයේදීම අඟහරුගේ ඡායාරූප පෘතුවියට එවීමට නියමිතයි.ඉන් පසුව තම විද්‍යාත්මක පරීක්ෂන රෝවරය විසින් පෘතුවි විද්‍යාඥයන්ගේ මඟ පෙන්වීම යටතේ අරඹන අතර අඟහරුගේ ප්‍රථම පස් සාම්පලය ලබාගැනීම ගොඩබැසීමෙන් මාස 2-3 කට පසුව සිදු කරනු ඇති.

න්‍යශ්ඨික බැටරියකින් ජවගැන්වෙන රෝවරය අඟහරු වසරක් එසේත් නැතිනම් පෘතුවි දින 687ක් අඟහරු මත රැඳි සිටීමට නියමිතයි.

රෝවරය රැගත් Atlas V

පහතින් දැක්වෙන්නේ යානය අභ්‍යවකාශගත වීමේ විශේෂ අවස්ථායි. ඡායාරූප අනුග්‍රහය: NASA TV

පාලක මැදිරිය සූදානමින්...
අභ්‍යවකාශගත වීමට විනාඩි 4 යි.
තව විනාඩි 3යි තත්පර 37යි
පිටත්වීම ආරම්භ කිරීම
පිටසක්වල ජීවය සොයා යන ගමනක ඇරඹුම...
අභ්‍යවකාශගත වීම
ඈත අහසට යන ජීවයේ බලාපොරොත්තු
ඈත අහසට යන ජීවයේ බලාපොරොත්තු
Read More

Saturday, November 26, 2011

නොදන්නා මගුලකට ගොඩවුනෙමි.



මාරයාගේ හෝරාවට ගොඩ වු පසු http://theruamknatha.wordpress.com/ ලින්ක් එක දු‍ටුවෙමි නිකමට මෙන් හෝ වාසනවකට ගොඩවැදුනු මට ඉතා සොදුරු මිනිසෙකුගේ ලිපි පෙලක් කියවිමට අවස්ථාව උදාවුනෙමි ඔබත් කියවා බලන්න. 


" මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ….එතුමන් විසින්, එතුමන්ගේම පරිඝණක කට හඬ යොදාගෙන සහ බෙනෙඩික්ට් කම්බර්බැච්ගේ ගැඹුරු ස්වරය සහ මාටින් විලියම්ස්ගේ අධ්‍යක්ෂණය යොදාගෙන කරවූ ඩී.වී.ඩී තැටි පෙළක් ඇසුරෙන් ( Stephen Hawking`s Universe – Trio of DVDs) , එතුමන්ගේ මේ කාළ තරණ න්‍යායන් සම්බන්ධ ඉතාම සැකෙවි විග්‍රහය"


"මගේ නම ස්ටීවන් හොව්කින්ග්. භෞතික විද්‍යාඥයෙක්, අභ්‍යාවකාශ විද්‍යාඥයෙක්, ඒ වගේම එක්තරා විදිහකට හීන දකින්නෙක්….මට සෙලවීමට පවා නොහැකි උනත්, පරිඝණකයක් ආධාරයෙන් කථා කරන්නට සිදුවුණත්, මගේ මනස නිදහස්….එය බොහොම නිදහස් මේ විශ්වය ගවේෂණය කරන්නත්, ලොකු, ලොකු ප්‍රශ්ණ අසන්නත්…” කාල තරණය කළ හැක්කක්ද? අපට අතීතයට දොරටුවක් විවර කළ හැකිද?..එහෙමත් නැත්නම් අනාගතයට යන්නට කෙටි මාවතක් සොයා ගන්නට පුළුවන් වේවිද?..අපට සොබාදහමේ නීති යොදාගෙන, කාළයේ පවා ස්වාමීන් වන්නට හැකියාව තිබෙනවද?…” මෙවැනි ලොකු ප්‍රශ්ණ මට අහන්න නිදහස් මනසක් තිබෙනවා…."


"අපි ඇගෙන් සමුගෙන, ඇගේ නිවසින් පිටව, මහ මඟට අවතීර්ණ වීමු…මඳ දුරක් එන තෙක්ම, ලිවියා සහෝදරියවත්, මමවත් වචනයක් වත් නොදෙඩීමු…මුලින්ම හඬ අවදි කළ ලිවියා මගෙන් ඇසුවේ..”ඔබට මොකද හිතෙන්නේ?” යන්නය…"


"මීට ටික කළකට ඉහතදී, ඉතාලියේ මොන්සා නාගරික සභාව විසින් සුරතල් සතුන් ඇති කරන අයට, “ගෝල්ඩ්ෆිෂ්” වර්ගයට අයත් මසුන් වක්‍රවූ පාත්‍රාකාර භාජන වල දමා ඇති කිරීම තහනම් කරනු ලැබුවා…ඒ පියවර ගන්න මූලික වෙච්ච කෙනා ඒකට හේතුව ලෙස විග්‍රහ කළේ, එවැනි වක්‍ර වූ ( ඉහත පින්තූරයෙහි දැක්වෙන ) පාත්‍රාකාර බඳුනක මාලුවෙකු දමා සිටින විට, එයින් ඌ පිටත බලන විට, එහි වක්‍රාකාර පැති තුළින් ඌට දකින්න ලැබෙන්නේ උගේ අවට ලෝකය පිළිබඳව “විකෘති කරන ලද යථාර්තය” නිසා, එහෙම ඇති කිරීම ඉතාම කුරිරු වැඩක් ලෙස.."

*නොදන්නා මගුලේ ලිපි කියවිම කාලය අපතේ යැවීමක් නොවනු වනු නොවනුමානය මගේ සහතිකය.




<---------- Stephen Hawking at NASA, 1980s
Stephen Hawking

BornStephen William Hawking
8 January 1942 (age 69)
Oxford, England
ResidenceEngland
NationalityBritish
FieldsApplied mathematics
Theoretical physics
Cosmology
InstitutionsCambridge University
California Institute of Technology
Perimeter Institute for Theoretical Physics
Alma materOxford University
Cambridge University
Doctoral advisorDennis Sciama
Other academic advisorsRobert Berman
Doctoral studentsBruce Allen
Raphael Bousso
Fay Dowker
Malcolm Perry
Bernard Carr
Gary Gibbons
Harvey Reall
Don Page
Tim Prestidge
Raymond Laflamme
Julian Luttrell
Known forBlack holes
Theoretical cosmology
Quantum gravity
Hawking radiation
InfluencesDikran Tahta
Albert Einstein
Notable awardsWolf Prize (1988)
Prince of Asturias Award (1989)
Copley Medal (2006)
Presidential Medal of Freedom (2009)
SpouseJane Hawking
(m. 1965–1991, divorced)
Elaine Mason
(m. 1995–2006, divorced)
Signature
Read More

Wednesday, November 23, 2011

slchemistry.org අධ්‍යාපනික වෙබ් අඩවියකි.මෙය උසස් පෙළ  රසායනික විද්‍යා පාඨමාලාවක ප්‍රධාන වෙබ් අඩවියයි.එය පරිපූර්ණ රසායනික විද්‍යා පාඨමාලාවයි.මා මෙය ගෙන හැර පෑමට හේතු කිහිපයකි.


































යම් රසායනික විද්‍යාව සම්බන්ද ගැටළුවක් ඇතහොත් විසදාගැනීමේ හැකියාව
රසායනික විද්‍යාව සම්බන්ද ක්‍රීඩා වල නිරත වීමේ හැකියාව
රසායනික විද්‍යාවට අදාල සංවාද වල නිරත වීමේ හැකියාව
හා නව පොත් පත් වල් නිරත වීමේ හැකියාව

උසස් පෙළ හදාරන සිසුවකුට පලමු කරු දෙක ඉතා වටිනේ යැයි මට සිතේ,


මෙහි අණුවල හැඩ සෙවීම සදහා ඉදිරිපත් කර ඇති FinMos මෘදුකාංගය උසස් පෙල අණුවල් හැඩ සෙවීම  විෂය කොටස  සම්බන්ද ප්‍රවීනයකු  වීමට මග කියා දෙනු නොවනු මානය.


*මෙම අඩවියේ සාමාජිකත්වය නොමිලේම ලබාගෙන ඔබත් දැනුමේ දියුනුවට මෙය මෙවලමක් කර ගන්න .

Read More

Tuesday, November 15, 2011

අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කෙරෙන - කිවුරියෝ සිටි රෝවර් යානය - ලබන 25 වැනිදා අභ්‍යවකාශගත කිරීමට අමෙරිකානු නාසා ආයතනය සූදානම් වෙයි.එම‍ රෝවර් රථයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.TLF නැමැති එම ලේසර් උපකරණය නිර්මාණය කර ඇත්තේ, අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම සඳහා බව ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය.
මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින් අඟහරු ග්‍රහයා තුළ මිට පෙර ජීවයක් පැවැතියේදැයි තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ආචාර්ය සරත් ගුණපාල මහතා පැවසීය.

Read More

Friday, November 11, 2011

11-11-11

අද හරි පුදුම දවසක් නේද 2011-11-11 ඔන්න ඉතින් මාස 12 මාසෙට  දවස් 30 කියලා ගමුකෝ.ඉතින් ඉතින් කියන්නේ අය මේ වගේ ලස්සනට දිනයක් ලියන්න හම්බවෙන්නේ තව එක් පාරයි.2012-12-12 (ලෝක විනාසේ උනොත් ඒකත් ඉවරයි : D ) මොකද දින 30 තිබුනට මාස 12යි නේ කොහොම කොහොම හරි මේක පුදුම රටාවක් නේද  අය ඉතින් 2111-11-11 ඒක එචර හිතට වදින් නේ නෑ නේද ? හ්ම් ඉතින් මොකද කරන්නේ
            ලස්සනට රටාවකට් වැඩ කරන අපි ඔක්කෝමලා මේ  වගේ ලස්සන රටාවකට තියන තෑනකින් වැඩක් අලුතින් පටන් ගත්තොත් එක හෑමදාම මතක හිටි.දැන්නම් උදේ 11 පහුවෙලා කමක් නෑ 11-11-11හේ 11.11 ට (ඇයි හවස) වරදුන තැනක් තියනවානම් එකත් හදාගෙන ලස්සන ගමනක් යන්න කියලා සුභ පතනවා...ආ..ඒකට 2012-12-12හේ 12.12 වෙනකම් ඉන්න එපා ඔන් මොකෝ ලොක විනාසේ උනොත් එහෙම : D


ප.ලි.-අද උදේම කැන්ටිම පැත්තට යනකොට මේවගේ කතාවක් ඇහුනා ඕන් "අද11 නේ අද  දවස මතක  හිටින්න මොකක් හරි කේස් එකක් දාලා කාට හරි ගහමුද බන් .."

ඕන්  ඉතින් අපෙ කස්ටියනම් මේ වගේ පිස්සු වැඩ කරන්න එපා...
Read More

Thursday, November 10, 2011

බාගන්න...


යාළුවනේ මෙන්න ගිනි හිවලා අලුත්ම සංස්කරණය ඇවිත්.ඔන්න කට්ටියම දැන්ම බාගෙන බලන්නකෝ කොහොමද කියලා.



Download Firefox 8
Read More

Saturday, November 5, 2011




පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.
සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.
අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ ලජ්ජාශීලීවය.
ඇය නික්ම ගොස් පැය භාගයකට පසු හරියටම වේලාවට දේශනය සඳහා සරසවි මහාචාර්යතුමිය වේදිකාවට නගිත්ම අපේ කණ්ඩායමට තරු පෙනුණි.
ඒ උදෑසන වේදිකාව පිරිසුදු කළ තරුණිය ඇයම වූ හෙයිනි. අපේ කණ්ඩායම දැඩි බියකින් හා පසුතැවිල්ලකින් දේශනය අසා සිටියත්, මහාචාර්යවරියගේ නම් කිසිම වෙනසක් තිබුණේ නැති ලූ.
lankadeepa.lk
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya