Monday, December 26, 2011

A/L රිසාල්ට් ආවා හිත කල බල කරගන්න එපා..

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන්◄



ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අප සැම දෙනාම දිනපතා එක් අරමුනක් වෙනුවෙන් ක්‍රියා කල යුතුය. මෙසේ ක්‍රියා කිරීමේදී සිදු වන නොයෙකුත් ඇදවැටීම් අසාර්ථක වීම් නිසා මුල් අරමුනෙන් ඈත් වීමට සිත්වීම සාමාන්‍ය මිනිස් ස්භාවයයි. එහෙත් එවැනි අසාර්ථක වීම් හමුවේ අධෛර්යමත් නොවී තම අරමුන කරා ගොස් තම ජීවිතය සාර්ථක කර ගත් මිනිසුන් අපට ලෝකයෙන් හමු වේ.
ජීවිතයේ කිසියම් අසාර්ථක වීමක් සිදු වී අධෛර්යමත් වූ විට පහත චරිත සිහිපත් කර ගන්න. ඔබට සාර්ථකත්වය කරා යාමට අවශ්‍ය ජවය ඉන් ලැබෙනු ඇත.

•බිල් ගේට්ස්:
පරිඝණකය අප ජීවිත වලට සමීප කිරීමෙන් 21 වන සියවසේ අප හැමගේ ජීවිත වෙනස් කල චරිතය වන අතර දශකයකට ආසන්න කාලයක් ලෝකයේ ලොකුම් ධණවතා ලෙස වැජබුනි. නමුත් බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කිරීමට පෙර හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ප්‍රතික්‍ෂේප වූවෙකි.

•ඒබ්‍රහම් ලින්කන්:
මුලු ජීවිත කාලය තුලම විධිමත් අධ්‍යාපනයක් ලබා ඇත්තේ වසර 5කටත් අඩු කාලයකි. දේශපාලනයට ඇතුල් වූ ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා ලෙස පත් වීමට ප්‍රථම ප්‍රධාන ඡන්ද 12කින් පරාජයට පත් විය.

•අයිසෙක් නිව්ටන් :
ගුරුත්වාකර්ශණය ආලෝක විද්‍යාව සහ කලනය පිලිබද මොහු කල සොයා ගැනීම් නිසා ලෝකයේ එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ඨතම ගණිතඥයෙක් ලෙස සැලකේ. එහෙත් මොහු බාල වියෙදී පාසලේදී ඉතා දුර්වල සිසුවෙකු වූ අතර පාසලේ බොහෝ විශයයන් වලින් අසමත් විය.

•ලුඩ්විග් වෑන් බීතෝවන්:
ජර්මානු ජාතික සංගීත ශිල්පියෙකි. එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම සංගීත ශිල්පියෙක් ලෙස සැලකේ. මොහු සංගීත දිවිය අරඹන විට මොහුගේ ගුරුවරයා පවසා ඇත්තේ සංගීත ශිල්පියෙක් ලෙස ඔහුට අනාගතයක් නොමැති බවයි. එසේම ඔහුගේ සංගීත දිවිය අතරතුර ඔහුගේ ශ්‍රවන හැකියාව නැති විය. ශ්‍රවන හැකියාව නොමැති සංගීත ශිල්පියෙක්???

•තෝමස් අල්වා එඩිසන්:
ඇමරිකාව තුල පේටන්ට් 1093ක් ඇති තෝමස් අල්වා එඩිසන් ඉතිහාසයේ පහල වූ විශිෂ්ඨතම නව නිපැයුම්කරුවෙක් ලෙස සැලකේ. මොහු කල නිර්මාණ නිසා 20 වෙනි ශත වර්ශයේ ජීවිත වඩා පහසු විය.මොහු කුඩා අවදියේදී ගුරුවරුන් මොහුට පවසා ඇත්තේ ඔහුට කිසි දිනක කිසිවක් ඉගෙන ගැනීමේ හැකියාවක් නොමැති බවයි. එසේම ඔහු ප්‍රථම විදුලි බල්බය නිපදවීමට පෙර ඒ වෙනුවෙන් අසාර්ථක වූ පරීක්‍ෂන 9000කට වඩා සිදු කර ඇත.

•මයිකල් ජෝර්ඩ්න්:
එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම බාස්කට් බෝල ක්‍රීඩකයායි.නමුත් පාසල් වියේදී මොහුව විදුහලේ බාස්කට් බෝල කණ්ඩායමෙන් නෙරපා හැරුවේ මොහු "දුර්වල ක්‍රීඩකයෙක්" යයි පවසමිනි.

•වෝල්ට් ඩිස්නි:
ඇමරිකන් ජාතික චිත්‍රපට නිෂ්පාදකයෙකි,අධ්‍යක්‍ෂකවරයෙකි,තිර කතා රචකයෙකි, හඩ කවන්නෙකි. ලෝකයේ ප්‍රසිද්ධම කාටුන් චරිත රාශියක නිර්මාතෘ වරයායි. ඔහු විසින් ආරම්භ කල වෝල්ට් ඩිස්නි සමාගම වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 30ක ආදායමක් ලබයි. නමුත් වෝල්ට් ඩිස්නි ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කලේ ඔහුගේ ගරාජය තුල වන අතර ඔහුගේ ප්‍රථම නිර්මාණය බෙහෙවින් අසාර්ථක විය.ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඔහුව උපහාසයට ලක් කලේ චිත්‍රපට නිශ්පාදනය පිලිබද ඔහුට දැනුමක් නොමැති බව පවසමිනි.

•වින්ස්ටන් චර්චිල්:
පාසලේදී 6වන වසර අසමත් විය, නමුත් ඔහුව නැවතීමට එය සමත් නොවීය. ඉතා මහන්සි වී බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වූයේ දෙවණ ලෝක යුධ සමයේදීය. ලෝක ඉතිහාසයේ සහ බ්‍රිතාන්‍යයේ මෙතෙක් පහල වූ ඉතාම වැදගත් නායකයෙකු ලෙස වින්ස්ටන් චර්චිල්ව සලකනු ලබයි.BBC මගින් 2002දී මෙතෙක් පහල වූ විශිෂ්ඨතම බ්‍රිතාන්‍ය ජාතිකයන් 100දෙනා තේරීමේ ජනමත විචාරනයකදී වින්ස්ටන් චර්චිල් ප්‍රථම ස්ථානයට පත් විය.

•ස්ටීවන් ස්පිල්බර්ග්:
ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකි. ඉතිහාසයේ සාර්ථකම සහ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක් වන අතර ඇකඩමි සම්මාන 3ක් දිනා ඇත. පාසලේ පහල වසර වලදී ඉගෙන ගන්නා අතරතුර පන්තියෙන් ඉවත් කල අතර පසුව ඔහුව අබාධිත ළමුන්ගේ පන්තියට ඇතුල් කරන ලදී. මසකට පසුව ඔහුව පාසලෙන්ම ඉවත් කරන ලදී.

•ඇල්බට් අයින්ස්ටයින්:
එතෙක් මෙතෙක් ලොව පහල වූ බුද්ධිමත්ම මිනිසුන් ගෙන් අයෙකි. 1921 නොබෙල් ත්‍යාගයේ හිමිකරුවා විය. සාපේක්‍ෂතාවාදය පිලිබදව වසර 100කට පෙර ඔහු පැවසූ කරුනු අදටත් වලංගුය. නමුත් පාසල් වියේදී ගුරුවරුන් ඔහුව හැදින්වූයේ "මෝඩ ළමයා" ලෙසය.

•මැර්ලින් මොන්රෝ:
මැර්ලින් මොන්රෝ යනු කවරෙක්දැයි හදුන්වා දීමට අවශ්‍ය නැත. 1947 20th Century-Fox සමාගමෙන් ඇයව ඉවත් කෙරුනේ ඇයගේ අධ්‍යක්‍ෂකවරයා ඇය අවලස්සන රගපෑමට හැකියාවක් නොමැති කාන්තාවක් ලෙස සැලකූ නිසාය. එයින් නොසැලුනු ඇය 20වන ශත වර්ශයේ ජනප්‍රියම චිත්‍රපට තාරකාව බවට පත් විය.

•ජෝන් ග්‍රිෂාම්:
ජෝන් ග්‍රිෂාම් යනු වර්තමානයේ ලොව ජීවත් වන ජනප්‍රියම සහ හොදම නවකතා රචකයෙකි. නමුත් ඔහුගේ ප්‍රථම නව කතාව ප්‍රකාශකයන් 12ක් සහ ඒජන්තවරුන් 16ක් අතින් ප්‍රතික්‍ෂේප විය.

•හෙන්රි ෆෝඩ්:
හෙන්රි ෆෝඩ් මුලින් ආරම්භ කල මෝටර් රථ කර්මාන්ත ශාලා 2ක් අසාර්ථක විය. ඉන් නොසැලුනු ඔහු ෆෝඩ් මෝටර් කම්පැනි ආයතනය ආරම්හ කල අතර ඉන් 20 වෙනි ශත වර්ශයේ ලෝක ආර්ථිකයට වූ බලපෑම අති මහත්‍ය.

•සොයිචිරෝ හොන්ඩා:
දෙවන ලෝක යුද්ධයෙන් පසු ටොයෝටා සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස බැදීමට සම්මුඛ සාකච්චාවට ගිය හොන්ඩා ඉන් අසමත් විය. තමා විසින් නිශ්පාදනය කල කුඩා ස්කූටර් අසල් වාසීන් මිලදී ගන්නා තෙක් මොහු රැකියා විරහිතව සිටියේය.ඉන් පසු ඔහු ඔහුගේ මෝටර් බයිසිකල් නිශ්පාදනාගාරය ඇරඹූ අතර අද එය ලොව විශාලතම මෝටර් බයිසිකල් නිශ්පාදකයායි.
Read More

Sunday, December 25, 2011

පිටසක්‌වල ජීවීහු සී.අයි.ඒ. බලය අල්ලති



පිට සක්‌වල ජීවීන් සිටින බව සහ එම ජීවීන් පෘථිවියට යනෙන බවට කියෑවෙන කතන්දරවල වයස අඩුම ගණනේ වසර 10000 කි. ගගණගාමීන් වැනි මිනිසුන්ගේ චිත්‍ර සහිත ලෙන් ලොව පුරා රටවල් රැසක තිබේ. මේ චිත්‍ර වසර දහස්‌ ගණනක්‌ පැරැණි බව සොයාගෙන ඇත. වෙනකක්‌ තබා දෙවියන් යනු අහසින් ගමන් කරන පිටසක්‌වල ජීවීන් බව ද විශ්වාස කරන්නෝ වෙති. කොටින්ම සමහර විද්වතුන්ගේ මතය වන්නේ මනුෂ්‍යයා ද ගෙඩිය පිටින්ම පිටසක්‌වලින් පැමිණි බවය. ඩාවින්ගේ පරිණාමවාදයේ මනුෂ්‍ය පරිණාමය පිළිබඳ කතාවේ එක හිස්‌ තැනක්‌ ඇත. මේ හිස්‌ තැන පිරවීම සඳහා අවශ්‍ය පොසිල සාක්‍ෂි තවමත් හමු වී නැත. ඒ හිස්‌ තැනින් එහා සිටින්නේ අංග සම්පූර්ණ මිනිසාය. මෙය පදනම් කරගෙන, මනුෂ්‍යයා වානරායාගෙන් පැවත නොඑන බවත්, වානරයා පරිණාමයේ වෙනම ගමනක්‌ යන අතර මිනිසා මිනිසා ලෙසම මෙලොවට පැමිණ ශිෂ්ඨාචාරය දිගේ වෙනම ගමනක්‌ ගිය බවටත් මතයක්‌ පවතී. ඇමරිකානු පුවත්පත් කලාවේදියකු වන රොබට්‌ ස්‌ටැන්ලි විසින් ලියන ලද Covert Encounters in Washingon D. C. (වොෂින්ටන් ඩී. සී නගරයේදී ඇති වූ අහඹු මුණ ගැසීම්) නමැති පොතක්‌ මතභේදයට තුඩු දෙමින් මේ දිනවල ඇමරිකන් වෙළෙඳ පොළ සැරිසරයි. පසුගිය වසර 160 තුළ වොෂින්ටන් ඩී. සී. නගරයේ සිදු වූ පිටසක්‌වල යානා පැමිණීම් සහ පිටසක්‌වල ජීවීන් සම්මුඛවීම් 900 ක්‌ ගැන ඔහු මේ පොතේ කියයි.

මේ වසරේ අගොස්‌තු 03 වැනිදා රොබට්‌ ස්‌ටැන්ලි (Exopolitics) නමැති රූපවාහිනි චැනලයේ පෙනී සිටියේය. එහිදී ඔහු සමඟ සාකච්ඡා කළ ඇල්ෆ්‍රඩ් ලැම්බ්‍රොමොන්ට ඔහු කී පරිදි වොෂින්ටන් ඩී. සී නගරය පිටසක්‌වලවාසීන්ගේ දැක්‌මට අනුව ඉතා හොඳ ගුවන් තොටුපළකි. කිසියම් දවසක පෘථිවිය අත්පත් කර ගැනීමට අවශ්‍ය නම් එම ආක්‍රමණය පටන් ගැනීම සඳහා වන හොඳම තැන ලෙස පිටසක්‌වල වැසියන් දකින්නේ වොෂිංටන් ඩී.සි ය. තවදුරටත්, පිටසක්‌වල වාසීන්ගේ අදහසට අනුව මේ නගරය අන්තර්මාන (interdimensional) දොරටුවකි. අන්තර්මාන දොරටුවක්‌ හරහා කිසියම් තැනකට ඇතුළු වීම ලෙහෙසිය. ඇසට පෙනෙන ලෙස, ඇසට නොපෙනෙන ලෙස චිත්ත තරංග ලෙස, දියර හෝ ඝන ද්‍රව්‍යවල ස්‌වරූපයෙන් අන්තර්මාන දොරටුවකින් ඇතුළු වීමට පුළුවන. ‘ග්‍රේ’ නමැතිs විනාශකාරී පිටසක්‌වල ජීවීන්ට මෙන්ම උරග ස්‌වරූපයේ දියුණු පිටසක්‌වල ජීවීන්ට ද මේ දොරටුව පාවිච්චි කිරීමට පුළුවන. මේ හරහා පෘථිවියට ඇතුළු වන පිටසක්‌වල ජීවීන්ට මනුෂ්‍යයාගේ පරිණාමය අත්හිටුවීමටත් (ඔහු තවදුරටත් දියුණු ජීවියකු වීමට ඉඩ කඩ ඇති මඟ ඇහිරීමටත්) New World order හෙවත් නව ලෝක අනුක්‍රමය නමැති සංකල්පය හරහා ඇමරිකන් රජය වැනි බලගතු ආයතන පාලනය කිරීමටත් පුළුවන.

Covert Encounters In Washington, D.C.



පොත ගන්න

$24.30
BN.com price
$28.00 List Price (Save 13%)


මේ අතර පිටසක්‌වල ජීවීන් සමඟ සම්බන්ධකම් පවත්වන ඇලෙක්‌ස්‌ කොලියර් නමැති පර්යේෂකයා කියන පරිදි චර්යාත්මක ගති පැවතුම් ඇති යම්තාක්‌ දුරකට යහපත් පිටසක්‌වල ජීවීන් සමඟ සම්බන්ධකම් පවත්වන තමන් බඳු තවත් මනුෂ්‍යයෝ පෘථිවියේ සිටිති. පසුගිය වසර දහස්‌ ගණනක කාලයක්‌ තිස්‌ස්‌ පෘථිවි ජන සමාජයට ඇතුළු වූ සමහර පිටසක්‌වල ජීවි වර්ග මනුෂ්‍ය ඉතිහාස තුළ සිදුවෙමින් තිබූ ඇතැම් සංවර්ධන කටයුතු වෙනස්‌ කර ආපසු පිටසක්‌වලට පලා ගොස්‌ ඇත. ඔවුන් එසේ කර ඇත්තේ මතු දවසක සිදුÊකරන්නට යන ආක්‍රමණයකදී පෙරළා සටන් කළ නොහැකි තත්ත්වයකට පත් වන පරිදි පෘථිවිවාසීන් දුර්වල කර තැබීමටය.

මේ අතර Extraterrestrial Friends and Foes (පිටසක්‌වලින් එන මිතුරෝ සහ සතුරෝ) යන පොත ලියූ ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස්‌ හෙළිදරව් කරන පරිදි තවත් ග්‍රහලෝකවල මනුෂ්‍ය වර්ග සිටිති. “ප්‍රොසියන්” යනු එබඳු මනුෂ්‍ය වර්ගයකි. පිට සක්‌වලින් එන පෘථිවි වාසීන්ට හානි දායක සමහර මනුෂ්‍ය වර්ග පෘථිවිවාසින්ගේ ජාන තම වර්ගයාගේ ජාන සමඟ ක්‌ලෝනීකරණය කර විශේෂ වර්ගවල මනුෂ්‍යයන් සාදා චක්‍රාවාට අතර යුද්ධයක්‌ ඇති කිරීම පිණිස ඔවුන් යොමු කරන බව “ප්‍රොසියන්වරු” දැනටමත් පෘථිවියේ සිටින තම හිතවතුන්ට දන්වා ඇත. ප්‍රොසියන්වරු සිටින ලෝකය අයත් තාරකා පද්ධතිය ද්විත්ව තාරකා පද්ධතියක්‌ බවත්, පොළොවට ආලෝක වර්ෂ 11.4 ක්‌ ඈතින් පිහිටි බවත් එම මනුෂ්‍යයන් සමඟ සම්බන්ධකම් පවත්වන පෘථිවිවාසීන් සොයාගෙන ඇත. ප්‍රොසියන් මනුෂ්‍ය වර්ගයාට උසස්‌ ශිෂ්ඨාචාරයක්‌ තිබූ අතර වෙනත් සක්‌වලකින් පැමිණි හානිකර මනුෂ්‍ය වර්ගයක්‌ ඔවුන්ගේ ජන සමාජයට සහ ජනයාගෙන් ඇතමුන්ගේ සිරුරුවලට කාන්දු වීම නිසා එම ශිෂ්ඨාචාරය කඩාකප්පල් වී ඇත. (ඇතැම් විට මිනිසුන්ට අමනුෂ්‍යයන් ආවේෂ වීම යනුවෙන් අපගේ පැරැන්නන් දක්‌නට ඇත්තේ පිටසක්‌වල ජීවීන් මිනිස්‌ සිරුරට හා මොළයට කාන්දු වීම විය යුතුය.) ඇලෙක්‌ස්‌ කෝලියර් නමැති පර්යේෂකයා කියන පරිදි මෙබඳු පිටසක්‌වල ජීවීන්ට සිතුවිලි කදම්භයක්‌ ලෙස මිනිසුන් තුළට කාන්දු වීමටත් ඒ මිනිසුන්ගේ මතක ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ කර වෙනත් මතක ගබඩාවක්‌ ඇති කිරීමටත් පුළුවන. මේ තත්ත්වයට පත් වූ මිනිසුන් පිස්‌සන් ලෙස අත්හැර දැමීමෙන් ප්‍රජනය ගැන වැඩිදුර සෙවීමට කිසිවකු උනන්දු වන්නේ නැත. ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස්‌ නමැති පර්යේෂකයා කියන පරිදි ‘ඛයිලා’ යන නමින් හඳුන්වන ප්‍රොසියොන් වැසියෙක්‌ම ඔහුට හමු වී ඇත. ඔහු කියන පරිදි ඔහුගේ ග්‍රහලෝකයේ තිබු ශිෂ්ඨාචාරය විනාශ වූයේ The Grays හෙවත් “අඳුරු මතධාරීන්” නමැති පිටසක්‌වල වාසීන් නිසාය. ඛයිලා ගේ වචනයෙන් ග්‍රේවරුන් හෙවත් අඳුරු මතධාරීන් ප්‍රොසියන් ශිෂ්ටාචාරය විනාශ කළේ මෙසේය. “ගේ්‍ර” වරුන් මුලින්ම අපේ ග්‍රහලෝකයට පැමිණියේ තානාපතිවරුන් ලෙස ය. ඊළඟට අපට ප්‍රයෝජනවත් විය හැකි විවිධ අංශවල නිපුණතා ඇති ග්‍රේවරුන් අප වෙත පැමිණියහ. ඔවුන් සහ අප අතර අෙන්‍යාන්‍ය වශයෙන් දැනුම හුවමාරු කර ගැනීම සඳහා වැඩසටහන් පැවැත්විණ. ඊළඟට ඔවුන් සංචාරකයන් ලෙස වැල නොකැඩී අපේ ග්‍රහලෝකයට එන්නට පටන් ගත්හ. අන්තිමට ඔවුන්ගෙන් අපේ ජන සමාජය පිරී ගිය අතර අපේ නායකයන් පවා ඔවුන්ගේ ග්‍රහණයට කැමැත්තෙන්ම නතු වූහ. එය මානසික ආක්‍රමණයකි.

“ඔබේ ග්‍රහලෝකය වන පෘථිවියේද ඔවුහු සිටිති. ඔවුන් සී. අයි. ඒ. සහ කේ. ජී. බී. වැනි ආයතනවල වැදගත් භූමිකා කරන අය තම වසඟයට ගෙන ඇත. ඔවුන් එය කරන්නේ තම දැනුම් සම්භාරය ඔවුන්ට ප්‍රදර්ශනය කිරීම තුළිනි. ටෙලිපති හෙවත් මානසික තරංග මගින් මිනිසුන් වසඟ කර ගැනීමට ඔවුන්ට පුළුවන. ඔවුන් පෘථිවියේ වැසියන් සඳහා ද යොදා ඇත්තේ “ප්‍රොසියන්” වැසියන් වන අපට යෙදූ උපක්‍රමයන්ය. අප විනාශය කරා යන නමුත් ඒ බව අපට තේරෙන්නේ නැත .අපේ නායකයන්ට තේරෙන්නේ ද නැත. අන්තිමට ප්‍රොසියන් ග්‍රහලෝකය යටත් කරගත් ග්‍රේවරුන් වැසියන් සියලු දෙනාම වහල් කමට ගත්හ.”

“ග්‍රේවරුන්ට කාලයේ බාධාව විඳීමට පුළුවන. එනම් ආලෝකය ගමන් කරන වේගයට වැඩි වේගයකින් ඔවුන්ට යැමට පුළුවන. එවිට කාලය නවතී (අයින්ස්‌ටයින්ගේ කොන්ටම් විද්‍යාත්මක නියමය බලන්න) මෙසේ නැවතුන කාලය හරහා ඉදිරියටත් ආපස්‌සටත් (අනාගතයට හා අතීතයට යමින් ) යමින් ඔවුන් අපගේ ශිෂ්ඨාචාරය විනාශ කළේය. එහෙත් ඔවුන්ගේ ජාන දුර්වල නිසා පෙර කී ක්‍රියාවලියට ග්‍රේවරුන්ට වඩා හොඳින් කිරීමට ප්‍රොසියෙන්වරුන්ට පුළුවන. ඒ නිසා ග්‍රේවරුන් අභිබවා යන සමහර ප්‍රොසියන් කණ්‌ඩායම් ග්‍රේවරුන් පරදවාලීම සඳහා සංවිධානය වෙමින් සිටිති.

ග්‍රේ වරුන් සමඟ සටන් කිරීමට පෘථිවියේ ඇති ආයුධවලට නොහැක. ඔවුන් සමඟ සටන් කිරීමට කළ යුතු හොඳම දෙය හැම විටම පියවි සිහියෙන් සිටිමින් අධ්‍යාත්මික බලය දියුණු කිරීමය. (බුදුන්වහ්නසේ අධ්‍යාත්මික බලයෙන් මාර පරාජය කළ හැටි උදාහරණයක්‌ ලෙස ගත හැකිය.) සීමාසහිත සීමාවක බහුමාන ක්‍රමයට හෙවත් විවිධ මානසික මට්‌ටම් පිළිබඳව සිත පුරුදු කර ග්‍රේවරුන්ගේ මනසට බලපෑම් කරමින් ඔවුන් ජයගත හැකිය. පෘථිවිය සූර්යයා වටා යන ගමන් මාර්ගයෙන් පිටතට ඇද දැමිය හැකි තාක්‍ෂණයක්‌ ඔවුන් සතුව තිබේ. එහෙත් ඔවුන්ට එක දිගටම තබාගත හැකි චිත්ත ශක්‌තියක්‌ නැත. පෘථිවිවාසීන්ට මේ ශක්‌තිය තිබේ
Read More

Tuesday, December 13, 2011




What Ed Wanted You To See

1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වති‍යගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ.

තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන 1919 දී පමණ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණෙනවා. එඩ්වර්ඩ් බාල කාලෙ‍යේ ඉදන් කලු ගල් ආදියෙන් විවිධ නිර්මාණ කරන්නට ඉගෙන ගෙන තියෙනවා. ෆලොරීඩාවට පැමිණීමෙන් පසු ඉතිරි අවුරුදු විස්සක කාලය තුළ ඔහු විසින් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔහුගේ අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් කොරල් ගල් වලින් උද්‍යානයක් නිර්මාණය කිරීම. කවදා හෝ ඔහුගේ පෙම්වතිය තමුන් වෙනුවෙන් පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරාත්තු වෙමින් මේ නිර්මාණය කළත් කවදාවත්ම ඔහු‍ගේ අහිමි වුණු පෙම්විතය නැවත පැමිණෙන්නේ නෑ. තනිකඩයකු ලෙස ජීවත් වන ඔහු උද්‍යානය අවසන් කර න ඔහු 1951 දෙසැම්බර් හත් වන දින හැට හතර වන වියේදී ආබාධයකින් මරණයට පත් වනවා.

මේ කථාවේ විශේෂත්වය මොකද්ද? ඒ කමයි මේ එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කිය මනුෂ්‍යයා තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදු කරපු ඒ කොරල් වලින් කරපු උද්‍යානය. කොරල් මාලිගය නැතිනම් පාෂාණ මාලිගය ලෙස මෙය ලෝක ප්‍රසිද්ධයි. අක්කර දහයක් පුරා පැතිරුණු මේ උද්‍යානය සදහා ටොන් 1100 පමණ කොරල් පාෂාණ යොදා ගෙන තිබෙනවා. ටොන් ගණන් බර පාෂාණ අඩි ගණන් උසට ඔසවලා නැතිනම් ඒමේ අත හරවලා නැතිනම් තැන් තැන් වලට ගෙනිහිල්ලා අපූරු නිර්මාණ සිදු කරලා තියෙනවා. නමුත් මෙහි විශේෂත්වය මොකද්ද? ඒ තමයි අඩි පහකට මදක් වැඩියෙන් උස වුණු මහ විශාල ශක්ති වන්ත සිරුරකට හිමි කම් නොවූ මේ මනුස්සයා මේ සියලු නිර්මාණ කරන්නේ තනියම වීම. ඔව් ටොන් ගණන් බර කොරල් පාෂාණ ඉහළට ඔස වන්නෙත් ඒවා තැන් තැන් වලට ගෙනි යන්නෙත් ඒවායින් විවිධ නිර්මාණ කරන්නෙත් මේ මනුස්සයා තනියමයි වෙන කිසිවකුගේ සහයක් නැතුවයි. අනික ඒ සදහා කිසිම නවීන තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නෙත් නැහැ ලී තුනකින් හදපු කරුවක් විතරයි භාවිතා කරන්නේ. නමුත් මේ ලී ඇටවුමට එතරම් විශාල බර පාෂාණ වල බර දරා සිටින්න පුළුවන් කමක් නැහැ. අනික මේ මනුස්සයා අනික් අය තමුන් වැඩ කරන විධිය දකී කියලා වැඩ කරෙත් බොහෝ විට රෑට විතරයි.



දැන් ප්‍රශ්නේ ඔහු මෙහෙම වැඩක් කරේ කොහොමද කියන එක. කාලයක් ඒ පැත්තේ පුස්තකාලයක දවසකට පැය හතරක් විතර ගත කරපු එඩ්වර්ඩ් කියලා තියෙනවා තමුන් පුරාණ මිසර ජාතිකයින් පිරමිඩ් නිර්මාණ සදහා ටොන් සිය ගණන් බර ගල් කුට්ටි එසවූ තාක්ෂණය තමුන් සොයා ගත් බව. තමුන් ප්‍රති ගුරුත්වය සොයා ගත් බවත් ඔහු පවසලා තියෙනවා. ඒ කාලේ කුඩා ළමයින් හැටියට අවට හිටපු සමහර අය කියලා තියෙනවා ඔවුන් සමහර වෙලාවට හොරෙන් බලන කොට ඔන්න එඩ්වර්ඩ් අර ටොන් ගණන් බර ගල් කුට්ටියක් පා කරන හැටි දැකලා තියෙනවා. ඔහුගේ කොරල් මාලිගයේ දොරට දාලා තිබිලා තියෙන්නෙත් මේ ටොන් ගණනක් බර කොරල් පාෂාණයක්. නමුත් එහි නිර්මාණයේ නිවැරදි සමමිතිය නිසාම කුඩා ළමයකුට වුණත් ඇගිල්ලෙන් ඇනලා වුණත් දොර විවර කර ගන්න පුළුවන්ලු. නමුත් එක් දහස් නවසිය අසූ ගණන් වල මෙහි ඇති හානියක් නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන මෙය නැවත සවිකරන්න කට්ටියකට සිදු කළා.


ඒ සදහා ලේසර් මිනුම් ක්‍රම භාවිතා කරන්නත් ඔවුන් තීරණය කළා.ඒ සදහා ටොන් විස්සේ දොඹකරයකුත් භාවිතා කරන්න වුණා. නමුත් අති නවීන සියලු තාක්ෂණික මෙවලම් භාවිතා කරන් අර පෙර තිබුණු නිවැරදි තත්ත්වයට එම දොර ගෙන ඒමට ඔවුන් අපොහොසත් වුණා. 1920 දී පමණ කොරල් උද්‍යානය මුලින්ම ඉදි කරන්න හදපු තැනින් 1930 ගණන වල මැදදී එය එතැන ඉදන් සුතපුම් දහයක් පමණ ඈත තැනකට ගෙන යන්න එඩ්වර්ඩ් තීරණය කළා. ටොන් සිය ගණනක ගල් අරන් යන එක පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔහු මේ සදහා එක් බර ගෙන යන ට්‍රක් එකකට පමණක් කථා කළා. ට්‍රක් රථයේ රියදුරුට ගැටලුවක් ඇති වුණා මේ ගල් ‍ෙලාරියට පටවන්නේ කොහොමද කියන එක. එඩ්වර්ඩ් ඔහුව මදවේලාවකට රියදුරුව එතනින් යැව්වා. පැයකින් පමණ ආපහු ආපු රියදුරා දැක්කේ ට‍්‍රක් රථය ඉතාම සුලු කාලයකින් අර බර ගල් වලින් පිරිලා තියෙන හැටි. අචටත් ලොව පුරා විද්‍යාඥයින් පුදුමයට පත් කරවන ස්ටොන් හෙන්ජ් පිරමීඩ ඒ වගේම තනි පර්වත හාරා ඉදිකර ඇති ඉන්දියාවේ කෝවිල් වගේ නිර්මාණ සිදු කරපු ආකාරයේම නිර්මාණ මේ කොරල් මාළිගාවේ දක්නට ඇති බව පැවසෙනවා. කිසිම කෙනෙක් ඔහු මේවා සිදු කරපු විධිය දන්නේ නැහැ.

දැන් ප්‍රශ්නේ ඔහු මේ ගැන කිසිම හෝඩුවාවක් වත් තියලා නැද්ද කියන එක., නැහැ. තියෙනවා. 1945 මේ මනුස්සයා “magnatic current” කියලා පොතක් පල කළා. එඩ්වර්ඩ්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙත් චුම්භක ශක්තිය මයි. පොළවේ සියලු දේ බැද තබා ගන්නේ මේ චුම්භක ශක්තිය නිසයි. චුම්භක දෙකක් එකිනෙක ආකර්ෂණය කරන්නේ ඒවයේ උතුරු දකුණු පැති මාරුවට තිබ්බොත් විතරයි. චුම්භක දෙකම එකම අතට උතුරු දකුණු පැති එන විදියට තිබ්බොත් ඒ දෙක විකර්ෂණය වනවා. මේ පොතේම අග ඔහු කියලා තියෙනවා සද පොළවට නොවැටෙන්නේ සඳේ හා පොළවේ මේ චුම්භක ක්ෂේත්‍ර අර විකර්ෂණය වන පිලි වෙලට තිබෙන නිසා බව.සද උඩු යටිකුරු කළොත් සද පොළවට ආකර්ෂණය වී පොළවට ඇද වැටෙන බවත් ඔහු කියලා තියෙනවා. නමුත් මේ පෙත හරිම සාමාන්‍ය විස්තරයක් කරන පොතක්. සෑම පරිච්ඡේදයක් අවසානයේම ඔහු හිස් කොළයක් ඉතිරි කරලා තියෙනවා එය කියවන්නාට තමුන් තේරුම් ගත යමක් එහි සටහන් කර තැබීමට වගේ. ඒ කියන්නේ ඔහුගේ රහස මේ පොතේ කොහොම හරි සගවලා ලියවිලා ඇති. කොහොම නමුත් එය කරන හැටි ඉගෙන ගත් විට එය එතරම් දෙයක් නොවන බව තේරේවි යැයිද එඩ්වර්ඩ් පවසා තිබෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ මේ උද්‍යානයේ ඔහු වැඩ සදහා භාවිතා කරපු ගොඩක් උපකරණ අතුරදහන් වුණා. ඔහු සමහර විට ඒවා කලින්ම සගවන්න ඇති. නමුත් ඉතිරි වුණු සමහර සක්ෂි තිබෙනවා.
මේ රූපයේ දැක්වෙන උපකරණය යූ හැඩයේ චුම්භක 24 කින් සමන්විත වෙන කැරකැවිය හැකි ආකාරයේ එකක්. නමුත් මේකෙත් සමහර කොටස් අතුරුදහන් . මේ උපකරණය ගැන වරක් එඩ්වර්ඩ් කිසිවකුට පවසා තිබුණේ රොකට් යානයක මුදුනේ මේ උපකරණය තැබුවොත් දවල් වන කොට ප්ලූටෝ ග්‍රහයා වෙත ගිහිල්ලා රෑ කෑමට ‍ගෙදර ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා.

මේ එඩ්වර්ඩ් බර ඔසවන්න භාවිතා කරපු උපකරණය. මෙහි උඩ ඇති කලු පෙට්ටයකුත් ඉන් පහළට ආපු වයරයකුත් දැක් ගන්න පුළුවන් . නමුත් මේ කලු පෙට්ටියත් අතුරුදහන් වෙලා. නමුත් මේ කරු තුන එඩ්වර්ඩ් මිනිසුන් නොමග යැවීමට හිතා මතා කල දෙයක් බවටත් කථා තිබෙනවා.

මෙම ලකුණ තේරුම් ගත් තැනැත්තාට විශ්වයේ රහස නිරාවරණය කර ගත හැකි බව එඩ්වර්ඩ් පවසා තිබෙනවා.

එඩ්වර්ඩ් ගේ මාළිගාවේ තැනක සදහන් කර ඇති මේ ඉලක්කම් පෙළ විශ්වයේ රහස් වලට යතුර ලෙසද එඩ්වර්ඩ් දක්වා තිබෙනවා. එදා මෙදා තුර මෙය විසදීමට බොහෝ දෙනා උත්සාහා ගත්තත් අද වන තුරුත් කිසිවකු සමාර්ථ වුණේ නැහැ .මෙහි එක් ඉලක්කම් ‍කොටසකින් කින් ඔහු සිටි ප්‍රදේශයේ අක්ෂාංශ හා දේශාංශ දැක්වෙන බව පැවසෙනවා.

කොහොම නමුත් අද ලෝකයේ ඇති බලසශක්ති ගැටලුවට අභ්‍යාවකාශ තාක්ෂණයට මිනිසා වෙත විශ්වයේ දොර පියන් හැර දීමට හැකියාව තිබුණු අති විශිෂ්ටම රහසක් ඔහුත් සමගම පොළවට වැළලුනා. සමහර විට එදා මෙදා තුර විසශිෂ්ටම සොයා ගැනීම වන්නට ඇති. ඒ වගේම ඒ එදා මෙදා තුර ‍විද්‍යා ‍ලෝකයේ කිරුළු පලන් අයින්ස්ටයින් බොර් හයිසන්බර්ග් වැනි විද්‍යාඥයින් සිටින කාලයේදීමයි. ඔවුන් අහස පොළව ගැටලමින් අවකාශ කාලය වක්‍ර කරමින් ගුරුත්වය හා විද්‍යුතය එක් කිරමට නිදිමරන කාලයේදීමයි. අනෙක් අතට සාමාන්‍ය මිනිසෙකු ලෙසින්.

කට්ටිය මොකද මේ ගැන හිතන්නේ මේක බොරුවක් කියලාද?, නමුත් අන්තර් ජාලය පිරික්සන්න, මේ සදහා සාක්ෂි දහස් ගණන් සොයා ගන්න පුළුවන් වේවි. සම්මුඛ සාකච්ඡා වීඩියෝ ඕනෑ තරම් දැක ගන්න පුළුවන් වේවි. තව විස්තරත් හොයා ගන්න පුළුවන් වේවි. මොකද කරන්න පුළුවන් මේ ගැන. සමීකරණ විසඳමින් අවකාශ කාලය මගින් මෙය තේරුම් ගන්න උත්සාහ ගන්නවාද නැතිනම් කාන්දම් කෑලි ටිකක් ‍හොයා ගෙන පරීක්ෂණ කරන්න පටන් ගන්නවාද? අදටත් ලොව පුරා දහස් ගණනක් මෙය සොයා ගන්න පර්යේෂණ කරනවා. සමහර සමාගම් එඩ්වර්ඩ් මෙම උපකරණ ආකෘති හදමින් පරීක්ෂණකරනවා. අනික හොදින් මතක තියා ගන්න කාන්දම් එකිනෙක ආකර්ෂණය වන්නේ ඇයිද කියන එකටවත් අද දක්වා නිවරදි පිළිතුරක් නැහැ. චුම්භක ක්ෂේත්‍ර…? එකම දිශාවට චලනය වන ඉලෙක්ට්‍රෝන…? නමුත් ඇයි ආකර්ෂණය වන්නේ…?????


  පොත අරන් කියවන්න


*පොත ගැන හොද විස්තර















Read More

Thursday, December 8, 2011

Ubuntu 11.10 Oneiric Ocelot


අලුත් උබුන්‍ටු

උබුන්‍ටු මෙහෙයුම් පද්දතියේ අළුත්ම  සංස්කරණය ඔක්තෝබර් 13වෙනිදා නිකුත් කලේය.මෙය අබුන්‍ටු සංස්කරණ වල 15 වැනි සංස්කරණයයි.මෙය අලුත්ම ලිනක්ස් 3.00 කර්නලය බාවිතයෙන් සකස් කොට ඇත.







Ubuntu 11.10 – minor, but major


Ubuntu 11.10 builds upon the groundwork laid in Ubuntu 11.04. Whilst there are many changes within Ubuntu 11.10 they are evolutionary rather than revolutionary. 
But that’s not a bad thing, for example the Unity interface has matured into a dependable and intuitive work tool; the default application set has been rethought; and the new login screen ‘fits’ the overall style of the Unity desktop. All relatively minor or subtle changes on their own by all add up to a greater cohesive whole.
Canonical’s Jane Silber cites this ‘ease of use and stylishness’ as why Ubuntu is now a global phenomenon, ‘not just for system administrators, developers and expert users’ she says ‘but for a growing community of home users that want a simpler, safer way to use the PC.”
Whilst you’re waiting for your download to finish feel free to cast your eye over the current crop of changes…

Unity Changes

The changes to Unity are apparent from the get go. The Dash is now opened by a launcher icon: -
Ubuntu 11.10 Dash button
The colour of the Dash is derived from the average colour of your desktop wallpaper.
Lenses have been integrated into the Dash itself, and sport many changes includingfaster loading times, improved results, and new filtering options – all of which make finding your applications and files easier.
Amongst the Lens changes comes the addition of a new ‘Music Lens’. With this one can browse locally available music as well as that available to buy via the Ubuntu One Music Store. Clicking on a track you have, or don’t have, opens up the default music player Banshee,

Looks

The default Ubuntu themes (the dark ‘Ambiance’ and the lighter ‘Radiance’) look all the better from their port to GTK 3.
 14 new HQ photo wallpapers are available for you to choose from:

A New login screen

A new login screen called ‘LightDM’ is in use for Ubuntu 11.10. Sleeker, lighter and – lets be honest – far sexier than the previous login screens it’s a minor change, but one that gives a polished impression from the get go.

New Default Apps

Ubuntu comes with the most important of software pre-installed.
Firefox 7 is the default web browser, giving you access to a whole world of add-ons and extensions.
For office-suite needs Ubuntu provides the Microsoft Office compatible LibreOffice suite – word processor, spread sheet and database apps all included.
Mozilla Thunderbird replaces Evolution as the default e-mail application. This is a breeze to set up with web-based e-mail accounts: just enter your details and Thunderbird does the complicated stuff for you. Keep an eye on the launcher icon for unread mails.
Shotwell photo manager gives you intuitive management and basic editing of your photos, as well as supporting uploads to Flickr, Facebook and other social sites.
Special mention goes to Ubuntu’s default social client ‘Gwibber’, which has been totally revamped. Now lighter, more responsive and sporting a slicker interface it’s a joy to use for reading your Tweets or updating your Facebook status.
Backing up is important, so Ubuntu provides the ‘Deja Dup’ backup tool by default. Head to System Settings > Back Up to set up backups of you important files on to a separate hard drive, partition, or even Ubuntu One.
backup tool in Ubuntu 11.10
Banshee music player, with integrated Ubuntu One music store; Totem movie player; and Tomboy notes, with Ubuntu One syncing, are also included out of the box.
Six games are pre-installed, including perennially popular titles like Mines and Mahjong. For more advanced/challenging titles head on into the Ubuntu Software Centre. 
On the flip side two applications have been removed: Video editor PiTiVi and advanced package management tool ‘Synaptic’. 

Ubuntu Software Centre 5.0

The Ubuntu Software Centre in Ubuntu 11.10 has been completely revamped, with a more intuitive ‘toolbar’ for navigation; an improved layout and new filtering options for more refined searching of software.

Indicators

It’s all change on the Indicator front with the removal of the Me Menu; the addition of a ‘Clear All’ item to the ‘Messaging Menu’; new-look user menu, and a new ‘Power Indicator’ providing quick access to attached devices, session controls and system settings. 

Installer Changes

The Ubuntu Installer has been streamlined yet again – now adding in a ‘Wifi’ connection step (if applicable) and the option to take a user account photo via your webcam.

Multi-arch

A new feature to Ubuntu 11.10 is “multiarch” support that allows 64bit Ubuntu users to install 32bit applications and utilities on their systems with no jiggery-pokery needed.

One Conf

OneConf is a new Software Centre feature that helps you keep a list of installed applications in sync across multiple computers. To activate it, open the Ubuntu Software Centre (icon on the Dash) and head to “File > Sync between computers…“.

Performance

So it looks prettier than its predecessor, but does it perform better?
The short answer is yes: the improvements to Unity and Ubuntu as a whole makes for a responsive and nimble desktop. To get the best out of it you’re still going to need fairly recent hardware, but I wouldn’t expect anyone with less than 1GB of RAM and a above-1Ghz processor to worry too much; my netbook is more than capable of handling Oneiric with more than enough oomph.
The downsides to 11.10 are in two areas: -
  • Boot time has increased from Ubuntu 11.04 – but only marginally. Those with SSDs and i7 Quad core processors won’t notice too much of a different, but those on ‘typical’ hardware should expect to wait anywhere between 15 – 25 seconds before the login screen loads. Phoronix have more in-depth details on the performance of Ubuntu 11.10 compared to earlier releases.
  • Battery drain – the kernel used in Ubuntu 11.10 suffers from a ‘power regression’ that sees it suck the juice from your battery or power source quicker than Eric Northman on Sookie Stackhouse’s blood. Not everyone will be affected by this, but see here for more information.
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya