Friday, October 21, 2011




රෝග විනිශ්චය කිරීමේ දී ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස්‌වල ඡායාරූප ගන්නා විකිරණ යන්ත්‍ර මින් ඉදිරියට පරමාණුක බලශක්‌ති අධිකාරියේ අධීක්‍ෂණයට ලක්‌ කර වාර්ෂිකව බලපත්‍රයක්‌ ලබා ගත යුතු යෑයි ද එසේ නො කරන විකිරණ යන්ත්‍ර හිමි ආයතන හා පුද්ගලයන්ට නීතිමය කටයුතු කරන බැව් ද පරමාණුක බලශක්‌ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විඡේවර්ධන මහතා පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය

විඡේවර්ධන මහතා "ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලත් පර්යේෂණ ආයතනවලත් පෞද්ගලික රෝහල්වලත් රෝහල් නො වන පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවලත් එක්‌ස්‌ කිරණ යන්ත්‍ර සි. ටී ස්‌කෑන් යන්ත්‍ර වගේ ම ඇන්ජියොග්‍රැම් යන්ත්‍ර වැනි විකිරණ යන්ත්‍ර වෛද්‍ය පර්යේෂණ කටයුතු සඳහා භාවිත කරනවා. මෙයින් රජයේ රෝහල්වල හැරුණු කොට පෞද්ගලික අංශය සතු මෙවැනි විකිරණ යන්ත්‍ර බොහොමයක්‌ නියමිත ප්‍රමිතියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.
පරමාණුක බලශක්‌ති අධිකාරියට ලැබෙන තොරතුරුවලට අනුව පෞද්ගලික අංශය සතු ව තිබෙන විකිරණ යන්ත්‍රවල දෝෂ තත්ත්ව නිසා විකිරණ කාන්දු වීම, ගන්නා ඡායාරූප අපැහැදිලි වීම වගේම එම යන්ත්‍ර ක්‍රියා කරවන ශිල්පීන් ගේ දැනුම හා පළපුරුද්ද නිසි පරිදි නොමැති වීම වැනි කරුණු නිසා වෛද්‍යවරුන්ට රෝග විනිශ්චය කිරීමේ දී විවිධ බාධා ඇති වූ බැව් අනාවරණය වී තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ඇති ව පරමාණුක බලශක්‌ති අධිකාරිය දීප ව්‍යාප්ත විකිරණ යන්ත්‍ර සමීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙනවා. මේ විකිරණ යන්ත්‍ර නියමිත ප්‍රමිතියට නොමැති වීම රෝගීන් අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වී බරපතළ ලෙස හානි ඇති වීමට හේතුවක්‌.

මෙවැනි හේතු නිසා මෙරටේ භාවිත කරන සියලු ම විකිරණ යන්ත්‍ර පරමාණුක බලශක්‌ති අධිකාරිය මගින් විශේෂ පරික්‍ෂාවකට ලක්‌ කරවා වාර්ෂිකව බලපත්‍රයක්‌ ලබා ගත යුතු වෙනවා. මේ වන විටත් ලැබුණු තොරතුරුවලට අනුව ප්‍රමිතියක්‌ නැති විකිරණ යන්ත්‍ර තිබෙන ස්‌ථාන 15ක්‌ පමණ හඳුනාගෙන තිබෙනවා. මේ අයට නීත්‍යනුකූල දැනුම් දීමක්‌ පවා කර තිබෙනවා. ඒත් බොහෝ දෙනා මේ දැනුම් දීම් ගණන් ගන්නේ නැති ව කටයුතු කරනවා. එවැනි ආයතන කීපයකට දැනටමත් පරමාණුක බලශක්‌ති අධිකාරිය අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙහි දී මහජනයා දැනගත යුතු කරුණක්‌ තමයි කිසියම් විකිරණ ඡායාරූපයක්‌ ගැනීමට යම් ස්‌ථානයකට ගියොත් එම විකිරණ යන්ත්‍රයට බලපත්‍රයක්‌ තිබෙනවා ද යන්න විමසීමට තමන්ට අයිතියක්‌ තිබෙන බව. එසේ නීත්‍යනුකූල බලපත්‍රයක්‌ නොමැති යන්ත්‍රයකින් ඡායාරූප ගැනීම නො කළ යුතු බවත් එවැනි තැනක්‌ ඇත්නම් පරමාණුක බලශක්‌ති අධිකාරියේ 011-2533449 හා 011-2533217-8 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි" යනුවෙන් පැවසී ය.

අමල් උඩවත්ත

2 comments:

  1. හොද දෙයක්. පහුගිය කාලේ නවලෝකේ බ්රාන්ච් එකකුත් වහන්න උනා, ඩෙන්ටල් x-ray අනිත් ලොකු එකකින් අරගෙන ඒකට ලයිසන් තිබිලත් නෑ. නමට අහුවෙන්න හොද නෑ.

    ReplyDelete
  2. නමට අහුවෙන එකනම් එච්චර හොද දෙයක් නෙවේ තමා...:)

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya