Sunday, March 27, 2011

අම්මේ.....


ප්‍රභන්ධයක් උවත් කතාවෙහි ඇති ප්‍රභලත්වය හා සංවේදීත්වය නිසා යලි යතුරැ කර මාගේ සටහන් අතරටත් එක්කර ගැනිමට සිතුවෙමි.

මට මතක ඇති දා පටන් මගේ අම්මාට තිබුනේ එක ඇසක් පමණි. මෙය මට මහත් වදයක් විය. ඇය ජීවිකාව සදහා කලේ වෙළදාමයග ඒ කුඩා පෙට්ටි කඩයකි. එහි ලොතරැයි මෙන්ම කුඩා කෑමජාති ඇය විකුනුවාය. ඇය වචනයේ පරිමමාප්ත අර්ථයෙන්ම මහා වදයකි. මම ඉල්ලනදේ දීමට ඇය සතුව මුදල් නොතිබීමද එක හේතුවකි.
එදින මා ජීවිතයේ වැඩියෙන්ම කේන්ති ගත් දිනයකි. ඒ මගේ අම්මා මාගේ පාසැලට පැමිණි දිනයයි. ඒ මම පරක්කු කිමදැයි දැනගැනීමටය. මගේ අම්මා මට තවත් එපාවිය. යහලුවන් සියල්ල මට ඔච්චම් කරන්න පටන්ගත්තේය. “ යකෝ උඹේ අම්මට තියෙන්නේ එක ඇහැක්නේ“ හා හා උඹේ අම්ම් කොහොමද එක ඇහඅකින් වැඩකරන්නේ? මට මගේ යහලුවන් මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇතිවිය. මට ඊටත් වඩා තරහ මගේ අම්ම සමගය. “මේ ගෑණි මොකටද ඉස්කෝලෙට රිංගුවේ“
මා එදින ගෙදර ගියේ අධික කේන්තියෙනි. “අම්මෙ මොකක්ද අම්මගේ අනිත් ඇහැට වුනේ? අම්මට ඕනෙ මගේ ඉස්කෝලෙට ඇවිල්ල මගේ යහලුවන් ලවා මට විහිලු කරවන්නද? ඇත්තටම ඇයි අම්ම මැරිල යන්නේ නැත්තේ?“ මම දිගින් දිගටම කියාගෙන ගියෙමි.විටෙක මට දුකද ඇතිවිය. එහෙත් මට සතුටුවීමටද කාරනාවක් විය. ඒ මට අවශ්‍ය දේ කීමට හැකිවූ නිසාය.
එදා රෑ මම කුස්සියට ගියේ වතුර ටිකක් බීමටය. වේලාව රෑ 12 පසු වී තිබුනි. කුස්සියේ එක කොනක වාඩිවී අම්මා හඩමින් සිටිනු මා දුටුවෙමි. මුලින් මගේ හදවතට දුකක් ආ නමුත් ඇයගේ තනි ඇස දුටුවිට එම දුක කෝපයක් බවට පත්විය. “මේ ගෑණිට අඩන්න වත් ඇස් දෙකක් නෑනේ “ මට සිතුනි. “ඒ මදිවට මේ ගෑනි ඇහැට වුණුදේ නොකිය ඉන්නහැටි“

කාලය කෙමෙන් ගෙවී ගියේය. මම ඉතා හොදින් ඉගෙන ගත්තෙමි. ඉහලින්ම උසස් පෙළ සමත් වූ අතර විශ්ව විද්‍යාලයටද තේරුනෙමි. ඒ සදහා සියලු වියදමි දැරුවේ ඇය විසිනි. එහෙත් තවමත් ඇයගේ තනිඇහැ දකින විට මට එන්නේ මහත් තරහකි. “මේ මනුස්සයා මට ලැජජාකරන හැටි“
විශ්ව විද්‍යාලයෙන් පිටවූ විගසම මට හොද රැකියාවක් ලැබුණු අතර අම්මා සමග තිබූ සියලු සබදතා අත්හැරියෙමි. එය මට මහත් අස්වැසිල්ලක්විය. මා විවාහ වූයේ ඉතා පොහොසත් කාන්තාවක් සමගය. ඒ අතර මාගේ රැකියාවෙන් ද බොහෝ උසස් වීම් ලැබුණි.
මාගේ ජීවිතය ඉතාමත් සත=ටින් ගෙවීගිය අතර අපට දියණියක් ලැබුණි. අප ඉතා සතුටින් කාලය ගතකලෙමු. නමුත් දිනක් තනි ඇහැක් සහිත මගේ අම්මා මගේ ගෙදර ඉදිරිපිට විය. මට මගේ ලෝකයම කඩාවැටුනාසේ දැනුනි. මගේ කුඩා දියණිය බියවී ගේ ඇතුලට දිවගියේ අම්මාගේ තනි ඇහැක් සහිත මුහුණ දැකීමෙනි. මම ඇය මුනගැැසීමට ගියෙමි. ‘ ඔහේ කවුද? මොනවද ඔහේට ඕනි? කරැණාකරලා අපිට පවිනොදී යනවද පොඩි ළමයි බයනොකර“ මම නොනවත්වාම කෑගැසුවෙමි. “ අනේ සමාවෙන්න මම වැරදි ගෙදරකට ඇවිත් තියෙන්නනේ “ මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එවේලේය. ඇය මාව හදුනාගෙන නැතැයි මට සිතුනි.
වසරකට පමණ පසු මගේ පාසලේ උපහාර පිදීමේ උත්සවයකට මට ආරාධනා ලැබුණි. මගේ පාසැල් මිත්‍රයන්ට මගේ ජයග්‍රහන පෙන්වන්නට මෙන් මම ආරාධනාව බාර ගත්තෙමි. උපහාර පිදීමේ උත්සවය අහවර වන විට අදුර වැටී තිබුනි. කොක්ටත් කියා මම මගේ අම්මගේ ගෙදර යාමට තීරණය කළෙමි. සමහර විට මා මෙහි පැමිණිවග ඇය දන්නවාද විය හැකිය. මා වත්තට ඇතුලු වූ නමුත් කිසිවෙක් පෙනේනට සිටියේ නැත. මම කෙලින්ම වසර 18 ජීවත් වූ නිවහනට ඇතුල් උනෙමි.
අහෝ...... මගේ අම්මා එහි සිටියත් ජීවතුන් අතර නොවීය.මා මෙහි එන බව දැන හෝ නොදැනම ඇය පරලොවගොස් සිටියාය. එහෙත් මට එය එතරම් දුක ගෙනදෙන කාරනයක් නොවීය. ඇයගේ අතේ ගුලිකරගත් කඩදාසියකි, එය මට ලියූ ලිපියකි.

මගේ රත්තරන් පුතේ,

මම ජීවත් වුනා දැන් හොදටම ඇති. උබට උපහාර පුදන උත්සවේට මට එන්න ඹ්න වුනත් උඹලට ලැජ්ජාකරන්න බැරි නිසා මම ආවේ නෑ. මම එක ඇහැක් තියාගෙන උඹට ඕන තරම් ලැජ්ජා කරලා තියෙනවානේ. ඒත් මම කවදාකවත් උඹට නොකියපු මගේ ඇහැට උනදේ උඹට කියන්නම්. උඹ පොඩි කාලේ දවසක උඹ ලොකු අනනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරින් උඹේ එක ඇහැක් සම්පූර්ණයේ විනාශ වුනා. අම්මා කෙනෙක් විදිහට එක ඇහැක් ඇතිව උඹ ලොකුවෙනවා දකින්න මම කැමති උනේ නෑ මයෙ පුතේ. ඒ හින්දා මගේ එක ඇහැක් උඹට දුන්නා. මගේ මේ තනි ඇහෙන් ඊට පස්සේ මම උඹව ඇහැක් වගේ රැක්කා. උඹ අද ලොකු මිනිහෙක් වෙච්චඑක දැක්කම මට තියෙන්නේ පුදූම සතුටක් මයෙ පුතේ. මයේ පුතාට බුදුසරණයි!

මීට උඹේ අම්මා.

(මා ගේ මූණු පොතට මෙය යොමුකල පලිත අයියාට මාගේ ස්තුතිය)
Read More

Thursday, March 24, 2011



නුවර වැව නත්නම් බෝගම්බර වැව ඓතිහාසික මහනුවරට ආඩම්බරයකි මුලු නුවරම නිවා සනසන්නීය සංචාරක සිත් දිනා ගන්නේය.ඒ උනාට ඉතින් මේ ඒ ගැන නෙවෙයි කියන්න යන්නේ ,ඔය වැව වටේ තියන ගස් හරි ලස්සනයි ඒ උනාට මේ ඒ ගැන නෙවේ කියන්න යන්නේ..
මම නගරයට යන්නනම් ධර්මරාජ එක පැත්තේ ඉදන් වැව වටේ කිලෝමීටරයක් යන්න ඔනී.දවසක් මම ඔය වටේ යන්නේ නැතිව දළදා මාලිගාව ඉස්සරහහින් පයින්ම ගියා එහෙම ගියාම පොඩි වෙලා වකින් රැජින හොටලේ ගාවට යා ගන්න පුලුවන්.වෙනදා නම් ඉතින් ඔවගේ යනවා නෙවේ දුවනවානේ.මොකක් ද දන්නවාද දැක්කේ........... මුලු ගස් ටික ඔක්කොම සුදුම සුදු පාටයි.එත් කමක් නෑ ඒපත්තේ ඉන්න බෑ ගද.මෙතන විතරක් නෙවේ බලපුවාම මුලු වැව වටේම ඉවරයි.මම පොඩ්ඩක් නැවතිලා බලුවේ මුන්ට කවුරු හරි බනිනවාද කියලා මොන පිස්සුද ඔක්කොම සද්ද නැතුව යනවා.සමහර විට ඒ දළදා හාමුදුරුවෝ ඉස්සරහානේ තව හේතුවක් තියනවා මේ අයගෙන් ගොඩාක් අය යනවා නෙවේ දුවනවානේ...
මම අහලා තියානවා කතාවක් සිංගපුරුවේ ඒ මිනිස්සු හදපු ලස්සන පාරවල් වල කැත කරා කියලා ඒ රටේ කපුටන්ට වෙඩි තිබ්බලු.අනේ ඉතින් මේ බුදුන්ගේ දේශේ ඉදලාමටත් මෙකම හිතුනානේ මෙචර ලස්සන මේ පරිසරය කන මුන් ටික වෙඩි තියාලා හරි මරා දාන්න.
Read More

Sunday, March 13, 2011

තූ නොදකින්...............


මේ ලොකයේ උතුම් රටට මොනවාදෝ වෙනසක් සිද්ද වෙනවා කියලයි මගේ හිත කියන්නේ..ඒ වුනාට මෙ ඔක්කොම කට්ටිය කිසි කලබලයක් නොකර ඉන්නෙ මොකද මට තෙරෙන විදියට ශ්‍රි ලංකාවේ ඔක්කොම දැන් හරියට ඇග මස් නහර තියන හදවතක් නැති කට්ටියක් වෙලා.පාලකයන්ගේ වැ‍රැද්දක් නොදකින කට්ටෛයක් වෙලා මොකද දැන් පලකයෝ යන අතට හොයියාය පොල් ගෙඩියේ මිල අඩු කරන්නට බැරිය කිසි ප්‍රශ්ණයක් නැත ෆොන් එකේ ටීවි එකේ මිල අඩුය.පාසල් ළමුන් ගේ විෂය නිර්දේෂ වෙනස් කරමින් පසල් පද්ධතියේ හිතු හිතු හැටියට වෙනස් කම් කරමින් බලදාරින් පිස්සු නටයි බුද්ධිමත් පසල් ළමුන්ටද එය කිසුදු ප්‍රශ්නයක් නොවේ මන්ද ඔවුන්ට ද ඇම දමා තිබේ ටිවි වල කා‍ටුන් පටන් ගන්නේ හවස 4.00ටය.ක‍ටුන් ඉවර වු පසු ටෙලිනාටක ටික පටන් ගනී එව ඉවර වන්නේ රෑ ඩෙගොඩ යාමේදිය. මේ ඇම නොකා බේරෙන්නේ අත ලොස්සකි ඔවුන් කැම්පස් 1කට පැන ගනි නමුත් ඔවුනට ද මේවාගේ අඩුපඩු කිව නොහකිය ඒවට හඩ නගන්නට ගියහොත් සිදු වන්නේ ජීවිතයෙන් වන්දි ගෙවන්නටය.මා කියන්නට ගත් කතවට බහිනම්,
අතිපූජනීය නගරය කුනු ගොඩක් බවට පත් වෙමින් පවතින අවස්ථාවේ එහි පුජනීයත්වය වැඩි කරමින් වෙන වැඩක් නැති තෙල් හරක් ට්කක් න‍ටු නඩගමක් මේ ඉයේ පෙරේදා මහනුවර නගරයේ තිබුනි.පොල් සම්බොලයක් සමග බත් ටිකක් කන්නට සමහරුන්ට වත් කමක් නැත නමුත් කොහෙටවත් නැති දනපතියන්ගේ ක්‍රිඩාවකින් මහනුවර නගරය විනාෂ කර තිබුනි.මේ දළඳා මැදුර ඉදිරිපස පවත්වන ලද කාර් රේස් එක ගැනය. කාර් රේස් එකක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ස්ථාන ලංකාවේ බොහෝ ඇත.මහනුවර නගරයේම මෙම රේස් එක පවත් වන්නට ඔනි නම් ඒ වෙනුවට වෙන ඔනි තරන් මර්ග නුවර නගරයේ තිබේ .නමුත් පූජනීයභූමියක් වන අප සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන දළදා වීදිය මේ ආකරයට යොදා ගැනීම ගැනීම දු‍ටුවන් ගේ පිලිකුලට සිත් භාජනය වන වැඩකි.
බොහෝම අමරුවෙන් පිලිවලකට තබාගෙන සිටින මෙම විදිය වැලි ගොනි දමා විනාශ කර තිබුනි.මා දන්නා හැටියට රේස් එක පවත්නා ‍රැයේ නුවර නගරයේ පැය ගනනාවක වහන බ්ලොක් 1ක් තිබි ඇත.මේ සදහා ඉතා විශාල ආරක්ෂක බටයන් ප්‍රමානයක් ද යොදා ගෙන ආරංචියේ හැටියට එයට හේතුව නිල නොලත් ආකරයටමේ රේස් එක සංවිධානය කර තිබුණේ " නාමල් කුමාරයා " බවත් ඔහුත් රේස් එකට සහභාගී වූ බවත්ය. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙම රේස් එක එසේ මෙසේ කෙනෙකුට සංවිධානය කල නොහැකි බවනම් පැහැදිලිය. එකක් මෙය පූජා භූමියකි. අනෙක් පුදුමය වන්නේ දියවඩන නිලමේ කෙසේ වෙතත් මල්වතු අස්ගිරි නායක හිමිවරැන් නිහඬය......
" දළදා සුපර් ක්‍රොස් " ත් මෙසේ සංවිධානය වුවානම් ඉදිරියට තව මොනව විය හැකිදැයි කාටවත් හරි හැටි කිව නොහැක.

මේ ලිපියට වෙනත් ලිපියකින් මා උපුටා ගත් කොටසක් දමන්නට සිතුවේ එය නියමටම මෙතනට ගැලපෙන හෙයිනි
"බලය ලැබුන පසු තමන් මේ විශ්වයේම ජගතා යැයි යම් පුත්තලම් බූරැවෙක් සිතන්නේ නම් ඔහුගේ අවසානයද වැඩි දුර නොවන බව කවුරැත් තේරැම් ගත යුතුය. ඒවාට උදාහරණ ඕනෑ තරම් ඉතිහාසයෙන් ගත හැක. ජනතාවගෙන් ඈත් වී, ජනතාවගේ සිතුම් පැතුම් වලට අභියෝග කල සැමටම සිදුවූයේ පැත්තකට විසිවීමටය. පුත් කුමාරයාට උඩ රටින් කෙල්ලෙක් සෙව්වාට රජ කම ස්ථිර කල නොහැකි බව පිස්සු නටන ඇත්තෝ තේරැම් ගත යුතුය.හැම දාම එකම මඟුල කියවමින්, අනෙකා කප කපා ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන සියළුම දේශපාදඩ නිවට කැණහිලුන් මෙය තේරැම් ගත යුතුය. උඩ පැන පැන අනුන්ගේ අසූචි රෙදි සෝදන මාධ්‍යකරැවන් එය තේරැම් ගත යුතුය. "

මේ පුජාභුමියට අභියෝග කල අය ගිය දුර බොහෝ කෙටිය.
මා පුදුමයට පත් කරුනනම් දළඳා වහන්සේව විහිළුවකට ගන්නට තරම් සිංහලයා ගිය දුර ගැනය. සිංහලයිනි නැවත නැගිටින්න කලය මෙයයි.

Read More

Saturday, March 12, 2011

2011 ලොක කුසලානය වෙනුවෙන් ගැයු ගීත
DOWNLODE
Read More

Read More

මහා ශිෂ්‍ය පෙරමුණ වෙනුවෙන් මා මෙවරත් ළමා පාර්ලිමේන්තුවට තරග කරමි.ඒ බැව් මෙයින් සතුටින් දන්වා සිටිමි.
Read More

Friday, March 4, 2011

මම පිස්සෙක් වෙමි

ඔබ යමෙකුට පිස්ස යැයි කියන්නේ නම්, මම එවැනි පිස්සෙක් වෙමි.ඔබ යමෙකුට කලකන්නියා කියන්නෙ නම්, මම කාලකණ්නියෙක් වෙමි.ඔබ යමෙකුට මුසලයා කියන්නේ නම් මම මුසලයක් වෙමි.ඔබ යමෙකුට හොර යැයි කියන්නේ නම්, මම හොර කමට අබ්බහි වී සිටිමි. ඔබ යමෙකුට කුපාඩියා යැයි කියන්නේ නම් මම කුපඩිකමට සුදානම් ව සිටිමි.ඔබ යමෙකුට වනචරයා යැයි නින්දා කරන්නේ නම් මම වනචර කමට ප්‍රිය කරමි.

ඒ අනුව,

මම් සදාචාර විරොධි වෙන්නෙමි.මම විනය කඩන්නෙමි.මම් බිය නොවෙමි.ඔබ දැන් මට පිස්ස යැයි කියනු ඇත.මම බෙහෙවින් සතුටටත් උද්දාමයතටත් පත්වෙමි.

මම මගේ පිස්සුවට ප්‍රේම කරන්නෙමි.

ඔබ ප්‍රිය කරන කිසිවකට මා ප්‍රිය නැත.ඔබ විටක අප්‍රිය කරන දෙයට මා ප්‍රිය කරමි.සමාජයේ මා ආසම කරන සියල්ලම මට තනම්ය.එනිසා මා ප්‍රිය කල දේවල් තහනම් කල සමාජයට මම වෛර කරමි.මේ තනම් සියල්ල කඩා සුනුවිසුනු කල යුතුය.

මේ මමය

මා ඔබව පිලිපදිමට සුදානම් නැත.ම තලන්නට පෙලන්නට පීඩා කරන්නට මා අසම දේවල් තනම් කරන්නට දමා ඇති සදාචාර නිති කිසිවක් මා පිලිපදින්නේ නැත.මම විනය කඩමි ,නිති බිද දමමි.

ඔබ ප්‍රේරමය යෙයි කියනා දේ මට ප්‍රේමය නොවේ.

ගැහැණු සමග කරන කායික කුපඩිකම් මට හුරු නැත.මා කිසි දා ගැහැණියක සමග නිදි වැදුන පිරිමි ළමයෙක් නොවෙමි.එහෙත් මම එයට ආස කරමි.

දැන් මට ඔබ පොන්නයා යැයි කියනු ඇත.මගේ පිරිමි කම ගැන මා සතුටට පත්වෙමි.

මේ සියලු චර්යා සමුදායන්ගෙන් පීඩිතව සිටින මම මේ වනවිට...........................................................................................

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya