Saturday, December 25, 2010



ගෞතම බුදුරජණන් වහන්සේ


මව-මහාමායා දේවිය

පියා-සුද්ධෝදන රජතුමා

උපන් ස්ථානය-සල් උයනක්

උපන් දේශය-ලුම්බිනිය්(ඉන්දියාව)

අපවත් වීමට හේතුව-අසනීප තත්වයක්

අපවත් වු ස්ථානය-කුසිනාරා නුවර

කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම.



ජේසුස් වහන්න්සේ


මව-මරියා තුමිය

පියා-ජුසේ පියතුමන්

උපන් ස්ථානය-ගව මඩුවක්

උපන් දේශය-බෙත්ලෙහෙම

මියයාමට හේතුව-කුරුසයේ තබා අණ ගැසීම

මිය ගිය ස්ථානය-(මා නම් වශයෙන් සදහන් කිරීමට නොදනී)

කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම.


අද 25 මේ වෙනස ගැන ඔබේ අදහස මොකක්ද?? ඔබේ අදහස් වලින් පස්සේ මං ඉගන ගත් දෙය පවසන්නම්."බුද්ධිමත් සංවාදය ගැටලු නිරාකරණයට මගයි"
Read More

Wednesday, December 15, 2010









෴ පෞද්ගලික ජීවිත‍යේ ජයගතයුතු කාරනා ෴

01. සුදුසු පර‍දේශයක වාසය කිරීම.
02. ‍‍පෙර‍කල පින් පල දීමට අවස්ථා අැති කර ගැනීම.
03. සාමාන්‍ය දැනීම හා තොරතුර ැ දැන ගැනීම.
04. හැකි උපර‍ිම‍‍‍‍යෙන් අධ්‍යාපනය ලබා ගැනීම.
05. සංයම‍‍යන් හා හික්මී‍මන් කටයුතු කිරීම.
06.‍‍ ශෝක‍‍‍යෙන් නිතරම ‍නොසිටිම.
07. නිතරම හිතේ සතුටින් සීටීම.
08. ඉවසීම හැකියාව වර්ධනය කර ගැනීම.
09. නිතරම හොදින් හැසිරීම.
10. අනවශ්‍ය ‍සෙ බි‍යෙන් කල් නොයෑම.

෴ පවුල ජය ලැබිමට ෴

01. මවට ‍ගෞරව‍යෙන් උපස්ථාන කීරීම.
02. පියාට ‍ගෞරව‍යෙන් උපස්ථාන කීරීම.
03. සහකර ැට / සහකාරියට ආදර ගෞරව‍යෙන් සංගහ කිරීම.
04. දරැවන්ට ආදර කර ැණා‍‍‍වෙන් සංගහ කිරීම.
05. නෑදෑයන්ට නිර්ලෝභීව සංගහ කිරීම.

෴ සමාජය තුල ජයගාහකයකු වීමට ෴

01. පහත් ගති ඇති ‍මෝඩයන් ඇසුර ැ ‍‍‍නොකිරීම.
02. උසස් ගති ඇති පණ්ඩිතයන් ඇසුර ැ ‍‍‍කිරීම.
03. පිදිය යුත්තන් ගර ැසර ැ ඇතිව පිදීම.
04. නිතරම යහපත් වචන පමණක් භාවිතා කීරීම.
05. ගර ැ කල යුතු අයට ‍ගෞරව කීරීම.
06. කෙලෙ හි ගුණ සැලකීමට ‍ලෝභ ‍නොවිම.
07. නිහතමානී ලෙස හැසිරීම.
08. කීකර ැවීම.

෴ ජයගත යුතු ආධ්‍යාත්ම ෴

01. නිතරම මහන දම් පුරන උතුමන් දැකීමට කැමතිවීම.
02. ගැටලු පැනනැගුනු විට ධර්මානුකූල උප‍‍දෙස් ලබා ගැනීමග
03. සිල් රැකීම.
04. චතුරාර්්‍ය සත්‍ය පිලිබද අවබෝධය.
05. නිවන යනු කුමක් දැයි වටහා ගැනීම.
06. අෂ්ඨ ‍‍ලෝක ධර්මය පිලිබද දැනීම.
07. රාග සිතු‍විලි පාලනය.

෴ සසර ජයගැනීම ෴

01. නිර්ලෝභීව දන්දීම.
02. ධර්මානුකූලව ජීවත්වීම.
03. අයහපත් (පවුකාර) ‍‍නොවන කටයුතු වල ඇලී ගැලී සිටීම.
04. පින් යැයි පිළිගන්නා කටයුතු වලට පමාද ‍‍නොවීම.

අප ගෞතම බුදු රජාණන් වහන්සේ එක්තරා දව්යී පුතයකුගේ පශ්ණයකට පිළිතුර ැ වශයෙන් දේශනා කර වාදාළාවු මංගල සුතයේ අඩංගු කර ැණු කිහිපයක් මෙසේ ඉදිරිපත් කරන්නට සිතිමිග
Read More

Monday, September 6, 2010

කියවන්නයි හිතන්නයි


පහත දැක්වෙන ජේදය මාහාචාර්ය J.K.P.ආරියරත්න මහතා විසින් රචිත රසායන විද්‍යාවේ මූලධර්ම 1 යන පොතේ 284 පි‍ටුවෙන් උපුටා ගන්නා ලදී.

සංශුද්ධ තත්වයේ ඇති රේඩියම් ක්ලෝරයිඩ් සොයා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානය ඇතිව,යුරේනියම් නිස්සාරණය කර ඉවතලන පිච්බ්ලෙන්ඩ් ටොන් එකකින් ආරම්භ කරමින්, නො පසුබට වීර්යෙන් යුතුව නොයෙක් කම්කටොළු දුක්ගැහැට විඳදරා ගෙන අවුරුදු හතරක් පමණ පර්යේෂණ කර,1902 දී රේඩියම් ක්ලෝරයිඩ් 0.1g ක් මාරි කියුරි විසින් ලබා ගන්නා ලදි.මේ විද්‍යාව කෙරෙහි ඇති අචල භක්තියෙන් සහ නොසැලෙස ධෛර්යේ ඇති උත්කෘෂ්ට විජයග්‍රාහි අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.

මෙම කොටස අ.පො.ස.උසස් පෙළ රසයන විද්‍යා විෂය ධාරාවේ පදාර්ථයේ ගුණ සහ වි්‍යුහය යටතේ ගැනෙන ඉතා සුලුවෙන් ඉගැන්වෙන කොටසක් වන්නට ඇත.12 වන වසරේ ඉගනුම ලබන සිසුවකු වන මා එසේ කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කොට අති 12 වන සහ 13 වන වසර විෂය නිර්දේශය 1 ඒකකයේ 1.2 කොටස මෙසේ සදහන් වන බවිනි."පදාර්ථයේ ශක්ති හුවමරු නිර්ණය කරනු පිණිස විද්‍යුත් චුම්භක කිරණ වල විවිධත්වය විශ්ලේෂණය කරයි. www.nie.lk .නමුත් මා ඉහත සඳහන් කල මාහාචාර්ය J.K.P.ආරියරත්න මහතාගේ පොතෙන් උපුටා ගත් කොටස මා ගුරුහරුකම් ලබා ගන්නා එක් ගුරුවරයකුගේ සටහනට එකතු වී තිබුනි. ඔහු එසේ කරන්නට හේතුව මා ගේ මතකය හැටියට සටහන් තැබීම මෙසේය.

" දරුවනේ මේ ලොකයේ බොහෝ උගතුන් සිටි ඔවුන් ලෝකයට යමක් කල අයවලුන්ය.ඔහුන් තමන් ගේ ජිවිත ය සබවින්ම දිනු අයයි.මාරි කියුරි මේ විද්‍යාඥාන් අතරින් හමුවන එකම කාන්තාවයි ඇය පිච්බ්ලෙන්ඩ් ටොන් එකකින් අවුරුදු 4 ගත කොට රේඩියම් ක්ලෝරයිඩ් 0.1g ලබා ගත්තා ය එය ලොකයේ ලොකු පෙරලියකට හෙතුවිය.පිච්බ්ලෙන්ඩ් ටොන් 1ක් මේ පන්තියේ සිටින පිරිමි දරුවනේ පිරිම්යකු වන ඔබට වත් මෙතරම් ලොකු අධිෂ්ඨාන ශක්තියක් ඇති කර ගත හැකිද? ටොන් 1 හා 1g අතර වෙනස ඔබට හිතා ගත හැකි නේද.දරුවනේ ජීවිතය දිනන්නට ක්‍රම 3 කින් හකිය.එය කලයක් ගතවන වැඩකි.කාලය ගත වූවද ජීවිතය දිනන්නට ඇත්තේ එම ක්‍රමය පමණි.කෙටි ක්‍රම ද ඇත නමුත් එය තාවකාලිකය.එම ක්‍රම නම්

01.තම අරමුණට ඇති අචල භක්තිය

02.නොසැලෙන ධෛර්ය

03.හා කපවීම මෙම කරුනු තුනයි."

මෙය ඔබත් මදක් සිතන්න.මෙය ඔබ දන්නා කරුණු 3 විය හැකිය. නමුත සිතන්න දැන් මම.. ඔව් ඔබ කරන දෙය බේ යහපත් අරමුණ ද,ඔබට ඔබවම අමතක වෙලාද, මෙ ලොකයෙ මන් සිතන පරදි 1කරුණක් සැමදා සත්‍යක් වේ.එනම් "තමා හිසට තම අතමය හෙවනැල්ල".

ආ මගෙ ගුරුතුමාගේ කවුද කියන්න අමතක උනා නේ ඔහු නමින් අමිල සේනාධීර වැඩි විස්ථර. www.slchemistry.com ට ගිහිල්ලා බලන්න.මේ අදහස ගැන ඔයටත් මොනවා හරි කියන්න තියනවා නම් මට comment කරන්න

Read More

Saturday, June 5, 2010


කිරි කලයට ගොම බින්දුවක් වටී ඇත.--කිරි කලයට ගොම බින්දුවක් වටී ඇත


මා රූපවාහිනී ලෝලියකු නොවෙමි.නමුදු මා 2010-05-23 ඉ රු දින රාත්‍රි ප.ව. 9.00 ට පමණ රූපවහිනිය අසල හිදගත්තේ දවසේ වෙහෙස නිවා ගැනිමටයි.එදින මා නෙත ගැටුන රූපවහිනි නාලිකාව සිරස TV නාලිකාවයි. නව ගායන අභිෂේකයේ මෞලි මංගලය SIRASA Superstar Seson 3 අවසන් වුවද එදින එහි පසු සටහන් පෙලක් විකාශනය විය.
මට මා අදහාගත නොහකි විට මා වෙසන සමජය..........ශ්‍රි ලංකිය සමාජය
එම පසු සටහන් පෙල තුලින් නරඹන්නන්ගේ රසාස්වාදය ඉලක්ක කොට පෙල ගැසුවද නතහොත් දුර්වල මිනිසුන් ගේ දුර්වලතා තවත් ඉස්මතුකොට ඉදිරිපත් කලේද මේ කුමක් වුවද කලාව සදහා ලංකීය සමාජය තුල තම ජීවිතය වුවද කැප කිරීමට කැමති ප්‍රේක්ෂකන් කාලාකාමීන් පිරිසක් සිටින බැව් දැන ගත්තේමි.
අදහාගත නොහැකි කරුණ නම් වැඩිහිටියන් කුඩා දරුවන් ලෙස හැසිරීම ඔවුන් ගේ පෞරුෂයට කුමක් වියද, මෙයට හේතුව කුමක් ද එය මා හට නොවහැටේද? නත හොත් හෙතූන් ලෙස මෙසේ කිව හැකිය.
1. තමාගේ අරමුණ
2. හැකියාව
3. ආදර විරහාව
4. නැත හොත් තමාගේ මානසිකත්වයද
මා හට එය තවදුරටත් විස්තර කිරීමට තරම් වචන ගබඩාවක් උරුම වී නැත.වඩිහිටියන් වන මොවුන් මෙලස හැසිරෙන්නේ මන්ද?? පිළිතුරක් හිතා ගත නොහැක.
සිරස මාධ්ය ජාලයේ මෙම ප්‍රාසාංගික කටයුත්ත අගයකොට සලකමි.නමුත් මෙය ලාංකිය සමජයේ වැඩිහිටියාගේ හැසිරීම මෙබදුද, එය ලොකයා වෙත හඩගා කීමක් ද,තරුණයන්ට නම් තරුණකම කියාවත් කිව හැක එසේ කීමට ඔවුන් එසේ කටයුතු නොකරති. නමුදු මේ දරු මල්ලන් සිටිනා මාපියන් නොවේද මොවුන්ට කුමක් කියන්නටද????
මා මෙයින් කලකිරිමට හා දුකට පත් වුනෙමි.වේලාව නොසිතා මේ සටහන තබන්නේ ඒ හෙයිනි.

Read More

Saturday, May 29, 2010

ලාබ ප්රසිද්ධිය


අපේ රටේ දැන් අලුත් උළෙල වර්ගයක් තිබේ.ඒ වෙබ් අඩවි විවෞත කිරීමේ උළෙල ය.නොයෙක් සිල්ලර කඩපිල් පවත්වා ගෙන යන්නන්ගේ පටන් නළු-නිළියන් හරහා රටේ දේශපනඥයන් දක්වා අය පෞද්ගලික වෙබ් අඩවි සාදා ගෙන සිටිති.මේ වෙබ් අඩවි විවෞත කිරීම ගැන ඡායාරෑප සහිත ලියවිලි සමහර පත්තර පල කරන්නේ හරියට සම්මානයක් ලැබූ විට දෙන ප්රසිද්ධිය ඊට දෙමිනි.තමන්ගේ නමට වෙබ් අඩවි විවෞත කරගන්නා බොහෝ දෙනකු ගෙදර ආ පසු ඒ දෙස හැරී බලන්නේ වත් නැත.ඒ බව පෙනෙන්නේ මේ වෙබ් ලිපිනය බලා බෙබ් අඩවියට පිවිසෙන්නටය.ඔනට දැනෙනේ හරියට අතහැර දමා ගිය නිවසකට ගියවිට දැනෙන හැගීමකි. අයිතිකාරයා කාලයකින්ම මෙහි විත් නැත.
පෞද්ගලික වෙබ් අඩවියක් ප්රකාශයට පත් කිරීමෙන් පොදුවේ ලොකයා බලපොරොත්තු වෙන්න්නේ තමගේ වැඩ-කටයුතු ගැන සෙසූ ලෝකයා සමග සංවාදයකට යාමය.තම් අදස් උදහස් ගැන, වැඩ-කටයුතු ගැන අනෙක් අයට මත පළ කරන්නට එහි දි ඉඩ කඩ තිබේ වෙබ් අඩවියක් ප්රකාශයට පත් කරන්නකුගේ මූලික අරමුණ වැඩි සෙනගක් ඒ වෙත ගෙන්වා ගනීමටය.එහෙත් අපේ රටේ උපන් වෙබ් අඩවි වලට අඩුම තරමින් අයිතිකරුවාවත් නොයන සෙයකි.
මේ කැත ගතිය ; පෞද්ගලික වෙබ් අඩවි නොවුවත් ආණ්ඩුවේ වෙබ් අඩවි වලත් හොද්ටම පෙනෙන්නට තිබේ.මැති-ඇමති වරු උත්සවශ්රියෙන් විවෞත කරන මේ වෙබ් අඩවි වල අඩුම තරමින් ඒ උත්සවයේ ඡායාරෑපයක් වත් නැති තැන් තිබේ.
ආණ්ඩුවේ නිල වෙබ් අඩවි වලින් තොරතුරු ගෙන මේ රට ගැන විස්ථර වාර්ථාවක් හැදුවොත් මෙරට මැති-ඇමති නිලධාරි මඩුල්ල අද සිටින අය නොවේ.අතලොස්සක් වෙබ් අඩවි වල හරිහමන් තොරතුරු තිබෙන නිසා මේ තොරතුරුවලින් උපදින්නෝ මේ රටේ කවදවත් එක්ව සිටින අය නොවෙති.එදා-මෙදා අය කලවම් වු අමුතු අච්චාරුවකි.
වෙබ් අඩවියක් දියත් කිරිමෙන් බලපොරොත්තු වන අභිලාෂ වෙත යන්නට නම් ඒ වෙත එන යන සෙනකගේ විශ්වාසය දිනා ගත යුතු බව කවුරුත් දනිති.තොරතුරු වල නිවරදි බව පිළිබද සහතිකයක් පමණක් ඊට ප්රමානවත් නැත.නිති පතා එම තොරතුරු අලුත් කිරීමද විය යුත්තේය.
වෙබ් අඩ්වියක් ප්රණවත්ව තබා ගනීම කීයක් හෝ වියදම් කොට වෙබ් අඩවියක් දියත් කිරිම තරම් ලෙහෙසි පහසු නැත.ඒ කෙරෙහි විශ්වාසය ඊටත් වඩා අමාරුය.ලොකයේ නොයෙක් තැනින් එළි දකින වෙබ් අඩවි පවත්ව ගෙන යන්නෝ නිතරම මේ අමරුඅ සමග ජීවත් වෙති.ඔවුන් ඒ වෙබ් අඩවිය දියත් කිරීමෙන් බලපොරොත්තු වන ඉලක්කය වෙත යන්නේ ඒ නිසාය.
මේ ගැන කතා කරමින් සිටින මගේ මිතුරෙකු කිවේ,අපේ රටේ වෙබ් අඩවි සාදන්නන්ද ඉතා සාර්ථකව තම අරමුන කරා යන බවය.ඒ කෙසේ දැයි මා විමතියෙන් ඇසූ මට හේ පැහැදිලි කිරීම දුන්නේය. එහි ශිලාචාර ලිවිම මේසේය.
අපේ රටේ ලාබ ප්රසිද්ධිය සොයති නළු-නිළියොත් දේශපනඥයොත් ඒ අයට උල් පන්දම් දෙන ආණ්ඩුවේ සේවකයොත් සිතන්නේ ඒ ලාබ ප්රසිද්ධිය ගැනය.මොනවා හෝ වැල් වටාරම් ටිකක් එක් කොට ,කොහේ හෝ සිටින කෙනකුට කියා වෙබ් අඩවියක් අටවා ගන්නා ඔවුහු එය උත්සවත්ශ්රියෙන් විවෞත කරති.දැන් පත්තර-රූපවාහිනී වල මෙය පෙන්වති.එය ලාබ ප්රසිද්ධියකි.එම ලාබ ප්රසිද්ධිය ලැබුවාට පසු නැවත ආපසු එය දෙස හැරී බලන්නේ වත් නැත.වෙබ් ඉඩ කුලියට ගත් කාලය අවසන් වන තෙක් එය ඔහේ තිබේ.උළෙලක් අවසන් වු විට මහමග යන්නකු ගේ ඇගේ හැපෙන තොරන කැබලි මෙන් අන්තර්-ජාලයේ 'ඇවිදින්නකුගේ' ඇගේ එල්ලෙන්නේද මේ කැළි කසළය.
Read More

Monday, May 10, 2010


හිරු නිවි තරු නිවි දුක් විදිනා තනිකම
කාත් කවුරුත් නැති වෙලාවේ
ඔබම මිස කවුරුද මාගේ ගිනිගත් හිතට
සිසිලසක් සැනසුමක් ගෙනාවේ

කවියකට පද හදන හුදකලාවම විටක
දරුණු වී රුදුරු ලෙස දැනෙන්නේ
එවිට ඔබ පමනක්ය සෙවෙනල්ල ලෙස පැමිණ
මගේ ලග තුරුලෙහිම ‍රැදෙන්නේ

කදුලකට ගතු කියන හුදකලවම විටක
ජීවිතය දුකක් සේ පෙරලෙන්නේ
ඔබ සමග සිනසී ආදරයෙන්ය
මරණයට දොර කවුලු වහෙන්නේ

අමතක කර නොහකි මතකයන් තවම
දැවේ සිත කදුළු චිතකයේ
මොනව කරන්නද හිතාගන්න බෑ
ඔබෙන් තොර ලොවක් නත මෙදියතේ

පිච්ච මල් වැටෙන සුවද ගලන විට
හිතට දනෙන්නෙම ඔබේ සුවද මට
හොරහින් හිතට විත් ඔබ සිනැහෙන විට
තනි මට සිදු වන්නෙ වැල පෙන්නට

වල යහන යට හද හැන්ගෙන විට
හිතට හිතෙයි ඔබ තුරුලට එන්නට
එනමුදු ඔබ හමු වී දොඩ මළු වෙන්නට
ඉරණම ඉඩ දී නෑ අපි දෙදනට

පැය ගන්නන් ඔබ දෙස බලා
එන්නට මට ඇසපිය නොහෙලා
එන්න දවසක් මා බලන්නට
නෙත් අගින් බැල්මක් හෙළා

හිනා වෙන ඇස් කතා කල හැටි
බල්මකින් ආදරය කී හැටි
මතක් වෙනකොට ඉන්නට බෑ මට
දුක දාරගෙන හිතින් මෙ හැටි

සද ගිමන් නිවා සුදු වලකුලක වැතිරී
දුක් කවක් කියනවා ආදරය නොනිමි
ඒ සදට වඩා තනි තරුවක් ගැන දනිමි
ඒ තරුව මමයි , නිති නුබටම තනි රකිමි

සද වගේ ඇවිත් රෑ පිනි පලසෙයි පිපුන
නුබ පිච්ච මලයි මට සසර පුරා බැදුන
දුර තනිව හිදින මට සුවද සදා සුමුදු
මතු බවේත් නුබ මගෙම වෙලා හිදිනු


ගිලිහිලා ආදරයේ මුතු පොට
හතර දෙස විසිරුනා මුතුඇට
එක්කරන්නට වෙහෙස වන විට
නති වෙලා මුතු පොටේ මු‍ටු ඇට


ජිවිතයේ අපමණක් දුක් විද
තබගෙන සෙනහසෙන් කුස තුල
මුතු රකින්නේ කෙලස බෙල්ලෙක්
එලස ‍රැක ආදරයේ මුතු පොට

පාවෙලා යන නමුදු එවතට
දිය කරන්නට නොහැක කදුලකට
කෙලස හෝ යලි සොයා මුතු ටික
හදා ගන්නම් මාගේ මුතු පොට

ඔබ ඇවිල්ලා මා බල්න්නට
මාගේ වැලපෙන හිත හදන්නට
කදුළු මග හැර සිනා සෙන්නට
ඉති මට පුලුවන්
නුදු‍ටු දුක අමතක කරන්නට
ඉතිං මට පුලුවන්

දු‍ටු සැනින් ආදරය සිතුනා
හිතේ නොපිපිනු පියුම් පිපුනා
උදේ රෑ ඔබේ රුව දකිනු මිස
වෙනත් සුවයක් නැතැයි හැගුනා

ඔබේ දුක මට ගොඩක් දනුනා
මහිත ඔබට වඩා රිදුනා
ආදරය යනු පිදීමක් මිස
ලබ ගැනුමක් නොවෙයි හැගුනා

මා ගේ මුලු ජීවිතයයි, හිත පුරා තියන ආදරයි මම ඔයට පුදලා ඉවරයි මගේ
_ _ _ _ _ _ සදා කාලිකවම ඒ දෙවල් අයිති ඔයාට විතරයි.ඔයටම විතරයි.ඔයටම විතරයි.
.......
Read More

Saturday, April 24, 2010


අදරය..................මොක්ද මේ ආදරය, එයට නම් අරුත් බොහෝමයකි අදහස් බොහෝමයකි."හරි සුන්දර දෙයක්" "ලෝකයේ පැවැත්ම ආදරයි" "උතුම් පරිතයාගයක්" මේ හැම දෙයක්ම කියන්නේ ආදරය ගැනයි.එහෙනම් මන් කියන්න ද මට දෑනෙන විදියට ආදර කථාව
දරුවෙකු නමති තරකාව මෙලොකයට පයා එන්නේ මනුෂත් වයේ පතා එන උතුම් අදරයකිනි.එත් ආදරය ....... ඔව් ඒ තාරකාව එදා සිට මව පියා නමති උතුම් මනුෂත්වයේ අදරය ජීවත් වේ.දැන් එම තාරකාව හදවතට කතා කරයි.ගහකොල පරිසරය පවුල සමජය ඔහුගේ හෝ ඇයගේ ආදරයේ පරදීසය වේ. මේ පාරාදීසය ආදරය එම තාරකාවේ ජීවිත ගමනත් සමග තීරනය කරාවි. මව පියා,තමාගේ පුවුල,තම පෙම්වතා පෙම්වතිය දු දරුවන් මෙකි නිකි සෑම දෙනාම තම ආදරය එකිනෙකාට දක්වාවි.
මේ රට ලෝකය මේ විෂ්වයේ කොහේ හෝ ජිවයක් පවතීනම් එතන ආදරයක් පවතිවි.ඒ ආදරය කිසි විටක එක සමාන එක සේ සොදුරු නොවේවි.හිරු මෙන් උණුසුමත් සදු මෙන් සිසිලත් විෂ්වයේ කොහේ හෝ තනක සගවි හෝ සැමට පෙනෙන්නට තියේවි.මන් ද හිරු ගේ උණුසුම සදුගේ සිසිල අපට දැනෙයි.මේ විෂ්වයේ වෙන කොහේ හෝ පවතින ජිවයක් ඇත්නම් ඔවුනට ඒ උණුසුම සිසිල නොදනේ ඔවුනට දනෙන්නේ වෙනත් උණුසුමකි සිසිලකි.
"ආදරයද මෙසේය සොදුරුය ,සෞම්යය එකිනෙකාට දනෙන ,පුදන අකරය වෙනස්ය..........එත් එහි හිමි කරුවා එකකු නොවේ.ඒ අදරයෙ හිමිකාර ජිවය මෙ විෂ්වයේ කොහේ හෝ රැදි සිටිවි.එය අපට හිමිනම් කවදා හෝ ලැ බේවි නතහොත් ...නොලබී යවි ඔබ මම අදරය කරන්නේනම් ..කවදා හෝ හිමි වෙවි ඒ ආදරයට හිමිකරුවා ඔබ හෝ මම නොවේවි නම් එයට හිම් කරුවා එ අදරය ලබෙන තුරු මේ විෂ්වයේ කොහෙටවි හරි හිද උරුමය පතාවි"
අරුත් බොහොමයකි විස්ථර කතන බොහොමයකි .ලෝකය වෙනස් වේ ආදරයේ අරුත වෙනස් වන යුගයකි.එහි අරුත වෙනස් වන යුගයකි.ඔබේ සිතත් මේ ගැන විමසවි.සැබෑ ආදරය ද සොයන්නේ ! ඒ සෙනහ්ස් ගගුලකි එහි මවත වෙනස් කරමු නැහැ කලහැක්කක් කලමු.අපි මනුෂයන් වෙමු.ආදරය කරන්න. හදවතට කතා කරන්නන්.කතා කරන්නේ "ආදරය"
මොකද හිතෙන් නේ.... කලහැක්කක් සිතනවද.කියන්නකෝ"Comments" වලින්
Read More

Thursday, April 22, 2010


අඳුරෙහි අස්ලොම විදිනා වරදී
විදුලිය පැහැ වැර දුනහොත් වරදී
විදුලිය වන් මේ කය ලත් වරදී
සිදු නොකළොත් පින් සගමොක් වරදී
Read More

Tuesday, April 20, 2010

ඔබ ගේ ජිවිත ඉලක්කය


දැන් අළුත් අවුරුද්දක් ආරම්භ වි ඇත දන් අප ලග නැවුම් සිතුම් ගොඩකි ඒ සිතිවිලි ගොන්නට මගෙන් සුභපැතුම්.
නව ත්ම prතිබිම්බයක් නිර්මාණය වන පරිදි අධ්යාත්මය වෙන් කොට බැහැරට ගෙන එය යළි එකට එක් කිරීමේ කs%යාවලියෙහි යෙදී සිට ඇති බැවින් මම මේ අයුරින් අධිෂ්ඨාන කැරගනිමි.

*නිෂේධනය සේ පෙනෙන සියලු තත්වයන් හමුවෙයි මම ශුභවාදි හ m%තිජනනනාත්මක මානසික ආකල්පයක් අතිකර ගනිමි.
*මා තුළ පවතින බිය හා කනස්සල්ල බැහැර කොට එතනට ධෙර්රය හා භක්තිය ආදේශ කැරගනිමි.කවර බධකයකට වුවත් අතීතයේ දි කරන්නට හැකි වු පරිදි ම අවුල් කරන්නට මම අවකාශ නො තබමි.
*යහපත් දේවල් සිදුවෙතියි යන චිත්තරැපය ඇති කරගෙන හැම උද්්යෝගිමත් m%යත්නයක්ම ඒ දෙසට යොමු කරමි.
*මා මගේ චිත්තවේගය දමනය කරන විට, ම තුල පවතින දෙවියන් වහන්සේ බදු ශක්තියක් මට මාර්ගදේශකත්වය ලබා දෙන බවත් මා අරක්ෂා කැරගන්නා බවත් මා දනිමි.
*ජිවිතයේ බාදකයන් හා අවහිර කම් ජයගනු පිණිස අනෙක් අය කර් තිබෙන දෙයත්, කරමින් සිටින දෙයත්, කරන්නට මටත් හැකිබව මම දනිමි.
*ම දිනපතා පිළිපදිමින් සිටින නිවැරදි චින්තනයේ නියමනයට අනුකූල ව ජීවත් වන විට සන්තුෂ්ටිය,වසනාව,සෞඛය වැනි මා පතන ජිවිතයේ සියලු යහපත් දේ යථා කාලයේ දී මා කරා එතියි යන භක්තිය මා සතු ව පවති.
*මට එරෙහිව පැවති බාධක ආදිය කවර තරම් විශාල වුවත් ඉච්ජාභංගයට හා කලකිරිම්වලට මා කවර විටක වත් නතු නොවන බව මම දැන් නොවළහා m%කාශ කරමි.
*එක් එක් දිනට මුහුණ පැමට ඇති ශක්තිය ගැනත් මගේ සවද්ය m%තිබිම්මයන් හා හැගිම් අබිබවා මා ලබන සුළු සුළු ජයග්රහණ එක එකක් ගැනත් මම කෘතඥ වෙමි.මා කෙරෙහිත් මා තුළ පැවති දෙවියන් වහන්සේ බදු ශක්තිය කෙරෙහිත් භක්තිය ඇති කැරගෙන සිටින බැවින් මාගේ අනාගතය ගැන මා තුළ ඒකාන්ත විශ්වාසයක් පවතින බව මම දැන් m%කාශ කරමි.

ජිවිතය ජිවත් ව තබාගත යුත්තක් බවත් එය ජිවත් ව තබාගන්නා මා බවත් මම දනිමි.එහෙත් සිදු වන දෙයින් මා උපරිම ඵල නෙළාගත හොත් මිස මගේ ජිවිතය සාර්ථකව ජිවත් කැරවන්නට නො පිළිවන් බවත් මම දනිමි.


අද පටන් ඉදිරියට හැම දිනකම මෙය මගේ ජිවිත ඉලක්කයයි;අභිමතථයයි.
Read More

Saturday, April 10, 2010



නිදහස් රටක පළමු සුර්ය මංගල්ය සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත සෞභාය්යමත් නව වසරකට සුභාසිරි. .සුභ අලුත් අවුරුද්දක් වේවා!



නිදහස් රටක පළමු සුර්ය මංගල්ය
2010 වර්ෂය මේ පුංචි සිරිලකට හිරැ උදාවන්නේ වෙනත් වර්ෂ වලදී මෙන් නොව නිදහස් ලක් වසියාගේ මුව අග රැදි සිනහවත් සමගය.උදා වු 2010 සැම පුරවැසියකුටම දවසින් දවස විෂේශ දවසක් කරමින.අවුරුදු ගනනාවකින් මෙවර 2010-04-14 උදාවී තිබේ. මේ වර්ෂයේ මෙම දිනය වෙනත් වර්ෂය වලදි මෙන් නොව සිංහල හින්දු සහෝදරයන්ට එකට එක්ව අවුරුදු කෑ හැක.
නිදහස් රටක පළමු සුර්ය මංගල්ය සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත සෞභාය්යමත් නව වසරකට සුභාසිරි මෙම පොඩි සටහනෙන් ඔබට ගෙන එමි. .සුභ අලුත් අවුරුද්දක් වේවා!
Read More

Emotions නිහඩ වෙයි

Emotions නිහඩ වෙයි
මොකක් ද මේ Emotions ???? www.Emotions.lk
වෙනදා මෙන් ම සුපුරුදු පරිදි Emotions වෙත නැගුවේ රවී අයියා හෝ පාලිත අයියා මුණ ගැසී කතා බහ කොට හවස් වරුව ගත කිරීම අදහසිනි.එදා Emotions ආයතනය දොරගුලු ලා තිබුණි. ගෙදර පාලිත අයියාගේ මව සිටියාය.ඇය "මම මෙක වැහුවා පුතා.වැඩැක් නැහැ තම මෙකේ වැඩට හොද කෙනෙක් හම්බ උනේ නහැ.කවදා හරි පුතා ආව වෙලාවක මේක අරී සමහර විට පුතා අය මෙහේ එන් නති වෙයි මොකද එයා දන් කරන රස්සාවෙන් ගොඩක් ඉස්සරහට යයි" . Emotions නිහඩ වීම අපහට ලොකු පඩුවකි මොකද එය වැඩක් කල අයතනයක් නිසවෙනි.ගොඩවෙන්න ඔබටත් තේරේවි www.Emotions.lk
Read More

Wednesday, April 7, 2010

ලගදී කල පින් අතේ වැඩක්


මා තෙල්දෙණිය බාලදක්ෂ සමුහයේ ජේෂ්ඨ බාලදක්ෂයෙකි.මෙම වසරේ දී අප සමුහයේ සහෝදර බාලදක්ෂයන් හය දෙනකු පමණ තම බාලදක්ෂ ජීවිතයේ සුවර්ණම අවස්ථාවක් වන ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනා ගනිමට සුදුසුකම් ලබා සිටි.මාද ඉන් එක් අයකු බැව් සටහන් තබන්නේ ඉතා සතුටිනි. ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනා ගැනිමට අවෂ්ය වන සුදුසුකමක් ලෙස සමජ සේවය සදහා මා එක් සහෝදරයෙක් තෝරාගෙන තිබුනේ "රබුක්වල්ල රජමහා විහරය" නවත පිලිසකර කොට පින්තාරු කිරිමයි.මෙම කාර්ය සදහා විෂය නිර්දේෂයේ සදහන් පරදි යොදා ගත යුත්තේ පැය 70 කි.එහෙත් අප හය දෙනා මෙම කර්යය අප්රේල් මස 2,3,4 යන තෙදින සැම දිනම පෙ.ව.8.00 සිට ප.ව. 7.30 දක්වා වැඩකොට ඉතා සාර්ථක ලෙස නිම කලේය. පන්සලේ වලාකුළු බැම්ම,බෝධි ප්රාකරය ,චෛත්ය 4 වන දින නව ආලෝකයක් පන්සලට ගෙන ආවේ අපේ සිත් වලට දරා ගත නොහකි සටුතුටක් එක් කරමිනය.එක් අයකුට එක බගින් තවත් සමජ සේවා පහක් ඉතිරිව ඇත.මෙස් මහා කුසල කර්ම සමජ සේවා ම හමු වේවායි අපගේ ප්රා ර්ථනාවයි.
Read More

ආරම්භය

මගේ අදහස මේ blog එක මගේ ගලාගෙන යන ජීවිතය නැමති ගංගාවේ අනාගතය සමාජයේ මගේ දැක්ම මගේ අදහස් ඔබත් එක්ක බෙදාගන්න. ඔබ දැන් මොකක් ද කරන්නේ, ඔබ දන් මගේ අදහස් blog සටහන් කියවන්නයි සුදානම් වෙන්නේ.මගේ අදහස් කියවන ඔබ සැමට එකටම මන් ස්තූති කරනවා. ඔබ ගැන ඔබේ තක්සේරුව කොහොමද? මන් නම් මන් ගැන ලොකු විස්වාසයකින් මගේ ජීවිතය ගෙවන්නේ එත් තමන් ගැනතමන්ම තක්සේරු කරගෙන ජීවත් වෙන එකේ අගය වැඩි වෙන්නේ වැඩිහිටි අවවාදත් එක්ක කියලා මන් හිතන්නේ.මේ blog සටහන් ලියන මන් තාම අවුරුදු 16 ක කොල්ලෙක්. එත් මේ blog කියවන ඔයා සමාජය මට වඩා පුලුල්ව දකින කෙනෙක් වෙන්න පුලුවන් ඔයගේ ඒ අදහස් මට කියන්න මේ මගේ e-mail ලිපිනය maheshdase@gmail.com ඔයට හිතුනොත් මට ලියන්න. මේ blog එක කියවන ඔයලා අහලා තියනවා නේද"උත්සහය,කැපවීම,අදිස්ඨානය තිබේ නම් ඕනැම අභියෝගයක් ජයගත හැකිය"මේ කතාව ඇත්ත මේ කියමන මගේ ජීවිතයේ ඔප්පු වෙලා තියනවා මොකද මගෙ ජීවීතේ මන් ගොඩක් දේවල් ඉගනගත්තේ තනියම නිසා මා මෙතෙක් කාලයක් පරිගණක පාඨමාලාවකට කියා හදාරා ඇත්තේ Microsoft Office පාඨමාලාවක් පමණි. එත් ඒ මා 6 වසරේ ඉගනුම ලබන විටය එවිට මා මේ විෂයේම මා තනියම උගත කොටස ඔබට හිතා ගත හැකිය. මේ නිසා හැම විටම ඔබගේ දෛවය යහපත් ලෙස වෙනස් කර ගැනීමට උත්සහ කරන්න. එය කල හක්කේ ද ඔබට පමණි. මා ජිවිතය ගෙවා ඇති කෙටි කළට මා අතින් ද සුලු වරදීම් සිදු වී ඇත ඒත් එම මග හැරීම් නිසා ම හට සිදු වු පඩුව නැවත සකසා ගත නොහක. එම නිසා අපේ ජිවිත හැම විටම ගත කල යුත්තේ මනා සිහියකින් යුක්තවය.අප ජීවීතයේ බැදීම් ගොඩාක් සමග ජිවත් වේ එත් අපේ ජිවිත ඉතා නිදහස් නිස්කලංක වුවේ නම් සමාජය මීට වඩා බොහෝසේ වෙනස් වීමට ඉඩ තිබුණි.
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya