Monday, April 4, 2011


පසුගිය මාර්තු 11 වැනිදා ජපානයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 8.9 ක ප‍්‍රබලතාවයෙන් යුත් භූ කම්පනයෙන් පෘථිවියේ අක්ෂය 0.2කින් වෙනස් වී ඇති අතර, දිනක කාලය ද අඩු වී තිබෙනවා.
1900 වසරෙන් පසු ඇති වූ 5 වන ප‍්‍රබලතම භූ කම්පනය පොළවේ භ‍්‍රමණය වේගවත් වී මෙලෙස දිනක් සඳහා ගතවන කාලය අඩුවී ඇත්තේ මයික්‍රෝ තත්පර 1.8කින්. මේ නිසා මෙම කාල වෙනස එතරම් සැලකියයුතු නොවන බවත්, ඇමරිකානු නාසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
භූ කම්පනය නිසා පෘථිවියේ අක්ෂය වෙනස් වී ඇත්තේ සෙන්ටිමීටර් 17කින්. කෙසේ නමුත්, පෘථිවිය සමබර වී ඇති අක්ෂයේ මෙම වෙනස්වීම අභ්‍යාවකාශය තුළ එහි චලනයට බලපෑමක් ඇති කරන්නේ නැහැ.
එවැනි වෙනසක් සිදුකළ හැක්කේ, සුර්යයා, චන්ද්‍රයා සහ අනෙකුත් ග‍්‍රහ තාරකාවලින් යොමුවන ගුරුත්වාකර්ෂණ බලපෑම්වලින් පමණක් බවයි නාසා ආයතනය පෙන්වා දෙන්නේ.
චිලී දේශයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 8.8 ක භූ කම්පනයෙන්ද පෘථිවි අක්ෂය සෙන්ටි මීටර් 8 කින් වෙනස් වූ අතර, දිනක කාලය මයික්‍රෝ තත්පර 1.26 කින් අඩු වුණා.
2004 වසරේ ඇති වූ රික්ටර් පරිමාණයේ 9.1 ක සුමාත‍්‍රා භූ කම්පනයෙන් පෘථිවි අක්ෂය සෙන්ටිමීටර් 7 කින් ඇල වී දිනක කාලය මයික්‍රෝ තත්පර 6.8 කින් අඩු වූ බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
පෘථිවි චලනයේ මෙම වෙනස්කම් සැබැවින්ම ස්වභාවික වන අතර, එය අඛණ්ඩව සිදුවන කි‍්‍රයාදාමයක් බැවින් අපගේ එදිනෙදා ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව නාසා ආයතනය අවධාරණය කලා.

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya