Saturday, May 29, 2010

ලාබ ප්රසිද්ධිය


අපේ රටේ දැන් අලුත් උළෙල වර්ගයක් තිබේ.ඒ වෙබ් අඩවි විවෞත කිරීමේ උළෙල ය.නොයෙක් සිල්ලර කඩපිල් පවත්වා ගෙන යන්නන්ගේ පටන් නළු-නිළියන් හරහා රටේ දේශපනඥයන් දක්වා අය පෞද්ගලික වෙබ් අඩවි සාදා ගෙන සිටිති.මේ වෙබ් අඩවි විවෞත කිරීම ගැන ඡායාරෑප සහිත ලියවිලි සමහර පත්තර පල කරන්නේ හරියට සම්මානයක් ලැබූ විට දෙන ප්රසිද්ධිය ඊට දෙමිනි.තමන්ගේ නමට වෙබ් අඩවි විවෞත කරගන්නා බොහෝ දෙනකු ගෙදර ආ පසු ඒ දෙස හැරී බලන්නේ වත් නැත.ඒ බව පෙනෙන්නේ මේ වෙබ් ලිපිනය බලා බෙබ් අඩවියට පිවිසෙන්නටය.ඔනට දැනෙනේ හරියට අතහැර දමා ගිය නිවසකට ගියවිට දැනෙන හැගීමකි. අයිතිකාරයා කාලයකින්ම මෙහි විත් නැත.
පෞද්ගලික වෙබ් අඩවියක් ප්රකාශයට පත් කිරීමෙන් පොදුවේ ලොකයා බලපොරොත්තු වෙන්න්නේ තමගේ වැඩ-කටයුතු ගැන සෙසූ ලෝකයා සමග සංවාදයකට යාමය.තම් අදස් උදහස් ගැන, වැඩ-කටයුතු ගැන අනෙක් අයට මත පළ කරන්නට එහි දි ඉඩ කඩ තිබේ වෙබ් අඩවියක් ප්රකාශයට පත් කරන්නකුගේ මූලික අරමුණ වැඩි සෙනගක් ඒ වෙත ගෙන්වා ගනීමටය.එහෙත් අපේ රටේ උපන් වෙබ් අඩවි වලට අඩුම තරමින් අයිතිකරුවාවත් නොයන සෙයකි.
මේ කැත ගතිය ; පෞද්ගලික වෙබ් අඩවි නොවුවත් ආණ්ඩුවේ වෙබ් අඩවි වලත් හොද්ටම පෙනෙන්නට තිබේ.මැති-ඇමති වරු උත්සවශ්රියෙන් විවෞත කරන මේ වෙබ් අඩවි වල අඩුම තරමින් ඒ උත්සවයේ ඡායාරෑපයක් වත් නැති තැන් තිබේ.
ආණ්ඩුවේ නිල වෙබ් අඩවි වලින් තොරතුරු ගෙන මේ රට ගැන විස්ථර වාර්ථාවක් හැදුවොත් මෙරට මැති-ඇමති නිලධාරි මඩුල්ල අද සිටින අය නොවේ.අතලොස්සක් වෙබ් අඩවි වල හරිහමන් තොරතුරු තිබෙන නිසා මේ තොරතුරුවලින් උපදින්නෝ මේ රටේ කවදවත් එක්ව සිටින අය නොවෙති.එදා-මෙදා අය කලවම් වු අමුතු අච්චාරුවකි.
වෙබ් අඩවියක් දියත් කිරිමෙන් බලපොරොත්තු වන අභිලාෂ වෙත යන්නට නම් ඒ වෙත එන යන සෙනකගේ විශ්වාසය දිනා ගත යුතු බව කවුරුත් දනිති.තොරතුරු වල නිවරදි බව පිළිබද සහතිකයක් පමණක් ඊට ප්රමානවත් නැත.නිති පතා එම තොරතුරු අලුත් කිරීමද විය යුත්තේය.
වෙබ් අඩ්වියක් ප්රණවත්ව තබා ගනීම කීයක් හෝ වියදම් කොට වෙබ් අඩවියක් දියත් කිරිම තරම් ලෙහෙසි පහසු නැත.ඒ කෙරෙහි විශ්වාසය ඊටත් වඩා අමාරුය.ලොකයේ නොයෙක් තැනින් එළි දකින වෙබ් අඩවි පවත්ව ගෙන යන්නෝ නිතරම මේ අමරුඅ සමග ජීවත් වෙති.ඔවුන් ඒ වෙබ් අඩවිය දියත් කිරීමෙන් බලපොරොත්තු වන ඉලක්කය වෙත යන්නේ ඒ නිසාය.
මේ ගැන කතා කරමින් සිටින මගේ මිතුරෙකු කිවේ,අපේ රටේ වෙබ් අඩවි සාදන්නන්ද ඉතා සාර්ථකව තම අරමුන කරා යන බවය.ඒ කෙසේ දැයි මා විමතියෙන් ඇසූ මට හේ පැහැදිලි කිරීම දුන්නේය. එහි ශිලාචාර ලිවිම මේසේය.
අපේ රටේ ලාබ ප්රසිද්ධිය සොයති නළු-නිළියොත් දේශපනඥයොත් ඒ අයට උල් පන්දම් දෙන ආණ්ඩුවේ සේවකයොත් සිතන්නේ ඒ ලාබ ප්රසිද්ධිය ගැනය.මොනවා හෝ වැල් වටාරම් ටිකක් එක් කොට ,කොහේ හෝ සිටින කෙනකුට කියා වෙබ් අඩවියක් අටවා ගන්නා ඔවුහු එය උත්සවත්ශ්රියෙන් විවෞත කරති.දැන් පත්තර-රූපවාහිනී වල මෙය පෙන්වති.එය ලාබ ප්රසිද්ධියකි.එම ලාබ ප්රසිද්ධිය ලැබුවාට පසු නැවත ආපසු එය දෙස හැරී බලන්නේ වත් නැත.වෙබ් ඉඩ කුලියට ගත් කාලය අවසන් වන තෙක් එය ඔහේ තිබේ.උළෙලක් අවසන් වු විට මහමග යන්නකු ගේ ඇගේ හැපෙන තොරන කැබලි මෙන් අන්තර්-ජාලයේ 'ඇවිදින්නකුගේ' ඇගේ එල්ලෙන්නේද මේ කැළි කසළය.
Read More

Monday, May 10, 2010


හිරු නිවි තරු නිවි දුක් විදිනා තනිකම
කාත් කවුරුත් නැති වෙලාවේ
ඔබම මිස කවුරුද මාගේ ගිනිගත් හිතට
සිසිලසක් සැනසුමක් ගෙනාවේ

කවියකට පද හදන හුදකලාවම විටක
දරුණු වී රුදුරු ලෙස දැනෙන්නේ
එවිට ඔබ පමනක්ය සෙවෙනල්ල ලෙස පැමිණ
මගේ ලග තුරුලෙහිම ‍රැදෙන්නේ

කදුලකට ගතු කියන හුදකලවම විටක
ජීවිතය දුකක් සේ පෙරලෙන්නේ
ඔබ සමග සිනසී ආදරයෙන්ය
මරණයට දොර කවුලු වහෙන්නේ

අමතක කර නොහකි මතකයන් තවම
දැවේ සිත කදුළු චිතකයේ
මොනව කරන්නද හිතාගන්න බෑ
ඔබෙන් තොර ලොවක් නත මෙදියතේ

පිච්ච මල් වැටෙන සුවද ගලන විට
හිතට දනෙන්නෙම ඔබේ සුවද මට
හොරහින් හිතට විත් ඔබ සිනැහෙන විට
තනි මට සිදු වන්නෙ වැල පෙන්නට

වල යහන යට හද හැන්ගෙන විට
හිතට හිතෙයි ඔබ තුරුලට එන්නට
එනමුදු ඔබ හමු වී දොඩ මළු වෙන්නට
ඉරණම ඉඩ දී නෑ අපි දෙදනට

පැය ගන්නන් ඔබ දෙස බලා
එන්නට මට ඇසපිය නොහෙලා
එන්න දවසක් මා බලන්නට
නෙත් අගින් බැල්මක් හෙළා

හිනා වෙන ඇස් කතා කල හැටි
බල්මකින් ආදරය කී හැටි
මතක් වෙනකොට ඉන්නට බෑ මට
දුක දාරගෙන හිතින් මෙ හැටි

සද ගිමන් නිවා සුදු වලකුලක වැතිරී
දුක් කවක් කියනවා ආදරය නොනිමි
ඒ සදට වඩා තනි තරුවක් ගැන දනිමි
ඒ තරුව මමයි , නිති නුබටම තනි රකිමි

සද වගේ ඇවිත් රෑ පිනි පලසෙයි පිපුන
නුබ පිච්ච මලයි මට සසර පුරා බැදුන
දුර තනිව හිදින මට සුවද සදා සුමුදු
මතු බවේත් නුබ මගෙම වෙලා හිදිනු


ගිලිහිලා ආදරයේ මුතු පොට
හතර දෙස විසිරුනා මුතුඇට
එක්කරන්නට වෙහෙස වන විට
නති වෙලා මුතු පොටේ මු‍ටු ඇට


ජිවිතයේ අපමණක් දුක් විද
තබගෙන සෙනහසෙන් කුස තුල
මුතු රකින්නේ කෙලස බෙල්ලෙක්
එලස ‍රැක ආදරයේ මුතු පොට

පාවෙලා යන නමුදු එවතට
දිය කරන්නට නොහැක කදුලකට
කෙලස හෝ යලි සොයා මුතු ටික
හදා ගන්නම් මාගේ මුතු පොට

ඔබ ඇවිල්ලා මා බල්න්නට
මාගේ වැලපෙන හිත හදන්නට
කදුළු මග හැර සිනා සෙන්නට
ඉති මට පුලුවන්
නුදු‍ටු දුක අමතක කරන්නට
ඉතිං මට පුලුවන්

දු‍ටු සැනින් ආදරය සිතුනා
හිතේ නොපිපිනු පියුම් පිපුනා
උදේ රෑ ඔබේ රුව දකිනු මිස
වෙනත් සුවයක් නැතැයි හැගුනා

ඔබේ දුක මට ගොඩක් දනුනා
මහිත ඔබට වඩා රිදුනා
ආදරය යනු පිදීමක් මිස
ලබ ගැනුමක් නොවෙයි හැගුනා

මා ගේ මුලු ජීවිතයයි, හිත පුරා තියන ආදරයි මම ඔයට පුදලා ඉවරයි මගේ
_ _ _ _ _ _ සදා කාලිකවම ඒ දෙවල් අයිති ඔයාට විතරයි.ඔයටම විතරයි.ඔයටම විතරයි.
.......
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya