Monday, September 6, 2010

කියවන්නයි හිතන්නයි


පහත දැක්වෙන ජේදය මාහාචාර්ය J.K.P.ආරියරත්න මහතා විසින් රචිත රසායන විද්‍යාවේ මූලධර්ම 1 යන පොතේ 284 පි‍ටුවෙන් උපුටා ගන්නා ලදී.

සංශුද්ධ තත්වයේ ඇති රේඩියම් ක්ලෝරයිඩ් සොයා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානය ඇතිව,යුරේනියම් නිස්සාරණය කර ඉවතලන පිච්බ්ලෙන්ඩ් ටොන් එකකින් ආරම්භ කරමින්, නො පසුබට වීර්යෙන් යුතුව නොයෙක් කම්කටොළු දුක්ගැහැට විඳදරා ගෙන අවුරුදු හතරක් පමණ පර්යේෂණ කර,1902 දී රේඩියම් ක්ලෝරයිඩ් 0.1g ක් මාරි කියුරි විසින් ලබා ගන්නා ලදි.මේ විද්‍යාව කෙරෙහි ඇති අචල භක්තියෙන් සහ නොසැලෙස ධෛර්යේ ඇති උත්කෘෂ්ට විජයග්‍රාහි අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.

මෙම කොටස අ.පො.ස.උසස් පෙළ රසයන විද්‍යා විෂය ධාරාවේ පදාර්ථයේ ගුණ සහ වි්‍යුහය යටතේ ගැනෙන ඉතා සුලුවෙන් ඉගැන්වෙන කොටසක් වන්නට ඇත.12 වන වසරේ ඉගනුම ලබන සිසුවකු වන මා එසේ කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කොට අති 12 වන සහ 13 වන වසර විෂය නිර්දේශය 1 ඒකකයේ 1.2 කොටස මෙසේ සදහන් වන බවිනි."පදාර්ථයේ ශක්ති හුවමරු නිර්ණය කරනු පිණිස විද්‍යුත් චුම්භක කිරණ වල විවිධත්වය විශ්ලේෂණය කරයි. www.nie.lk .නමුත් මා ඉහත සඳහන් කල මාහාචාර්ය J.K.P.ආරියරත්න මහතාගේ පොතෙන් උපුටා ගත් කොටස මා ගුරුහරුකම් ලබා ගන්නා එක් ගුරුවරයකුගේ සටහනට එකතු වී තිබුනි. ඔහු එසේ කරන්නට හේතුව මා ගේ මතකය හැටියට සටහන් තැබීම මෙසේය.

" දරුවනේ මේ ලොකයේ බොහෝ උගතුන් සිටි ඔවුන් ලෝකයට යමක් කල අයවලුන්ය.ඔහුන් තමන් ගේ ජිවිත ය සබවින්ම දිනු අයයි.මාරි කියුරි මේ විද්‍යාඥාන් අතරින් හමුවන එකම කාන්තාවයි ඇය පිච්බ්ලෙන්ඩ් ටොන් එකකින් අවුරුදු 4 ගත කොට රේඩියම් ක්ලෝරයිඩ් 0.1g ලබා ගත්තා ය එය ලොකයේ ලොකු පෙරලියකට හෙතුවිය.පිච්බ්ලෙන්ඩ් ටොන් 1ක් මේ පන්තියේ සිටින පිරිමි දරුවනේ පිරිම්යකු වන ඔබට වත් මෙතරම් ලොකු අධිෂ්ඨාන ශක්තියක් ඇති කර ගත හැකිද? ටොන් 1 හා 1g අතර වෙනස ඔබට හිතා ගත හැකි නේද.දරුවනේ ජීවිතය දිනන්නට ක්‍රම 3 කින් හකිය.එය කලයක් ගතවන වැඩකි.කාලය ගත වූවද ජීවිතය දිනන්නට ඇත්තේ එම ක්‍රමය පමණි.කෙටි ක්‍රම ද ඇත නමුත් එය තාවකාලිකය.එම ක්‍රම නම්

01.තම අරමුණට ඇති අචල භක්තිය

02.නොසැලෙන ධෛර්ය

03.හා කපවීම මෙම කරුනු තුනයි."

මෙය ඔබත් මදක් සිතන්න.මෙය ඔබ දන්නා කරුණු 3 විය හැකිය. නමුත සිතන්න දැන් මම.. ඔව් ඔබ කරන දෙය බේ යහපත් අරමුණ ද,ඔබට ඔබවම අමතක වෙලාද, මෙ ලොකයෙ මන් සිතන පරදි 1කරුණක් සැමදා සත්‍යක් වේ.එනම් "තමා හිසට තම අතමය හෙවනැල්ල".

ආ මගෙ ගුරුතුමාගේ කවුද කියන්න අමතක උනා නේ ඔහු නමින් අමිල සේනාධීර වැඩි විස්ථර. www.slchemistry.com ට ගිහිල්ලා බලන්න.මේ අදහස ගැන ඔයටත් මොනවා හරි කියන්න තියනවා නම් මට comment කරන්න

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya