Monday, April 4, 2011


වටිනා මිනිස් ජීවිත විනාශකර දමන මිණීමරු යාඥාව යළිත් වෙනත් ස්වරෑපයන් ඔස්සේ කරලියට පැමිණ ඇත්තේ වෙනදා ට වඩා ප්‍රබල වූ ස්වරෑපයකිනි. එම ප්‍රබලත්වය අන් කිසිවක් නොව, රාජ්‍ය ‍‍රැකවරනය ඊට රිසිසේ ලැබීමයි. මෙහි ආසන්නතම අවස්ථාව මාර්තු මස 11, 12, 13 යන දිනයන් හීදී ගාලුමුවදොර පිටියේදී අප දුටුවෙමු. එම භූමිය අධි ආරක්ෂිත කළාපයකි. එවන් අධි ආරක්ෂිත කළාපයක් මිණීමරැ යාඥාව සදහා වෙන් වුයේ කාගේ අනුදැනුමක් පිටද? සිංහල බෞද්ධයාගේ ජන්ද පදනමෙන් බලයට රිංගාගත්තවුන් සිංහල බෞද්ධයාගේම මළගම වෙනුවෙන් මෙවන් කටයුතු සිදු කිරීම සැබැවින්ම අතිශය නින්දා සහගතය. එපමණක් නොව ලොකු ලොක්කන්ගේ අණට කීකරැ විය යුතු ත්රිවිධ හමුදාවේ අසරණ සිංහල බෞද්ධ තරැණ තරැණියන්ටම එවන් වූ පාදඩයන් උදෙසා රැකවරණය සැළසීමට සිදුවීම කෙතරම් බේදනීය වූවක්ද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුදැනුමෙන් එම යාඥා මාලාව පැවැත්වූ බවට තහවුරැ කරගත හැකි සාධක රැසකි. මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් බැදී සිටින පොලීසියට (කොටුව) මේ පිළිබදව අප නිරන්තරෙයන් කරැණු පැහැදිලි කරමින් පවසා සිටියේ මෙම මූලධර්මවාදී යාඥා මෙහෙයන් නවත්වන ලෙසත් ඒවායේ ඇති අවදානම් තත්වයන් පිළිබදවත් ය. එපමණකින් නොනැවතුන අප අදාල ඉහළ පොලිස් නිලධාරීන් ද අවස්ථා කිහිපයකදීම දැනුවත් කළෙමු. අපගේ (සිංහල රාවය සංවිධානයේ) දැඩි බළපෑම් නිසාම ඔවුන්ට තව දුරටත් සත්‍යය වසන් කල නොහැකි වීමෙන් පවසා සිටියේ ඉහලින් එන නියෝග වලට පිටුපා තමන්ට කිසිවක් කිරීමට නොහැකි බවයි.
මෙම මිණීමරු යාඥාවට අධි ආරක්ෂිත භූමිය ලබා දීමෙන් කොළඹ වරායට දිනකට රැ. 76,000ක මුදලක් ලැබෙන බව වරායට සම්බන්ධ ආරක්ෂක නිළධාරීන් පැවසූ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා වරාය අධිකාරිය මේ සදහා අවශ්‍ය අනුබලය නියමින් හෝ අනියමින් ලබා දුන් බවට ඉතා හොදින් පැහැදිළි වන්නේ අපගේ දැඩි බළපෑම් මධ්‍යයේ කොටුව පොලීසිය විසින් අවලංගු කල ශබ්ද විකාශණ බලපත්රය හා වේදිකාව ඉදිකිරීම අත්හිටුවමින් නිකුත් කල නියෝගයන් සුළු වේලාවකට පමණක් සීමා වීමෙනි. මෙම මිණීමරැ යාඥාවන් සදහා සාමාන්‍ය ජන සමාජයේ පවතින දැඩි විරෝධතාවයන් නිසාම අධි අාරක්ෂිත කලාපයක් තෝරා ගැනීමට තරම් ඔවුන් උපායශීලී වී ඇත.

.....................................................................................

බළපෑම් කණ්ඩායම් රැසක් විසින්ම පොලිස්පති තුමා ඇතුළු නිළධාරීන් දැනුවත් කලද ඒ සියල්ල දූවිල්ලක් තරම් වත් ගණන් නොගැනීමට තරම් මේ රටේ මූලධර්මවාදීන් රාජ්‍ය අනුග්රහය ඇතිව ශක්තිමත් වී තිබීම අතිශය කණගාටුදායක තත්වයක් හා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තති.

* Dananjaya Kasun ගේ මුණු පොතේ සටහන් අතර තිබී මට හමුවිය.

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya