Sunday, April 17, 2011

කොම්පියුටරයෙන් හදට සාක්කි දීම දෙවෙනි කොටස

හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!
........,සද ගමන සජීවීව අසමින් නරබමින් සිටි පනස් කෝටියක් වන ලෝවාසීන්ට ඇසුණේ 'a man' යන වචනය නොව 'man' යන්න වචනයයි.එනම් ඇසුණ සම්පුර්ණ වක්‍ය "That,s one small step for man,one giant leap for mankind" යන්නයි.මෙහි තේරුම'මෙය මිනිසාට(එනම් මිනිස් සංහතියට) කුඩා පියවරක් වුවත් එය (එම) මිනිස් සංහතියට (ම) යෝධ පිම්මකි' යන්නයි.දැන් මෙම වැකියේ තේරුමක් නැත.එය අග මුල නැති පරස්පර කතාවකි.
            පොළොවට ආ නීල් ආම්ස්ට්‍රෝන්ග් තමන් කී දෙය මතක නැති වුනත්,තමන් කියන්නට සිතා සිටි කතාවේ නියම අදහස කීමෙන් පසු නිවරදි අදහස ප්‍රසිද්ධ වුණේය.
එහෙත් සැබවින්ම සද මතුපිටදී මිනිසා ගිගුම් දුන්නේ ඵලකට නැති අදහසක් බව වැඩි දෙනා කීහ.එය  නීල් ආම්ස්ට්‍රෝන්ග් ට එල්ල වු ලොකු චෝදනාවකි.එක් අතකින් අපවාදයකි.
  මේ සිද්ධියෙන් අවුරුදු 37 කට පසු......
 නීල් ආම්ස්ට්‍රෝන්ග් ගේ වැ‍රැද්දක් නැති බව පෙන්වා දුන්නේ ඇමරිකාවේ ක්‍රමලේඛන ශිල්පියෙක් සමත් විය.පීටර් ෂැන් ෆෝඩ් නම් තැනැත්තා  නීල් ආම්ස්ට්‍රෝන්ග්  සුද්ධ කොට ඇත්තේ ශබ්ද විශ්ලේෂක මෘදුකාංගයක් (audio analysis software) භාවිත යෙනි.

                          එහිදි ඔහු මුලින්ම කලේ ,නාසා (NASA - National Aeronautics and Space Agency) වෙබ් අඩවියෙන් , නීල් ආම්ස්ට්‍රෝන්ග්  සද මත දී කල කතාව අඩංගු හඩ ගොනු (audio files) ඩවුන්ලෝඩ් කරගැනීමයි.අනතුරුව ගෝල්ඩ්වේව්(GoldWave) හඩ විශ්ලේෂණ මෘදුකාංගය යොදා ගනිමින් ඔහු නීල් ආම්ස්ට්‍රෝන්ග්  ගේ හඩ විශ්ලේෂණය කලේය.එහිදි වචනයෙන් වචනය විමසාගෙන යද්දි"ෆො මෑන්' යන වචන දෙක මැද තවත් 'කෙටි ශබ්දයක්'සටහන් වි තිබෙන බව පීටර් ෂැන් ෆෝඩ්ට පෙනිනි.'අ' යන ශබ්දයේ ධ්වනි රටාසමග කෙටි ශබ්දය විමසා බැලුවිට ඒවා හොදට ගැලපේ.එහි තේරුම කුමක් ද?
එහි තේරුම නීල් ආම්ස්ට්‍රෝන්ග් සද් මත්දි හරිම වැකිය කියා තිබුනත්,ඒ හඩ පොළොවට ලබාගෙන,ගුවන් විදුලි හා රූපවාහිනි හරහා නැවත විකශය කරද්දි'අ මෑන්' හි 'අ' ලොකයාට ඇසී නැති බවයි.
    මේ අනවරණයත් සමග දැන් තමට ඇතිවන හැගිම් කුමක් දැයි නීල් ආම්ස්ට්‍රෝන්ග්ගෙන් BBC  පුවත් සේවයෙන් ඇසු විට ඔහු කියා සිටියේ "මම ජීවිතය පරුදුවට තියලා තාක්ෂණය  ගැන විශ්වාස කල කෙනෙක්.ඒ තාක්ෂණය විසින්ම මා නිවරදි කිරීම ගැන මට සන්තෝෂයි.ආඩම්බරයි" කියාය.
                මේ අනාවරණය ගැන නාසා ආයතන්යේ ඉතිහාසනයැකු වන රෝජර් ලීනියස් 'හූස්ටන් ක් රොනිකල්( Houston Chronical )' පත්තරයට කියා තිබුනේ.දැන් තමන්ට අලුත් වැඩක් කරන් නට තිබෙන බවය.ඒ ඉතිහසය තුලනීල් ආම්ස්ට්‍රෝන්ග් නිවරදි කොට සද ගමනේ ඉතිහස කතාවට තවත් ජේදයක් එක් කිරිමයි.
2006

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya