Saturday, May 29, 2010

ලාබ ප්රසිද්ධිය


අපේ රටේ දැන් අලුත් උළෙල වර්ගයක් තිබේ.ඒ වෙබ් අඩවි විවෞත කිරීමේ උළෙල ය.නොයෙක් සිල්ලර කඩපිල් පවත්වා ගෙන යන්නන්ගේ පටන් නළු-නිළියන් හරහා රටේ දේශපනඥයන් දක්වා අය පෞද්ගලික වෙබ් අඩවි සාදා ගෙන සිටිති.මේ වෙබ් අඩවි විවෞත කිරීම ගැන ඡායාරෑප සහිත ලියවිලි සමහර පත්තර පල කරන්නේ හරියට සම්මානයක් ලැබූ විට දෙන ප්රසිද්ධිය ඊට දෙමිනි.තමන්ගේ නමට වෙබ් අඩවි විවෞත කරගන්නා බොහෝ දෙනකු ගෙදර ආ පසු ඒ දෙස හැරී බලන්නේ වත් නැත.ඒ බව පෙනෙන්නේ මේ වෙබ් ලිපිනය බලා බෙබ් අඩවියට පිවිසෙන්නටය.ඔනට දැනෙනේ හරියට අතහැර දමා ගිය නිවසකට ගියවිට දැනෙන හැගීමකි. අයිතිකාරයා කාලයකින්ම මෙහි විත් නැත.
පෞද්ගලික වෙබ් අඩවියක් ප්රකාශයට පත් කිරීමෙන් පොදුවේ ලොකයා බලපොරොත්තු වෙන්න්නේ තමගේ වැඩ-කටයුතු ගැන සෙසූ ලෝකයා සමග සංවාදයකට යාමය.තම් අදස් උදහස් ගැන, වැඩ-කටයුතු ගැන අනෙක් අයට මත පළ කරන්නට එහි දි ඉඩ කඩ තිබේ වෙබ් අඩවියක් ප්රකාශයට පත් කරන්නකුගේ මූලික අරමුණ වැඩි සෙනගක් ඒ වෙත ගෙන්වා ගනීමටය.එහෙත් අපේ රටේ උපන් වෙබ් අඩවි වලට අඩුම තරමින් අයිතිකරුවාවත් නොයන සෙයකි.
මේ කැත ගතිය ; පෞද්ගලික වෙබ් අඩවි නොවුවත් ආණ්ඩුවේ වෙබ් අඩවි වලත් හොද්ටම පෙනෙන්නට තිබේ.මැති-ඇමති වරු උත්සවශ්රියෙන් විවෞත කරන මේ වෙබ් අඩවි වල අඩුම තරමින් ඒ උත්සවයේ ඡායාරෑපයක් වත් නැති තැන් තිබේ.
ආණ්ඩුවේ නිල වෙබ් අඩවි වලින් තොරතුරු ගෙන මේ රට ගැන විස්ථර වාර්ථාවක් හැදුවොත් මෙරට මැති-ඇමති නිලධාරි මඩුල්ල අද සිටින අය නොවේ.අතලොස්සක් වෙබ් අඩවි වල හරිහමන් තොරතුරු තිබෙන නිසා මේ තොරතුරුවලින් උපදින්නෝ මේ රටේ කවදවත් එක්ව සිටින අය නොවෙති.එදා-මෙදා අය කලවම් වු අමුතු අච්චාරුවකි.
වෙබ් අඩවියක් දියත් කිරිමෙන් බලපොරොත්තු වන අභිලාෂ වෙත යන්නට නම් ඒ වෙත එන යන සෙනකගේ විශ්වාසය දිනා ගත යුතු බව කවුරුත් දනිති.තොරතුරු වල නිවරදි බව පිළිබද සහතිකයක් පමණක් ඊට ප්රමානවත් නැත.නිති පතා එම තොරතුරු අලුත් කිරීමද විය යුත්තේය.
වෙබ් අඩ්වියක් ප්රණවත්ව තබා ගනීම කීයක් හෝ වියදම් කොට වෙබ් අඩවියක් දියත් කිරිම තරම් ලෙහෙසි පහසු නැත.ඒ කෙරෙහි විශ්වාසය ඊටත් වඩා අමාරුය.ලොකයේ නොයෙක් තැනින් එළි දකින වෙබ් අඩවි පවත්ව ගෙන යන්නෝ නිතරම මේ අමරුඅ සමග ජීවත් වෙති.ඔවුන් ඒ වෙබ් අඩවිය දියත් කිරීමෙන් බලපොරොත්තු වන ඉලක්කය වෙත යන්නේ ඒ නිසාය.
මේ ගැන කතා කරමින් සිටින මගේ මිතුරෙකු කිවේ,අපේ රටේ වෙබ් අඩවි සාදන්නන්ද ඉතා සාර්ථකව තම අරමුන කරා යන බවය.ඒ කෙසේ දැයි මා විමතියෙන් ඇසූ මට හේ පැහැදිලි කිරීම දුන්නේය. එහි ශිලාචාර ලිවිම මේසේය.
අපේ රටේ ලාබ ප්රසිද්ධිය සොයති නළු-නිළියොත් දේශපනඥයොත් ඒ අයට උල් පන්දම් දෙන ආණ්ඩුවේ සේවකයොත් සිතන්නේ ඒ ලාබ ප්රසිද්ධිය ගැනය.මොනවා හෝ වැල් වටාරම් ටිකක් එක් කොට ,කොහේ හෝ සිටින කෙනකුට කියා වෙබ් අඩවියක් අටවා ගන්නා ඔවුහු එය උත්සවත්ශ්රියෙන් විවෞත කරති.දැන් පත්තර-රූපවාහිනී වල මෙය පෙන්වති.එය ලාබ ප්රසිද්ධියකි.එම ලාබ ප්රසිද්ධිය ලැබුවාට පසු නැවත ආපසු එය දෙස හැරී බලන්නේ වත් නැත.වෙබ් ඉඩ කුලියට ගත් කාලය අවසන් වන තෙක් එය ඔහේ තිබේ.උළෙලක් අවසන් වු විට මහමග යන්නකු ගේ ඇගේ හැපෙන තොරන කැබලි මෙන් අන්තර්-ජාලයේ 'ඇවිදින්නකුගේ' ඇගේ එල්ලෙන්නේද මේ කැළි කසළය.

1 comment:

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya