Wednesday, April 7, 2010

ආරම්භය

මගේ අදහස මේ blog එක මගේ ගලාගෙන යන ජීවිතය නැමති ගංගාවේ අනාගතය සමාජයේ මගේ දැක්ම මගේ අදහස් ඔබත් එක්ක බෙදාගන්න. ඔබ දැන් මොකක් ද කරන්නේ, ඔබ දන් මගේ අදහස් blog සටහන් කියවන්නයි සුදානම් වෙන්නේ.මගේ අදහස් කියවන ඔබ සැමට එකටම මන් ස්තූති කරනවා. ඔබ ගැන ඔබේ තක්සේරුව කොහොමද? මන් නම් මන් ගැන ලොකු විස්වාසයකින් මගේ ජීවිතය ගෙවන්නේ එත් තමන් ගැනතමන්ම තක්සේරු කරගෙන ජීවත් වෙන එකේ අගය වැඩි වෙන්නේ වැඩිහිටි අවවාදත් එක්ක කියලා මන් හිතන්නේ.මේ blog සටහන් ලියන මන් තාම අවුරුදු 16 ක කොල්ලෙක්. එත් මේ blog කියවන ඔයා සමාජය මට වඩා පුලුල්ව දකින කෙනෙක් වෙන්න පුලුවන් ඔයගේ ඒ අදහස් මට කියන්න මේ මගේ e-mail ලිපිනය maheshdase@gmail.com ඔයට හිතුනොත් මට ලියන්න. මේ blog එක කියවන ඔයලා අහලා තියනවා නේද"උත්සහය,කැපවීම,අදිස්ඨානය තිබේ නම් ඕනැම අභියෝගයක් ජයගත හැකිය"මේ කතාව ඇත්ත මේ කියමන මගේ ජීවිතයේ ඔප්පු වෙලා තියනවා මොකද මගෙ ජීවීතේ මන් ගොඩක් දේවල් ඉගනගත්තේ තනියම නිසා මා මෙතෙක් කාලයක් පරිගණක පාඨමාලාවකට කියා හදාරා ඇත්තේ Microsoft Office පාඨමාලාවක් පමණි. එත් ඒ මා 6 වසරේ ඉගනුම ලබන විටය එවිට මා මේ විෂයේම මා තනියම උගත කොටස ඔබට හිතා ගත හැකිය. මේ නිසා හැම විටම ඔබගේ දෛවය යහපත් ලෙස වෙනස් කර ගැනීමට උත්සහ කරන්න. එය කල හක්කේ ද ඔබට පමණි. මා ජිවිතය ගෙවා ඇති කෙටි කළට මා අතින් ද සුලු වරදීම් සිදු වී ඇත ඒත් එම මග හැරීම් නිසා ම හට සිදු වු පඩුව නැවත සකසා ගත නොහක. එම නිසා අපේ ජිවිත හැම විටම ගත කල යුත්තේ මනා සිහියකින් යුක්තවය.අප ජීවීතයේ බැදීම් ගොඩාක් සමග ජිවත් වේ එත් අපේ ජිවිත ඉතා නිදහස් නිස්කලංක වුවේ නම් සමාජය මීට වඩා බොහෝසේ වෙනස් වීමට ඉඩ තිබුණි.

1 comment:

  1. අපි කොහොමද ඔයාගේ බ්ලොග් එක ගැන දැන ගන්නේ?
    මේක සින්ඩිකේටර්වල තියෙනවද?
    ඔයා වෙනත් බ්ලොග්වල මීට කලින් කමෙන්ට් කරලා තියෙනවද?

    අධෛර්යමත් නොවී ලිවීම ගැන මගේ ප්‍රසාදය පළ කරමි!

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya